Ep(43)
මම හිමින් හිමින් ඔලුව උස්සා ඒ කවුදැයි බැලුවෙමි. අනේ දෙවියනේ ඇයි මන් මෙයාව මගඅරින්න මගඅරින්න මෙයාවම ආයෙම ආයෙම මුනගස්සන්නේ? මගේ හිත එසේ ප්‍රශ්න කලේ මේ අවස්ථාවේදීත් යලිත් JK විසින් මාව බේරාගත් නිසාය. මා ඔහු ගේ ඇස් දෙස මගේ ඇස් ලොකු කරගෙන බලා සිටියෙමි. -"ඔහොම වෙනව ධෛවයෙන් පැනල යන්න හදපුවම" JK එසේ පැවසුවේ මා සිතු දේ ඔහුට ඇසුනාක් මෙනි. -"මොකක්?" -"නැහැ මන් කිව්වේ ඔහොම වෙනවා අසිහියෙන් පැනලා යන්න හදපුවම කියලා" -"අහ්.. ඒක මිසක්" මගේ හිත නොසන්සුන්ව තිබුන නිසා අරම ඇසෙන්නට ඇතැයි මා සිතුවෙමි. -"පේනවට වඩා බරයි නේ.." -"අහ්.. මොකද්ද?" -"වෙන මොකද්ද මන් ඇගට පෙරල ගත්ත ප්‍රපාතේ තමා" -"අහ්??" ඔහු ඒ පැවසුවේ මන් තවම වැටුන ලෙසම ඔහුගේ ඇග උඩ සිටීම නිසා බව මගේ මැටි මොලේට තේරුම් ගියේ එය පවසා සුළු වෙලාවකිනි. -"අනේ.. sorry!! sorry!!" මා එසේ පවසමින් නැගිටේය. (දෙදෙනාම නැගිට ඇදුම් පිහිදා ගනිමින් සිටියි.) -"ඔයා අපේ ගෙදරින් පිටත් වෙලා ගොඩක් වෙලානේ.. ඇයි තාම මෙතන?" -"නැහැ මට කෙනෙක් ඇත්තක් ද කිව්වේ කියලා දැනගන්න ඕමානාවක් තිබ්බා ඒකයි හිටියේ ඒක නෙවේ hwani ඔයා හොදින් නේ?" -"ඔව්" මා එසේ පවසන විටම JK මගේ කමුලට අත තැබුවේය. -"මොන හොදක්ද මෙන්න මුණ හීරිලා" (ඔහු එසේ පවසමින් hwani ගේ කමුලේ සීරී ඇති පෙදෙස මහපට ඇගිල්ලෙන් පිරිමදී.)-"ආවු!!" මට එම තුවාලයේ වේදනාව දැනුනේ ඒ මොතේය. -"අහ්.. රිදුනද? sorry!" ඔහු එසේ පවසමින් අත පහලට දමන විට මා දුටුවේ ඔහුගේ වැලමිටද සීරී ඇති බවයි. -"අහ්.. ඔන්න ඔයාගේ අතත් හීරිලා" -"අය්යෝ ඒක රිදෙන්නේ නැහැ අනේ" -"රිදෙන්නේ නැතිවෙන්නේ කොහොමද ලේත් එනවා.. එන්න අපේ ගෙදරට ගිහින් බෙහෙත් ටිකක් දාගෙන යමු." (JK නැවත hwani ගේ ගෙදරට යයි. hwani බෙහෙත් පෙට්ටිය රැගෙන ඇවිත් JK ට දෙයි. නමුත් දකුණු අතේ වැලමිට තුවාල වී ඇති නිසා ඔහුට තනියම බෙහෙත් දා ගැනීමට නොහැකි බව hwani ට වැටහුණි.) -"කෝ ඉන්න මන් දාන්නම්" (hwani JK ගේ අතට බෙහෙත් දමයි. මේ වස්තාවේ hwani දෙස JK ආදරය සහ දුක මුසු වුනු දෑස් වලින් බලා සිටියි.Hwani තුවාලය බෙහෙත් තැවරු පුළුන් කැබැල්ලෙන් පිහිදමමින් JK ගේ මුණ දෙස බැලුවේ ඔහුට එය ගොඩක් රිදෙනවා දැයි බැලීමටයි.නමුත් JK තුවාලය පිළිබද කිසිම හැගීමක් නැති ලෙස hwani ගේ මුණ දෙසම බලා සිටියි.hwani ඉක්මනින් බෙහෙත් දමා අවසන් කරන්නේ ඔහු අසල සිටියදී හද ගැස්මේ වේගය ඇයට දරාගත නොහැකි නිසාය.) -"හරි JK" -"අහ්.. ඔය බෙහෙත් දාලත් ඉවරද.. thankz!! එහෙනම් මන් යන්නම්.." -"හරි.. ඔයාටත් thankz අද මාව බේර ගත්තට" ඔහු ගෙදරින් පිටත් වීමට දොර අසලට යයි. මාත් සමග මාසයකට පමණ පෙර සිදු වූ දේවල් දැන්නම් ඔහුට මතක නැති බව මට සිතුණි.යාමට දොර අසලටම ගිය JK නැවත හැරි මා අසලටම පැමිණ මගේ මුනේ සීරී ඇති තැනට plaster එකක් අලවයි. මා ඔහුගේ ඇස් දෙස බලා සිටියේ. 'ඇයි JK මෙහෙම දේවල් කරන්නේ හැම තිස්සෙම..' යැයි සිතමිනි. -"hwani අද මන් කරපු උදව්වට මට ඔයාගෙන් දෙයක් දැනගන්න පුලුවන්ද?" plaster එක අලවමින් සිටි JK ඇසුවේය. -"ඔව් අනිවාරෙන් මොකද්ද?" -"ඇයි ඔයා මාව මගඇරියේ?"
YOU ARE READING
Our Destiny
Romance[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා...." ************************************************ ~I dreamed of being my bias JEON JUNGKO...