Episode 72

473 91 0
                                    

Ep(72)
-"නැහැ නැහැ.. මන් හොදින්" -"sure???" -"ඔව් ඔව් jimin ඔයා මොකද්ද මෙතන කරන්නේ?" -"break එක නිසා ආවේ... මොනා කරන්න ගිහින්ද ඔයාව වැටුනේ?" -"නැහැ මේ... මෙයාගේ ඇගේ හැප්පුනා..." -"ඒයි තමුන් කොහේ බලන්ද ඇවිදින්නේ අහ්?" jimin ඉතා සැරෙන් සේවකයාට පවසයි.-"මන් නෙවේ sir මෙයයි උඩබලන් ආවේ..." සේවකයා ද කටවසාගෙන නොසිට පවසයි.-"ඒයි!! මෙතන වැරැද්ද කලා මදිවට කියවන්නත් එනවද අහ්? අස් කරලා දානවා දැනගන්න" -"jimin එයාට බනින්න එපා ඇත්තටම මගෙයි වැරැද්ද... මායි උඩ බලන් ආවේ" -"ඒත් එයා හරියට කෙලින් බලන් ආවනම් හැප්පෙන්නේ නැනේ..." jimin mira ව නිවැරදි කරයි. -"අනේ... sorry sir!! ආයේ මගේ අතින් මේ වගේ වැරද්දක් වෙන්නේ නැහැ so sorry!!! අනේ... මගේ රස්සාව නම් නැති කරන්න එපා...!!" සේවකයා ඉතා බැගෑපත්ව ඉල්ලයි. -"හරි හරි යනවා යනවා දැන් මෙතනින්" jimin සේවකයාව එතනින් පිටත් කළේය. -"හරි jimin එහෙනම් මාත් යන්නම්" mira එසේ පවසමින් වේගයෙන් jimin ව මගහැර canteen එක දෙසට යයි. 'wow.. මේක canteen එකක්ද එහෙම නැත්තන් hotel එකක්ද??' canteen එකට ගිය mira ගේ හිත පැවසුවේය. 'mmm.. මගේ අතේ තියෙන ගානකට ගන්න පුළුවන් දෙයක් තියේද දන්නේ නැහැ... මොනාහරි බිව්වා නම් පොඩි ගානකින් shape වෙන්න පුළුවන් වෙයි' එසේ සිතු mira වේටර් කෙනෙකුගෙන් -"මේක කීයද?"  fruit juice එකක් පෙන්නමින් අසයි. -"$5යි මිස්" -"අහ් එහෙමද..." 'මෙහෙ මෙච්චර ගණන් වලට juice බොන මිනිස්සුත් ඉන්නවද... අනේ ඔය juice ඕනේ නැහැ mira ඔයා ගෙනාපු වතුර එක බීල ඉන්න' mira ඇයටම එසේ කියාගනිමින් නැවත යාමට ආපසු හැරෙයි. -"මට මේ juice එකෙන් දෙකක් දෙන්න" එකපාරට එහාපැත්තෙන් පැමිණි jimin mira ගණන් ඇසු juice එකෙන් juice දෙකක් ඇනවුම් කරයි. මේ දෙස ටික වෙලාවක් බලා සිටි mira නැවත යාමට ඉදිරියට අඩියක් තබන්නේ jimin ව නොදැක්කා සේය. -"ඒයි මේ juice දෙකක් ගත්තේ මට තනියම බොන්න නෙවේ.. ඔයාටත් එක්ක" jimin එසේ පවසද්දී mira නැවත හැරී ඔහුගේ දෙස බලා ඇයගේ ඇගිල්ලෙන් ඇය ඇයව ම පෙන්නමින් -"මේ මටද?" ලෙස අසයි. -"නැත්තන් ඉතින්.. අහ්.." එසේ කියමින් jimin එක juice එකක් mira ගේ දෙසට දිගු කරයි -"jimin ඇයි ඔයා මෙහෙම මන් යන යන හැමතැනටම එන්නේ කියලා කියනවද?" juice එක ගනිමින් විහිලුවට මෙන් mira අසයි.-"ඇයි මට ඔයාගේ පස්සෙන් එන්න වෙන වැඩ නැ කියලද හිතන් ඉන්නේ අහ්...?? එක්කෙනක් කොච්චර හොදට සිහි බුද්දියෙන් interview එකට face කලාද කියනවනම් අරන් ආපු file එකත් එතන දාලයි එලියට ආවේ... අහ් මෙන්න මේක ගන්න... මන් ආවේ මේක දීල යන්න... aish!! හරි එක්කෙනානේ මෙයා මට පස්සෙන් යන්න" mira ගේ අත උඩින් file එක තැබූ jimin mira ගේ කට වැසෙන සේ කෝපයෙන් මෙන් එසේ පවසමින් එතනින් යයි. එක අතක file එකද අනෙක් අතේ juice එකද තබාගෙන බයවූ දෙනෙත් වලින් කිසිවක් නොපවසමින් mira jimin යන දෙස බලා සිටියි. canteen එකේ කෙලවරට වී ඉදගෙන call එකක සිටි JK මෙම සිද්දිය දැක call එකට කතාකරමින්ම හිමින් හිමින් mira සිටින දෙසට එයි.

Our Destiny Where stories live. Discover now