Episode 98

501 71 14
                                    



Jungkook: hwani, මට ඇත්තටම දෙයක් දැනගන්න ඕනෙ... මම දන්නවා මේ මාස 3ක් විතර ඔයාට vacation එකකට මෙහෙ ඇවිත් ඉන්න  KBS එකෙන් නිවාඩු හම්බෙන්නෙ නෑ කියලා... මට ඇත්තම කියන්න මොකද්ද උනේ? එයාලා ඔයාගෙ වැඩ තහනම් කලාද? නැත්තන්... ඔයාව අස් කලාද?
'මම කොහොමද jungkook ට කියන්නෙ මට අස් වෙන්න උනා කියලා එතන හිටපු අය මාව අස් කරන්න කියලා පෙත්සන් ගහපු නිසා... මට එයාට බොරු කියන්නත් බෑ... දැන් එයාට හොදටම තේරිලා තියෙන්නෙ... මම මෙච්චරකල් ඇත්ත කියන්නෙ නැතුව මෙහාට වෙලා හිටියෙ කියලා...' එහෙම හිතපු hwani  "නෑ එයාලා අස් කලේ නෑ... මමයි අස්වෙලා ආවෙ" කියා පිලිතුරු දෙයි. "මොකක්? ඇත්ත කියන්න? ඇයි ඔයා අස් උනේ?" "ah... මට හිතුනා එතනට වඩා හොද තැනක් හොයාගන්න වැඩ කරන්න..." "බොරු කියන්න එපා hwani... ඔයාට බෑ මට ඔහොම බොරු කරන්න... මම දන්නවා ඔයා කොච්චර ආසාවෙන්ද එතන වැඩ කලේ කියලා... ඒ වගේම මම දන්නවා ඔයාට අස්වෙන්න අනිවාරෙන් එදා අපේ photo එක social media වලට ගියපු සිද්දිය ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා... මම හරි නේද?" jungkook එසේ ඇසූ විට hwani මුකුත් නොපවසා හිමින් ඔව් ලෙස ඔලුව වනයි. "මට හිතුනා... මොකද මට හොදට මතකයි ඔයිට කලින් අර tattoo shop එකේ girl එක්ක photo එකක් ගියපු වෙලෙත් ඒ කෙල්ලවත් වැඩ කරන තැනින් අස්කරලා තිබ්බා... ඒ කෙල්ල කරපු ඇති දේකුත් නෑ... මම නිසා රස්සාවත් නැති උනා... ඔයාටත් වෙලා තියෙන්නෙ ඒකමයි නේද? මම හරිනෙ?" "නෑ jungkook ඔයා නිසා මේක උනා කියන්න බෑ... මෙතන මගෙ අතේ තමයි ලොකුම වැරැද්ද තියෙන්නෙ... මම ඇයි අපි දෙන්නගෙ photo එකක් wallpaper එකට දාගෙන හිටියෙ... ඒකෙන් නේ මේ සේරම පටන් ගත්තෙ..." "දැන් අපි දෙන්නා මගේ වැරැද්ද මගේ වැරැද්ද කිය කිය එක එක්කෙනා වැරැද්ද බාරගත්ත කියලා මේක විසදෙන්නෙ නෑ... ඊලට මොකද්ද කරන්නෙ කියලා තීරණය කරන එකයි වැදගත්... කොරියාවෙ තියෙන්නෙ KBS එක විතරක් ඈ... අපි try කරමු වෙන එකකට නේද?" "jungkook ඇත්තටම මගෙ dream එක පොඩ්ඩක් වෙනස් උනා... මට ආසයි translator කෙනෙක් වෙන්න..." "මොකක්?" "ඔව් jungkook මම දැනටම korea වෙ තැනක online interview එකකට face කරලා තියෙන්නෙ... ගොඩක් දුරට select වෙයි... මම ඔයාට select උනාම කියන්න හිටියෙ..."  "seriously?? තව කොච්චර දේවල් තියෙනවද hwani පහුගිය දවස් වල මට නොකියා හිටපු?" " sorry... මම ඔයාට හැමදේම කියන්න හිටියෙ ඔයා tour එක ඉවර කරලා ආවම ඉතින්..." " Aha..." " ඔයා තරහින් ද?" "නෑ... ඒත් පොඩ්ඩක් දුකයි..." "sorry" hwani එසේ පවසන්නේ Jk ගේ කරට ඔලුව තබමිනි.

Our Destiny Where stories live. Discover now