Episode 93

487 72 12
                                    



Flash back

Bang pd: "ඔයා මම දැන් කියන ඒවා හොදට අහගෙන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... ඔය ලමයා දන්නවනෙ jungkook කියනෙ කවුද කියලා නේද... එයා අද ඔය ඉන්න තැනට ආවෙ එයාගෙ ජීවිතේ ගොඩක් දේවල් කැප කරලා... ඇත්තටම මම කැමති නෑ ඒක මේ වගේ පොඩි පොඩි හැගීම් නිසා කඩා වැටෙන්න දෙන්න... මම කියන්නෙ ඔයාලට affair එක නවත්තන්න කියලා නෙවේ... පොඩ්ඩක් බුද්ධිමත්ව ඉන්න... ඔයාලා යාලුවෙලා දැන් අවුරුදු ගාණක්ද? නෑනෙ... මාස කීපයයි නෙ... ඉතින් මේ මාස දෙක තුනට මේ වගේ ප්‍රශ්නයක් ඇති උනේ ඇයි කියලා පොඩ්ඩක් කල්පනා කරන්න... මේ සම්බන්දෙ නවත්තනවද එහෙම නැත්තන් තියාගෙන යනවද... සම්බන්දෙ දිගටම තියාගෙන යනවනම් කොහොමද ඒක තියාගෙන යන්න... ඒව ඔයයි එයයි තීරණය කරන්න...

Hwani bang pd කියපු හැම දෙයක්ම ඔලුව වනමින් අහගෙන හිටියෙ ඇස් වල කදුලුත් පුරෝගෙන...

Flash back end

Hwani ඇදට වී bang pd පැවසූ දේවල් ගැන කල්පනා කරමින් සිටී.
' එයා කියපු දේ ඇත්ත... අපි මේ සම්බන්දෙ පටන් ගද්දිම හිතුවා නිතරම හම්බවෙන්නෙ නැතුව ඉන්න... කොහෙවත් එකට නොයා ඉන්න... ඒත් අපි දෙන්නටම ඒක ටිකක් අමතක උනා... අපි එකට ඇවිදින්නවත් කොහෙවත් ගියෙ නෑ තමයි... යාලු උනාට පස්සෙ වැඩ කරන තැනදි අහම්බෙන් වගේ හම්බුන වෙලාවල් ඇරුනම ආයෙ හම්බුනෙත් අපේ ගෙදර විතරයි... ඒත් මගෙ අතින් උන පොඩිම පොඩි mistake එකක් නිසා ලොකු ප්‍රශ්නයක් ඇති උනා... මම හොදටම දන්නවා jungkook මගෙ boyfriend කියලා... ඉතින් මම ඇයි ගොනෙක් වගේ එයත් එක්ක ගත්ත photo එකක් wallpaper එකට දාන් හිටියෙ... ඒක එහෙම දාගෙන හිටියෙ නැත්තන් එයාටයි මටයි මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑනෙ... මට ඕන උනේ එයාගෙ සතුටට හේතුවක් වෙන්න මිසක් එයාගෙ ප්‍රශ්න වලට හේතුවක් වෙන්න නෙවේ... මම jungkookට කැමති වෙද්දි මට අවුරුදු 15යි එදා ඉදන් jungkook ව හම්බෙනකන්ම හැමදාම වගේ මම හිතුවෙ අනේ මට මෙයාගෙ girl friend වෙන්න තිබ්බ නම් කියලා... ඒත් මම කවදාවත් හිතුවෙ නෑ ඒක මෙච්චර අමාරු වෙයි කියලා... ඉස්සර පාඩම් වැඩ කරද්දි stress එකක් වගේ ආවම Jungkook ගෙයි මගෙයි 4tos එකට තියලා college හදලා insta, whats app දාලා අනිත් fans ලා "woah" "nice edit" "daebak" කියලා දාන comments බලලා stress ගතිය නැති කරගත්ත මට අද මගෙයි jk ගෙයි ඇත්ත photo එකක් නිසා එන comments, insta page එකට වදින reports දැකලා stressful වෙලා... ඇයි මට අද හිතෙන්නෙ jungkook මට අර Screen එකෙන් බලන් ආදරේ කරපු idol ම විතරක් උනා නම් හොදයි කියලා... මට තේරෙන්නෙ නෑ මම මොනාද කරන්න ඕනෙ කියලා...'
Hwani එසේ හිතන විට ඇයට නොදැනිම ඇයගේ ඇස් වලින් කදුලු කඩා වැටෙයි. කදුලු පිහිදාගත් hwani Phone එක ගෙන headphones ගහගෙන BTS ලගෙ සින්දු playlist එකක් play කර ඇස් දෙක පියා ගනී.
(BTS love myself play වෙයි)

Our Destiny Where stories live. Discover now