Episode 54

524 88 0
                                    

Ep(54)
-"හා හා... හරි හිනා... කවුද අනේ මෙයාට එන්නයි කිව්වේ... aish.....!! මේ එන්න එන්න මායි JK යි බොහොම මහන්සි වෙලා මේ treat එක ලෑස්ති කරේ අපි ගිහින් කලා බීලා මේක celebrate කරමු." mira එසේ පවසමින් අපි සියලු දෙනාව කෑම මේසය ලගට එක්කන් ගියේය. ඉටිපන්දම් පත්තු කර ලස්සනට සරසා තිබු මේසයේ ඉදගත් අපි සතර දෙනා ආගිය දේවල් කතා කරමින්,විහිළු තහළු කරමින් කෑම කෑවේය. -"හරි එහෙනම් මායි jimin නුයි දැන් යන්නම් දැන් පාන්දර 3ටත් කිට්ටුයි" -"ඔව් ඔයාලට වැඩත් ඇති නේද?" -"හෙට නම් practice ඇරුනම එහෙම කරන්න තරම් විශේෂ දෙයක් නැහැ නේ JK?" jimin ඇසු ප්‍රශ්නයට JK 'ඔව්' ලෙස ඔලුව වනමින් පළිතුරු දෙයි. -"අම්මෝ ලොකු දෙයක් එහෙනම් hwani මට හෙට දවසම free!! හෙට lectures නුත් නැහැ කිව්වා" -"අහ්... එහෙම වෙන්නේ කොහොමද? ඇයි miss mira ඔයාට මතක නැද්ද ඔයා වැඩ නැති දවසක ඇවිත් මගේ ගේ අස් කරන්න පොරොන්දු උනා... හෙට උදේ 8වෙද්දී ඇවිත් මට එක දුවිල්ලක් නැති වෙන්න ගේ clean කරලා දෙන්න" -"ehh!! jimin ඇයි අනේ ඔයා මේ mira ට කියලා ගේත් සුද්ද කරගන්න හදන්නේ?" Jk jimin ගෙන් ඇසුවේය. -"මෙහෙමනේ JK..." -"අනේ නැහැ JK ඒක මේ අපි දෙන්නගේ deal එකක්... ඒක ඔයාලට වැඩක් නැහැ... මන් හෙට එන්නම්කෝ jimin" jimin JK ට එසේ සිදු කිරීමට හේතුව පැවසීමට යන විට mira එයට හරස් වී පැවසුවේය. -"අප්පා... දැන් එහෙම ඒවත් තියේද හකෝ එහෙනම්" මම කින්ඩියට හිනාවක් දමමින් පැවසුවේය. -"හරි එහෙනම් අපි ගිහින් එන්නම්... bye!" -"bye!! පරිස්සමෙන් යන්න" -"JK,Jimin thank you so much අද ආවට මට කිසිදවසක අද දවසනම් අමතක වෙන්නේ නැහැ... පරිස්සමින් යන්න... bye!" -"okay bye!!" JK සහ jimin අපේ නිවසින් පිටත් විය. (next day morning) -"එයි Mira මේ මන් වැඩට යනවා එහෙනම්... ඔයා දැන් නැගිට්ට නම් හරි jimin 8ට විතර එන්නයි කිව්වනේ..." -"අය්යෝ දැන්ම නැගිටලා මොකටද අනේ තාම 6.30නේ... මන් 7ට විතර නැගිටින්නම්.. ඔයා යන්න... bye!!" Mira නිදි මරගාතේ hwani ට පවසයි. -"හරි එහෙනම් bye!" -"මම නිවසින් පිටත් උනේ phone එකෙන් JK ට 'Good morning' ලෙස msg එකක් දමමිනි. ඒත් සමග මන් උදේ වූ වෙලාවේ සිට බලාපොරොත්තුවෙන් සිටි දුරකථන ඇමතුම මට පැමිණියේය. ඒ වෙන කිසිවෙකුගෙන් නොවේ ශ්‍රී ලංකා වේ සිටින මගේ දෙමවුපියන් ගෙනි. අනිවාරෙන් birthday එකට ඔවුන් උදෙන්ම wish කරන්න මට කතාකරන බව මම දැන සිටියෙමි. call එක answer කෙරු මම වැඩට යමින් ගමන් ඔවුන් දෙදෙනා සමග කතා කරමින් ගියේය. සුබ පැතීමට අමතරව විශේෂ දෙයක් ඔවුන්ට මට පැවසීමට ඇති බව ඔවුන් පැවසුවේ මාව මදක් බියටද පත් කරමිනි.(මද වෙලාවකට පසු Mira ව එක පාරට ගැස්සි ඇහැරෙයි) -"aish!! නින්ද ගියානේ... වෙලාව කීයද දැන්... mmmm.. (Mira ඇස් දෙක පිහිදමමින් කාමරයේ ඔරලෝසුව දෙස බලයි) මොකක්!!!! 10යි!!! අපොයි දෙය්යනේ!!!" Mira ව එක පාරටම ඇදෙන් නැගිට්ටෙයි.

Our Destiny Where stories live. Discover now