Episode 74

474 99 0
                                    

Ep(74)
-"ඒ අවසාන වසනාවන්ත්යා වන්නේ sung namhi!!! අපගේ සුබ පැතුම්!!! කරුණාකර තෝරාගත් අය පමණක් මෙතන රැදී අනිත් අය යන්න." 'aish මෙච්චර වෙලා හිටියේ ඕකටනේ... අපරාදේ වෙලාව නාස්ති උනා විතරයි' Mira එසේ සිතමින් එතනින් යාමට ලැස්තිවෙයි. -"කවුරුත් යන්න එපා පොඩ්ඩක් ඉන්න!!" interview එක තිබු කාමරයේ සිට සේවකයෙකු එසේ කෑගසමින් එලියට පැමිණෙයි.(එම පැමිණි සේවකයා interview එක pass වුනු අයව පැවසු සේවකයාට කුමක් හො රහසින් පවසමින් කොලයක් ඔහුගේ අතට දෙයි) -"අ... ඇත්තටම සමාවෙන්න ඕනේ අපේ judge board එකේ අය එක judgement එකක් පොඩ්ඩක් වෙනස් කිරීමට තීරණයක් අරන් තියෙනවා... අවසානයට තෝරගත් sung namhi වෙනුවට ඔවුන් වෙන කෙනෙක්ව තෝරාගෙන තියෙනවා.." -"මොකක් කොහොමද එහෙම වෙන්නේ?" sung namhi කියන කෙනා එකපාරට කෑගසයි. -"මෙහෙමයි ඇත්තටම එයාල හොදට කතාබහ කරලා තමා මේ තීරණය අරගෙන තියෙන්නේ..." -"කවුද දැන් එතකොට ඒ වෙනුවට තෝරාගෙන තියෙන්නේ?" interview එකට පැමිණ සිටි අනිත් අය එම සේවකයාගෙන් ප්‍රශ්න කරයි. -"Kwon mira!!!" -"මොකක්??? මේ මම??" mira එකපාරටම කෑගසයි. (මේ අවස්ථාවේදී තෝරාගෙන නැවත අසමත් කෙරු sung namhi  mira සමග දැඩි කෝපයෙන් සිටියි) -"කෝ මෙහාට ගන්නවා ඔයාගේ file එක! මොකද්ද මට වඩා ඔයාට තියෙන විශේෂ සුදුසු කම කියලා බලන්න" sung namhi කෝපයෙන් mira ගේ අතේ තිබුණු file එක උදුරා ගනී. -"කෝ!! කෝ!! මොකද්ද ඔයාට මට වඩා තියෙන සුදුසු කම පෙන්නනවා මට" අඩමින් තරහින් මෙන් mira ගේ file එක පෙරලන sung namhi එසේ  mira ගේ ඇගට කඩාපනී. mira කිසිවක් නොපවසමින් සිදුවූ දෙ සිතාගැනීමට නොහැකිව බලා සිටියි. -"එයාට මේ job එක කරන්න තියෙන ලොකුම සුදුසුකම තියෙන්නේ ඔය file එකේ නෙවේ මගේ අතේ" interview එක තිබු room එකේ සිට එතනට පැමිණි jimin ඔහුගේ අතේ ඇති කොලයක් sung namhi දෙසට දිගු කරමින් එසේ පැවසුවේය. -"ohh!! jimin!!" -"ඒ jimin නේද?" -"ohh!!" එලෙස වටේ සිටි අනෙක් සියලු දෙනා පුදුම වී මේ දෙස බලාසිටියි. -"මොකද්ද මේ?" මෙච්චර වෙලා කෝපයෙන් කෑගගහ සිටි sung namhi හිමින් එසේ අසමින් ඒ කොලය අතට ගනී. -"කෝ ඔයාලග තියෙනවද කලින් වැඩකරපු තැනින් ගෙනාපු character certificate එකක් අහ්? ඔයාල දන්නවද ඔයාල ලග තියෙන degrees වලට වඩා අපි points දෙන්නේ කලින් වැඩකරපු තැන් වලින් ගෙනාපු character certificate තියෙන අයට මොකද මෙතන තියෙන්නේ පෑනෙන් ලිය ලිය විතරක් කරන job එකක් නෙවේ... ඔය තියෙන්නේ එයා කලින් වැඩ කරපු තැනින් දුන්න character certificate එක" jimin පවසයි. -"ඒත් sir මේක... ඔයා නේද sign කරලා තියෙන්නේ?" sung namhi ප්‍රශ්න කරයි. -"ඔව් මන් තමා sign කලේ... මොකද මෙයා කලින් වැඩ කලේ මගේ private driver විදිහට ඉතින් මෙයාගේ හිටපු බොස් විදිහට මටනේ අයිතිය තියෙන්නේ මෙයාගේ character certificate එක දෙන්න... ප්‍රශ්නයක් උනානම් උනේ මට ඕක ලියල දෙන්න පොඩ්ඩක් පරක්කු උනඑක තමා.. sorry Mira මට මේක කලින් ඔයාට දෙන්න බැරි උනාට!" එසේ පවසමින් jimin mira දෙස බලයි. mira මේක ඇත්තක් ද එහෙම නැත්තන් හීනයක් දැයි සිතාගැනීමට නොහැකිව jimin දෙස බලා සිටියි.

Our Destiny Where stories live. Discover now