Episode 96

477 66 12
                                    



(දින දෙකකට පසු)

Hwani ගෙන් mira ට call එකක් එයි.

Hwani: hello mira මම ලංකාවට යන්න කියලා හෙට flight එක...
Mira: eh? මොකක්? ඒක කියපු හැටි හරියට බස් එකේ මීගමුවෙ ඉදන් කොලඹ යනවා කියනවා වගේ... මොකෝ මේ හදිස්සියෙ?
Hwani: හදිස්සියක් නෑ... මට පොඩි vacation එකක් හම්බුනා... ඉතින් අම්මලව බලන්න ගොඩක් කාලෙකින් ගියෙත් නැති නිසා ගිහින් එන්න හිතුවා...
Mira: ah එහෙමද... එහෙනම් අවුලක් නෑ... පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්...
Hwani: හරි bye... ඔයත් පරිස්සමෙන් ඉන්න එහෙනම්... දැන් aunty ට කොහොමද?
Mira: අවුලක් නෑ hwani මෙහෙම දිගටම බෙහෙත් කරන් ගියාම හොද කරන්න පුලුවන් වෙයි කිව්වා...
Hwani: එහෙනම් හොදයි...
Mira: ඔව්... Bye එහෙනම්...
Hwani: bye!

Hwani call එක cut කර හොද හුසමක් අරන් දැන් BTS ලා ඉන්න රටේ වෙලාව කීයද කියලා බලයි. 'තාම concert එක ඉවර වෙන්න තරම් වෙලාවක් නෑ... මම දැන් නිදාගන්න ඕනෙ උදේනෙ flight එක Jungkook ට එහෙම උනොත් ගියාට පස්සෙම කියනවා...' hwani එසේ සිතා phone එක පැත්තකින් තබයි.

(උදේ flight එකෙන් hwani ලංකාවට යයි.)

අවුරුද්දකින් විතර ගෙදර ආපු hwani අම්මලා තාත්තාලා එක්ක බොහොම සතුටින් ආගිය තොරතුරු කතා කරමින් ආහාර ගනී. ඇයට phone එකේ airplane mood එක off කිරීමට මතක් වෙන්නේ රෑ අම්මලත් එක්ක කතා කර අවසන් වී ඇදට ගිය විටයි. "අප්පටසිරි jungkook ට කිව්වෙත් නෑ තාම" hwani ඇයටම එසේ කියාගෙන jungkook ට call එකක් ගනී.

(phone call)
Hwani: Hi jungkookahhh
Jungkook: අහ්හ් නෝනා කොහෙද අත්‍රස්දාන් වෙලා හිටියෙ? Call කලාට phone වැඩ නෑ... මම
බයත් උනා...
Hwani: අනේ sorry jungkook... මට ඔයාට කියන්න බැරි උනා... බැරි උනා කියන්නෙ ඉතින් වෙලාවල් ප්‍රශ්නෙ නිසා ඔයාට call ගන්න බයයි ඒකයි කිව්වෙ නැත්තෙ... මේ... මම ලංකාවට ආවා පොඩි vacation එකකට වගේ අම්මලවත් බලලා යන්න කියලා...
Jungkook: මොකක්? හදිස්සියෙ?
Hwani: හදිස්සියෙ කියන්නෙ jungkook මට වැඩ කරන තැනින් නිවාඩුවක් හම්බුනා ඒකයි...
Jungkook: ahh... හරි හරි hwani මම තියනවා මට තව call එකක් එනවා...
Hwani: හරි bye!

hwani call එක cut කර කල්පනා කිරීමට ගනී. 'ඇත්තටම මම මෙහාට ආවෙ vacation එකක් නිසා නෙවේ කියලා මතක් උනාම... Sorry jungkook... ඒත් ඒ ඇත්ත ඔයා නොදැන ඉන්න එක හොදයි... මේ හැම දෙයක්ම ටික කාලෙකින් හරියයි' එසේ සිතමින් සිටියදීම ඇයට නින්ද යයි.

Our Destiny Where stories live. Discover now