Episode 24

570 108 0
                                    


හපොයි දෙවියනේ! මෙයා ආශ්‍රය කරන අයත් මෙහෙම mask දාගෙනද ඉන්නේ... Mira ට එසේ සිතුනේ hoodie එක ඇදසිටි පුද්ගලයාද mask එකක් දාගෙන සිටි නිසාය.

-"එන්න නගින්න"

බොස් ඇතුලත සිට දොර ඇර පැවසුවේය.

-"thank you hyung! මන් මේ යන්න කතා කරගන්නේ කාවද කියලා හිත හිත හිටියේ"

-"අහ්! ඒක මොකක්ද මන් කොහොමත් ඔයාව බලන්න එන ගමන් හිටියේ.. ඒක නෙවේ දැන් කොහොමද ඔයාට?"

-"දැන් හොදයි අවුලක් නැහැ"

(Mira මොවුන්ගේ කතාවට ඇහුම්කන් දෙමින් සිටි)

-"මේ ඒක නෙවේ මට ආරංචි උනා ඔයා ඊයෙ රෑ 8ට විතර හදිස්සියේම දොස්තරගෙන් අහල කොහෙද ගිහින් ආවයි කියලා"

-"අනේ ඔව් hyung මන් ඊයේ රෑ කෙනෙක්ට dinner එකට invite කලා.. මාව හදිස්සියේ hospital එකට admit කරපු නිසා මට යන්න බැරි වුනානේ... මන් treatment ඉවර උනගමන් ගිහින් බැලුව ඒක නිසා.. එයා ඇවිත් යන්න ඇති"

-"ඉතින් call එකක් දීල කියන්න එපැයි එන්න වෙන්නේ නැහැ කියලා"

-"එයාගේ number එකක් මන් ලග නෑ අනේ... hyung! පව් එයා ඇවිත් බලන් ඉදල යන්න ඇති... මට දැන් කොහොම හරි එයාව හම්බ වෙලා sorry කියන්න ඕනේ"

-"එයා කොහෙද ඉතින් ඉන්නේ"

-"අය්යෝ මන් දන්නේ නැහැ අප්පා!! ආ!!! hyung!! hyung!! අනේ මාව KBS එක ලගින් දාගෙන යන්නකෝ"

-"පිස්සුද අනේ තාම ticket කපුවා විතරයි.. ඇයි KBS එකට යන්නේ?"

-"මන් පස්සේ කියන්නම් hyung ඔයාට සිද්දිය"

-"අහ්.. හාකෝ.. Mira! එහෙනම් ඔය ඉස්සරහ KBS එක ලගින් නවත්තන්නකො"

-"හා sir!"

එසැනින් Mira ට මතක් වුයේ අද Hwani KBS එකේ වැඩට එන පළමු දිනය බවයි.Mira වාහනය KBS ආයතනය ඉදිරිපිට නවත්වා වාහනය තුල සිටි පුද්ගලයා බහින තුරු හොදින් වටපිට බලමින් Hwani සිටි දැයි බලයි.

-"එහෙනම් පරිස්සමින් යන්න"

-"හරි thanks hyung!"

-"හරි Mira අපි යමු" බොස් mira ට පැවසුවේය.

(Hwani's apartment )

රෑ එලි වනතුරු නොනිදා JK ගැන සිතමින් සිටි මන් උදේ 6ට විතර වැඩට යාමට ලෑස්ති වුයේ අද මගේ පලවෙනි දවස නිසාය. තිබූ ආසාව නිසා වේලපහම ගෙදරින් පිටත් විය. පොඩිකාලේ ඉදන් ආසකරපු විදිහට popular artist ලත් එක්ක දැන් මට programs කරන්න chance එක හම්බ වෙනවා.. omg!! මේක නම් මට හිතාගන්න බැරි සතුටුහිතෙන කාරණාවක් එත් මට ඒ අවස්ථාව උදාකරල දුන්න කෙනා අද hospital එකේ... මට අඩුම තරමේ ඔයාට කොහොමද කියලවත් අහන්න විදිහක් නැහැ..

මන් එසේ සිත සිතා KBS ආයතනයේ ඇතුලට ගමන් කිරීමට පටන් ගත්තේ දකුණු කකුල පෙරට තබාය. එලෙස ඉදිරියට යමින් සිටි මාව කාමාරක් තුල සිටි අයෙක් එකපාරටම ඇතුලට ඇදගත්තේය.ඒ ස්පර්ශය මට ඉතා හුරුපුරුදු ලෙස දැනුනි. මගේ දෙතොල් වලට ඇගිල්ල තබා "ශුශ්!! මේ මන්" යැයි පවසමින් ඔහු මුනේ දමා සිටි mask එක ගැලෙව්වේය.

Our Destiny Where stories live. Discover now