Episode 88

488 78 16
                                    



"Wtf!!!!!!!!!!! Jungkook මේක මම post කලේ නෑ" hwani එම post එක delete කිරීමට උත්සහ කරමින් පවසයි.
"ඔයා දැම්මෙ නැත්තන් වෙන කවුද ඕක ඔයාගෙ එකෙන් දාන්නෙ?"
" Jungkook!!! මට මේක delete කරන්නත් බෑ... Account එකවත් delete කරන්න බෑ... ඇයි මේ... මගෙ account එක hack කරලද???"
"මොකද hwani කෑගහන්නෙ මේ උදේ පාන්දර?" එහා ඇදේ සිටි mira එසේ අසමින් නැගිටියි.
" Mira!!!!! අනේ පොඩ්ඩක් බලන්නකො... මේ මගෙ insta එක කවුරු හරි hack කරලද කොහෙද..."
"මොකක්?" mira phone එක ගෙන බලයි.
"hwani  කලබල වෙන්න එපා... මෙහෙ cyber crime inform කරන්න number එකක් තියෙනවා... ඉන්නකො" jungkook පවසයි.
" jungkook මට තේරෙන්නෙ නෑ... මම මොනාද කරන්න ඕනෙ කියලා..."
" hwani මම ඔයාට call එකක් ගන්නම්... Bang pd sir ගෙන් call එකක්..." jungkook එසේ පවසා call එක cut කරයි.
" jungkook මොකද කියන්නෙ?"
" mira එයාට company එකෙන් බැනුම් අහන්න වෙයිද? දැන් Bang pd ගෙන් call එකක් කියලා තිබ්බෙ"
" එයා නම් එච්චර අවුලක් දාන එකක් නෑ... ඔයාට fans ලගෙන් බේරෙන්නෙ වෙයි... එහ් පොඩ්ඩක් ඉන්න... ඔයාගෙ account එක hack කලා කියමුකො කොහොමද ඔයාගෙයි JK ගෙයි photo එකක් හම්බුනේ එයාට? "
" එහ් බන් ඒ කියන්නෙ මගෙ phone එකම hack කරලද????"
"නෑ වෙන්න බෑ... එහෙම ලේසියෙන් iphone hack කරන්න බෑ බන්..."
" මොකද්ද මේ වෙන්නෙ... අනේ මට තේරෙන්නෙ නෑ..."
"එහ් hwani මෙන්න bighit එකෙන් announcement එකක් දාලා"

🔖  අද උදෑසන සිට social media වල පැතිරයන JK girl කෙනෙකු සමග ගත් selfie එක සම්බන්දව🔖

BTS ලට කැමති පුද්ගලයෙකු ඇසුරු කිරීමට සහ සබදතා පැවැත්වීමට අප ආයතනයෙන් ඕනෑම වෙලාවක අවසර ලබා දෙන බවත් එම රූපය එහි සිටින කාන්තාව ගේ account එක hack කිරීමක් හේතුවෙන් සමාජ ජාලා වලට මුදාහැර ඇති බවත් අපි නිවේදනය කරමු.
අප ආයතනයේ artist ලගේ පෞද්ගලිකත්වයට හානිවන පරිදි ක්‍රියා කිරීම හේතුවෙන් මේ ක්‍රියාවට සම්බන්දය අය සොයා වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙම රූපය තම පෞද්ගලික social media වල දමමින් JK ගේ සහ එහි සිටින girl ගේ ප්‍රතිරූපයට හානිවන සේ හැසිරෙන අය සම්බන්දවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බවත් දන්වා සිටිමු.
-Bighit entertainment-

" අන්න hwani company..."
" සිරාවට! මට දැන් පොඩි සහනයක් දැනෙනවා මොකද bighit legal action ගන්න නිසා ඕක දැන් එක එක්කෙනා post කරන්නෙත් නෑ..."
"ඔව් ප්‍රශ්නෙන් 10%ක් වගේ තමා ඒත් විසදුනේ... අපි හරියටම දැනගන්න ඕනෙ මේක කවුද කලේ කියලා"
" එහ් jungkook ට අද concert එකෙදි මේක නිසා ප්‍රශ්නයක් වෙයිද?"
"නෑ bighit එකේ security එක ඉන්නවනේ බය වෙන්න එපා..."
"මම කොහොමද බන් දැන් පාරෙ බැහැල යන්නෙ..." hwani එසේ mira සමග කතා කරන්නේ ඇයගේ phone එකෙන් whats app status බලමින්‍ ය.
"එහ් පොඩ්ඩක් මට ඔය status එක පෙන්නන්න" hwani බලමින් සිටි status එකේ යම් දෙයක් දුටු නිසා Mira hwani ගෙන් phone එක ඉල්ලයි.
"එහ්? මේ ඔයාගෙ status... ඔයා ඊයෙ concert එකේදී දාපු selfie video එක"
"ඔව් මම දන්නවා පොඩ්ඩක් දෙන්නකො" hwani ගෙ අතින් phone එක ගෙන Mira හොදින් එය බලයි.
මේ අවස්තාවේ ගෙදර බෙල් එක වදී. Hwani ගොස් දොර අරින අතර jungkook සමගින් කිසියම් පිරිසක් පැමිනෙයි.
" hwani මෙයාලා ඔයගෙනුයි mira ගෙන් නුයි ප්‍රශ්න ටිකක් අහයි ඇත්තම කියන්න" jungkook පවසයි.
hwani සහ mira ඔවුන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු දුන් පසු ඔවුන් ගෙදරින් පිට වෙයි. Jungkook ඔවුන් සමග නොයා hwani සමග සිටියි.
"Jungkook!!!!! Sorry..." එම පිරිස ගිය ගමන් hwani Jk ව බදාගෙන අඩන්නට ගනී.
" ඇයි ඔයා sorry කියන්නෙ? ඔයා මොනවා කරන්නද? අහ්... අඩන්න එපා..."
" අහ්ම්ම්ම්" Mira උගුර පාදන්නේ මමත් මෙතන ඉන්නවා කියා පවසමින් වගේය.
"අහ්හ් mira... එහ් hwani මේක mira කලා වෙන්න බැරිද?" jungkook හිනාව තද කරගෙන පවසයි.
" ඔව් මට ඔය දෙන්න ගැන ඊරිසියා නිසා මම ඒ වගේ වැඩක් කරන්නත් පුලුවන්" mira ප්‍රතිචාර දක්වයි.
"අනේ මේ විහිලු නෙවේ... අපි ඇත්තට හොයාගන්න ඕනෙ මේක කරපු එක්කෙනාව" hwani ඇවිත් sofa එකෙන් ඉදගනිමින් පවසයි.
"මේ ඔය දෙන්නා එහෙනම් පොඩ්ඩක් ඔහොම කතා කර කර ඉන්නකෝ... මම පොඩි වැඩකට එලියට ගිහින් එන්නම්... අහ්.. මේ jungkook මට පොඩ්ඩක් taehyung ගෙ number එක දෙන්න පුලුවන්ද?" "අහ්හ් දෙන්නම් දෙන්නම්" jungkook එසේ පවසමින් ඔහුගේ phone එකෙන් taehyung ගේ number එක mira ට share කරයි. Mira ගෙදරින් පිටත් වෙන්නේ taehyung ට call එක්ක් ගනිමිනි. Taehyung call එක answer කරන්නේ speaker phone දමමිනි. "hi taehyung... මම mira... මේ මට පොඩ්ඩක් දැනගන්න ඕනෙ... හැබැයි කාටවත් කියන්න එපා මම ඇහුවා කියලා... අර ඊයෙ jiminව හොයන් ආපු seoyoon කියන කෙල්ල කාගෙ කවුද මොකද්ද jimin එක්ක තියෙන සම්බන්දෙ කියලා..."
"අහ්හ් එයාද? ඇයි jimin ඔයාට කියලා නැද්ද? ඒ එයාලගෙ ගෙදරින් එයාට propose කරපු girl... එයා දැන් මාස ගානක් America වල හිටියෙ..."
"ඇත්තට?? Wtf... මට එයා එහෙම කෙනෙක් ගැන මීට කලින් කියලම නෑනෙ... හරි කමක් නෑ... Thank u taehyung... කාටවත් කියන්න එපා හොදේ මම මේක ඇහුවා කියලා... විශේෂයෙන් jimin ට කියන්න එපා"
"හරි හරි" taehyung එසේ පවසා call එක cut කරන්නේ ඔහුගේ එහාපැත්තේ ඉදගෙන සිටින jimin දිහා බලමින් හිනා වෙමිනි.
"එයා ඒ කලේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නෙ..." jimin හිනා වෙමින් පවසයි. "ඒක නම් ඇත්ත තමා... මේ ඒක නෙවේ jimin ඇත්තටම අපි මේ කරන දේ නිසා seoyoon හිතයි දැන් ඔයා ඔයදෙන්නගෙ අම්මලා ගෙනාපු proposal එකට කැමති කියලා..." "ඔව් ඔව් මේක වැඩියෙ දුරදිග යන්න දෙන්න බෑ..." jimin සහ taehyung එලෙස කතා කරමින් සිටියි.

(එදින රාත්‍රී වෙයි. BTS ලගෙ concert එකේ Day2 එක අවසන් වෙයි)
වෙලා තියෙන සිද්දිය නිසා hwani දවසෙම ගෙදරට වී සිටියි. දවසෙම ගෙදර හිටපු  නැති Mira රෑ වී ගෙදරට පැමිනෙන්නේ නැවත hwani වත් ඇදගෙන යාමටයි.
" hwani මේන්න මෙහෙ එන්න මාත් එක්ක යන්න... මම දන්නවා කවුද මේක කලේ කියලා..." mira hwani ව ඇදගෙන taxi එකෙන් කෙලින්ම ගියෙ jamsil stadium එකේ back stage එකටයි. ඇයට bighit එකේ ID එකක් ඇති නිසා එය අපහසු නොවීය. ඔවුන් යන විට concert එකේ day2 ඉවර කරපු BTS ලා පෙර දින මෙන්  වැටිච්ච වැටිච්ච තැන්වල සිටියි. Jimin අයිනටක වී හිටගෙන කලු jacket එකක් සහ cap එකක් දාගෙන සිටි seoyoon සමග කතා කරමින් සිටියි. (Seoyoon එතනට පැමිණ ඇති නිසා BTS ලා කලින්ම ඔවුන් ගේ staff එකේ අයව එම ස්තානයෙන් ඉවත් කර ඇත.) කෙලින්ම seoyoon ලගට ගිය mira එයාව උරහිසින් එහාට තල්ලු කරමින් "ඇයි ඔයා මෙහෙම දෙයක් කලේ අහ්හ්?"ඇයට කෑගසයි.
" mira මොකෝ මේ?" hwani අසයි. එහි සිටි අනිත් අයද පුදුම වී බලා සිටියි.








 එහි සිටි අනිත් අයද පුදුම වී බලා සිටියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිකමට වගේ අහන්නෙ... ඔයාලා කැමති මේ කතාව episode කීයකින් වගේ ඉවර වෙනවටද?😁

Our Destiny Where stories live. Discover now