Episode 66

477 87 6
                                    

Ep(66)
-"ආව්!!!" මගේ නළල ඔහුගේ පපුවේ වැදුන නිසා මට එසේ කියැවුනි. හිමින් හිමින් නළල අත ගාමින් ඔලුව උස්සා ඒ කවුදැයි බැලුවෙමි -"JK!!!" ඔහුව එතැනදී එලෙස හමුවීම මගේ ඉහේ මලක් පිපුනා මෙන් දැනුනි. -"hwani.. ඔයා මොකද මෙතන කරන්නේ?" -"අනේ JK මට මාර ටොපියක් සෙට් උනේ අප්පා" -"ඇයි? මොකද්ද?" -"අද announce කරන්න ඉන්න celebrity ඇවිත් නැහැයි කියලා මට ඒ වෙනුවට announce කරන්නයි කිව්වා අනේ" -"shaaa... ශෝක් නේ..." -"ශෝක් තමා මගේ ඇගේ ලේ වතුර වෙලා මේ තියෙන්නේ... මට බයයි JK!!! " (කලබල වී ඇති hwani ගේ අත් වෙව්ල බව JK ට ඇය එසේ පවසන විට වැටහී ඔහු hwani ගේ අත් දෙක එකට තබා අල්ලා ගනී) "JK කවුරු හරි දකී.." මා කවුරුන් හො සිටීදැයි වටපිට බලමින් එසේ පැවසුවේය. -"මෙතන වෙන කවුරුත් නැහැ.. මේ hwani බය වෙන්න එපා!! ඔයාට පුළුවන් මන් දන්නවනේ!!! පොඩ්ඩක්වත් බයවෙන්න එපා හොදද.." -"අනේ මන්දා JK මන් පුළුවන් උපරිමෙන් try කරන්නම් කෝ" මා එසේ පවසා අවසන් වන විටම -"JK.... කවුද ඔතන?" ලෙස අසනා හඩ ඇසී අප දෙදෙනා ගැස්සී ගොස් එකපාරට අපේ අත් ඉවතට ගත්තේය. -"omg!!" පුදුමට පත්ව එසේ කියවෙමින් මන් අතකින් කට වසාගත්තේ එතනට පැමිණියේ RM oppa නිසාය. -"අහ්.. RM hyung ඔයාද.. මන් බය වුණා" Jk පැවසුවේය. -"කවුද මේ? ඇයි බයවුණේ දෙන්න ඔච්චර මාව දැකල අහ්?" RM serious මුනකින් එසේ ඇසුවේ මට බය හිතෙන ලෙසය. -"නැහැ මේ... අපිදෙන්නව... මේ එකට හැප්පුනා... එකයි.." මා ගොතගසමින් මෙන් පවසා අවසන් වන විටම RM එකපාරටම තදකරගෙන සිටි හිනාවක් එලියට දාන්නක් මෙන් හිනාවීමට පටන් ගත්තේය. -"අය්යෝ මොකෝ JK මෙයා මෙච්චර බය වෙලා මට... (JK ද කින්ඩියට මෙන් හිනාවෙයි) මේ කෙල්ලේ ඔහොම නම් බෑ හොදේ... JK එන්න එන්න පරක්කු වෙනවා" RM හිනාවෙමින් එසේ පවසා JK ගේ කරට තට්ටුවක් ද දමා එතනින් ගියේය. ඇස් ලොකු කරගෙන RM දෙස බලා සිටී මම -"එයා මාව දන්නවද? මන් අහන්නේ අපි දෙන්න ගැන" JK ගෙන් ඇසුවේය. -"මොකද නොදන්නේ අනේ.. මන් ඔයාගේ පින්තුරයක් පෙන්නුවා එයාලට" -"අහ්?? මොකක්??" -"hwani... මන් මගේ group එකේ hyung ලට නොකිය හුස්ම ගන්නෙවත් නැහැ" -"oh..!! අනේ... මට ලැජ්ජයි වගේ දැන්නම් announce කරන්න.." -"අය්යෝ ලජ්ජවෙන්න එපා අනේ... හොදට කරන්න හරිද මාත් බලන් ඉන්නවනේ... මට ආඩම්බරෙන් එතන ඉන්න පුළුවන් විදිහට වැඩේ කරන්න ඕනේ හොදද.. fighting!!!" -"හරි මන් පුළුවන් තරම් හොදට කරන්න try කරන්නම්කො... Thanks!! මේ ඔයත් හොදට performe කරන්න ඕනේ හරිද... ඒකනම් ඉතින් මන් කියන්න ඕනෙත් නැහැ ඔයා කොහොමත් එක best ම කරනවනේ" -"okay... okay.. අපි යමු දැන්" -"හ‍රි" එසේ පවසා අපි දෙදෙනාම එතනින් වෙනව ගියේය. මා makeup room එකට යනවිට එතනට මාත් සමග announce කිරීමට සිටින අනෙත් male artist ඇවිත් සිටි අතර ඔහු මා ආවසාවෙන් ම බලපු නාට්ට්යක මා ගොඩක් කැමති වූ චරිතයක් වීම මාව තවත් පුදුමයට පත් කල නමුත් ඔහුගේ ඇත්ත නම අමතක වී තිබු මගේ ගොන් මොලේට ඔහු රග පෑ කතාවේ ඔහුගේ චරිතයේ නම පමණක් මතකයේ තිබුනේය. makeup කරන පුටුවේ ඉදගෙන සිටි ඔහු මා දෙස බලා හිනාවී -"අහ්.. ඔයාද hwani?" ලෙස ඇසුවේය. -"ඔව් Ku Chan Sung!!" මා ගොන් කම ප්‍රදර්ශනය කරමින් ඔහුගේ ඒ කතාවේ චරිතයේ නමින් ඔහුට පිළිතුරු දුන්නේය.

Our Destiny Where stories live. Discover now