Episode 59

506 94 0
                                    

Ep(59)
-"hwani.. I love you!!!" -"අහ්??" ඒ වචන ටික ඇසී විශ්මයට පත් මට කියවුනි. -"ඔව් hwani මන් ඔයාට ආදරෙයි!! ඒත් girlfriend කෙනෙක්... dating.. wife කෙනෙක්.. marriage life එකක්... වගේ දේවල් මේ වෙනකොට අපෙන් ගොඩක් ඈත් වෙලා තියෙන්නේ... මට ඕනේ වුනේ නැහැ ඔයාට බොරු බලාපොරොත්තු දෙන්න... ආදරේ බව ඇත්ත ඒත් මට බැහැ ඔයාට පොරොන්දු වෙන්න මන් මෙන්න මෙදාට ඔයත් එක්ක date එකකට එන්නම් කියලා.. මන් මෙන්න මෙදාට ඔයාව marry කරනනම් කියලා.. මන් කැමති වුනේ නැහැ ඔයාමන් වෙනුවෙන් බලාගෙන ඉන්නවා දකින්න... ඒකයි මන් ඔයාට ඒ proposal එකට කැමති වෙන්න කිව්වේ... මන් දැනන්හිටිය ඔයා මට ආදරෙයි කියලා.. ඒත් මෙච්චර මන් වෙනුවෙන් ආදරයක් ඔයාගේ හිතේ ඇති කියලා මන් කවදාවත් හිතුවේ නැහැ... hwani දැන්නම් මට බැහැ ඔයාට කියන්න කවදාවත් වෙන කෙනෙක්ව බදින්නයි කියලා.. මන් කොහොමද මේ ආදරේ නැති කරගන්නේ plzz!! hwani!!! මන් වෙනුවෙන් බලන්ඉන්න ... මේ හිටිය වගේ අපි ඉමු අපි දෙන්නගේ දවස එනකන්... මන් ඔයාට පොරොන්දු වෙනවා මාත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවයි කියලා..." මාව පිටුපසින් වැලදගෙන සිටි JK මගේ උරහිස උඩට ඔහුගේ   මුණ  තබා එසේ පැවසුවේය. මට ඒ අවස්තාව හීනයක් මෙන් දැනුනි. -"JK... මට කියන්න මන් මේ දකින්නේ හීනයක් නෙවේ කියලා... මන් අනිවාරෙන් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා මන් මැරෙන දවසක් වෙනකන් වුනත් මන් බලන් ඉන්නම්... මාව විශ්වාස කරන්න මන් අනිවාරෙන්ම ඉන්නවා!!" -"මට ඔයාව විශ්වාසයි hwani... ඒත්.. ඒක සමහරවිට ගොඩක් ආමාරු හැගීමක් වෙයි... මොකද මට බැරි වෙයි වෙන ආදරේ කරන අය වගේ ඔයත් එක්ක එහෙමෙහෙ යන්න.. පැය ගණන් call අරන් කතාකරන්න නිතරම msg කරන්න... sorry මෙහෙම කියන්න වෙනවට ඇත්තම කිව්වොත් මට මේ හැමදේටම වඩා මගේ group එකට වැඩ කරන එක මගේ fans ලා වෙනුවෙන් වැඩ කරන එක වැදගත්... මන් දන්නේ නැහැ ඒක ඔයාට තේරුම් ගන්න පුලුවන්වෙයිද කියලා.. ඒත්..." -"JK!! අමතක කරන්න එපා මාත් ඔයාගේ fan කෙනෙක් කියලා... ඉතින් ඔයා ඔයාගේ fans ලට මුල්තැන දෙනවා කියන්නේ කොහොමත් එතන මාත් ඉන්නවා කියන එක තමා.." (hwani ගේ උරහිස වටා යවා තිබු අත්දෙකෙ ගෙන ඔහු hwani ගේ උරහිස් වලින් අල්ලා ඇයව ඔහු දෙසට හරව ගනී) -"hwani!! අපිට  අපේ මේ බැදීම හැමෝටම කියන්න පුළුවන් දවසක් අනිවාරෙන්ම එයි... හැබැයි ඒක කොච්චර දුර වෙයිද ලග වෙයිද කියලා මට කියන්න බැහැ" -"අය්යෝ JK ඒ දවස කවදා ආපුවම මොකෝ අපි මේ හිටිය වගේ හොදට කතාබහා කරලා ඉමු... පොඩ්ඩක් ඉන්න JK!! මට තාම හරියට sure නැහැ මේක හීනයක් නෙවේ කියලා" -"මේක හීනයක් නෙවේ මැට්ටියේ!!!" හිනාවෙමින් JK එසේ පැවසුවේ ඔහුගේ අත් දෙකෙන් හුරතලේට මෙන් මගේ කම්මුල් මිරිකමින්ය. "hwani... sorry.. මට ආසයි තව ටිකක්වෙලා ඔයත් එක්ක මෙතන කතාකර කර ඉන්න ඒත් මට පොඩි වැඩ වගයක් තියෙනවා අපි යමුද?" -"JK!! it's okay!!" මමත් JK ත් ගොස් වාහනෙන් වාඩි විය JK වාහනයක් start කර යාමට සුදානම් වෙද්දී මට ඇමතුමක් පැමිණිය නමුත් මා එය answer නොකර මද වෙලාවක් සිටියේය.-"hwani ඇයි answer කරන්නේ නැත්තේ ඔය call එක?" -"call එක ගෙදරින් JK... එයාල අරක ගැන අහන්න කතා කරනවා ඇත්තේ..." -"ඉතින්... ඕක answer කරලා එයාලට කියන්න ඔයාට boyfriend කෙනෙක් ඉන්නවයි කියලා.. එයාව අදුරගන්න ඕනෙයි කිව්වොත් මට phone එක දෙන්න.. සරලයි නේ..."

Our Destiny Where stories live. Discover now