Episode 36

534 104 2
                                    

Ep(36)
"Mira!! Mira!! කතා කරන්නකෝ" බොස් ඇගේ කම්මුල් දෙපැත්තට තට්ටු දමමින් ඇසුවත් Mira ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැති වූ නිසා ඔහු හුස්මක් ගෙන Mira දෙසට ලං වන්නේ කෘතීම ස්වසනය දීමටය. -"එපා මන් හොදින්" ඇස් දෙක පියාගෙන සිටි mira බොස් ගේ කටට අත තියමින් එසේ පවසා හිමිහිට ඇස් අරී -"aish!! ඇයි මට ඔයාව BTS ලගේ jimin වගේ පෙන්නේ" Mira හෙමින් කොදුරයි -"Mira ඔයා හොදින් නේ?- ඇස් දෙක අතින් පිහිදැමු Mira මදක් හිස ඔසවා බොස් දෙස හොදින් බලයි -"ඇහ්!!! ඇත්තටම ඔයා... ඔයා.. jimin ද?" -"ඔව් ඔව් jimin තමා ඒක නෙවේ මේ වෙලාවේ වැදගත් ඔයා හොදින්ද කියන්නකෝ?" -"අපොයි!" (Mira නැවත ඇස් පියාගෙන කලන්තේ දැමු ලෙස හිස බිම වට්ටයි) Mira ට ඔහු jimin වියහැකි බවට පෙර වුනු සිදුවීම් සමග මතක් වෙයි.. 'අනේ දෙවියනේ ඇත්තටම මන් මෙච්චර කල් වැඩකරලා තියෙන්නේ එතකොට Jimin ලගද.. එතකොට මන් අර බැන්නේ ගැහුවේ වදදුන්නේ ලෝකප්‍රසිද්ද idol group එකක ඉන්න කෙනෙක්ටද ඒකත් මන් කැමතිම idol group එකේ!!! omg!! මන් කොහොමද දෙය්යනේ  මේ මනුස්සයට දැන් මුණ දෙන්නේ...' Mira ගේ හිත කලබල කාරී වී ඇත. -"Mira ඔයා හොදින්ද?" Jimin දිගින් දිගටම Mira ගෙන් ඇසුවද Mira ඇස් දෙක පියාගෙන සිටින්නේ ඇයට jimin ට මුහුණ දීමට නොහැකි නිසයි. -"taehyung, මෙයාව hospital ගෙනිච්චනම් හරි.. මන් මෙයාව අරන් එන්නම් ඔයා car එකේ දොර අරින්නකෝ ගිහිල්ල" Jimin Mira ව ඔහුගේ දෑතෙන්ම ඔසව ගෙන වේගයෙන් car එක දෙසට යයි. මේ අතර mira හොරෙන් ඇහැක් බාගෙට ඇර ඇයව රැගෙන යන Jimin දෙස බලයි.( Jimin ගේ තෙමුණු කොණ්ඩය ඔහු යන වේගයට එහා මෙහාට වීම ඔහුගේ පෙනුමට අමුතු hot look එකක් ගෙනෙයි) 'omg!! මෙයාගේ ලස්සන... මෙයා හරියට අර film එකක hero කෙනෙක් වගේනේ... මාවත් උස්සගෙන මෙහෙම දුවන්නේ... අම්මෝ ඒ handsome බැල්ම' mira හොරැහින් ඔහු දෙස බලමින් එසේ් සිතමින් යයි . Mira ව car එකට දාගත් Jimin Mira ව රැගෙන private hospital එකකට යයි. nurse ලා කිහිප දෙනක් අරගෙන ආ ට්‍රොලියකට jimin Mira ව ඔසවා තබා ඔහුත් nurse ලත් සමග පිටුපසින් ට්‍රොලිය තල්ලු කරමින් දුවගෙන එන්නේ ඔහුගේ තෙත කොණ්ඩය සුපුරුදු ලෙස එක අතකින්  පිටුපසට කරමින්ය.(මෙයද Mira හොරැහින් බලා සිටී)මේ අතර Mira ගේ අඩි පතුල් වල යමක් ඇලී තිබෙනු දැක jimin ඇගිලි දෙකකින් එය ඉවත් කිරීමට උත්සහ කරයි. -"කිචි යකෝ..!!" Mira Jimin ව බිම ඇදවැටෙන්න තරම් දරුණු ප්‍රහාරයක් කකුලෙන් ඔහුට එල්ල කරමින් එකපාරටම නැගිටියි. බිම වැටුණු jimin සහ වටේ සිටි nurse ලා සියලු දෙනා Mira දෙස ඇස් ලොකු කරගෙන බලා සිටියි. මහා හය්යෙන් හිනා වීමට පටන් ගත් Mira හිමින් හිමින් හිනාව අඩු කරගෙන නැවත ට්‍රොලියේ හාන්සි වෙන්නේ තමුන් එතන ලැජ්ජ වුනු බව තේරුම් ගිය නිසාය.

Our Destiny Where stories live. Discover now