Episode 95

489 76 10
                                    



'මට යන්න පැත්තක් නෑ... මම හිරවෙලා' hwani එසේ හිතා අවසන් වන විටම එතන තිබුනු ගෙදරකට සහ තාප්පයකට අතර වූ දෙබෝක්කාවේ සිටි මිනිසෙකු hwani ගේ අතින් අල්ලා කට ද අතින් තදකර අල්ලාගෙන ඇයව බිතිතියකට හේත්තු කරේය. ඒ jungkook බව hwani හදුනා ගනී.

"Jungkook!!!!"
Hwani එසේ කෑගසන විටම ඇයව එකපාරටම උඩ ගිහින් මෙන් ඇහැරෙයි. "ohh thank god! ඒක හීනයක්... මම ඒ හීනෙන් දැක්ක තැන... Jungkookනුයි මායි මුලින්ම හම්බුන තැන නේද??? Oh my god!!" hwani තනියමම එසේ පවසමින් නැගිටියි. 'පොඩ්ඩක් ඉන්න... මම මේ ඉන්නෙ sofa එකේ නේ... තාම වැඩට ගිහින් ආපු ඇදුම් පිටින්... Aishhh මට මෙතනම නින්ද ගිහින් නේ...' hwani එලෙස සිතා අවසන් වන විටම jungkook ගෙන් msg එකක් පැමිණේ.

(phone msg)

Jk: Good Night... මම දැනුයි concert එක ඉවර වෙලා room එකට ආවෙ...
Hwani: ahh එහෙමද... හොදට නිදාගන්න එහෙනම්... Good night jungkook!
Jk: eh? ඔහෙ වෙලාවෙන් දැන් පාන්දර 3 විතර වෙලා නේද??? ඇයි තාම ඔයා නිදි නැත්තෙ?
( ඒ වෙනකන් වෙලාව ගැන කිසිම idea එකක් තිබ්බෙ නැති hwani වෙලාව බලයි... "අප්පටසිරි 3.30ත් වෙලා" hwani එසේ කියමින් පොඩ්ඩක් හිතා jungkookට reply කරයි.)
Hwani: ahh මම film එකක් බැලුවා..
Jk: ඇයි හෙට වැඩට යන්නෙ නැද්ද?
Hwani: යන්නත් ඕනෙ... Mira ත් ගෙදර නැති නිසා කම්මැලී...
Jk: අපරාදෙ මම korea වල හිටිය නම් එනවනෙ තනියට ඔයාගෙ...😉
Hwani: අම්මෝ හොද වෙලාවට නොහිටියෙ...😂
Jk: ඇයි? ආසා නැද්ද රෑ තනියම ඉන්න වෙලාවක මම එනවට?😜😆
Hwani: ආසයි බයයි...😂💔 මහ රෑනෙ... කොල්ලොනෙ... Sure නෑ නෙ... ඒකයි...😅
Jk: හරි හරි hwani... උදේට වැඩත් කිව්වනෙ... දැන් නිදාගන්න... Good night!
Hwani: හරි good night Jungkookahhh!!!

Msg කර phone එක පැත්තකින් තියන hwani washroom එකට යයි. ඇයට දිගින් දිගටම මතක් වෙන්නේ වැඩ ඇරී එන විට ගේ ඉස්සරහ පාස්සල් කර තබා තිබූ මිනී ඔලුවයි. Wash එක දමාගෙන කාමරේට ගිය hwani ට නිදා ගැනීමට පෙර light එක off කිරීමට ද බය හිතෙයි. 'ඇත්තටම jungkook මේ වෙලාවෙ මගෙ ලග හිටිය නම්...' hwani එසේ සිතා ඇයගේ ඇදට කෙලින්ම
බිත්තියේ ගසා ඇති jungkook ගේ poster එක දෙස බලාගෙන හිමින් හිමින් එහාපැත්තේ ඇති table lamp එක off කිරිමට ගියද ඇයට ආයෙම අර මිනී ඔලුව මතක් වෙයි. 'aishhh අද ඔන්නඔහේ කාමරේ light එක දාගෙන නිදියනවා' hwani එසේ සිතා ඇස් දෙක පියා ගනී. නමුත් පාන්දර 5හට කිට්ටු වෙනකන්ම ඇදේ එහාට මෙහාට හැරි හැරි හිටියට hwaniට නින්ද ගියේ නැත. සිද්දවූ දේවල් නිසා හිත කලබල කාරි වෙලා තිබ්බ hwani ට alarm එකද තියා ගැනීමට අමතක වී නින්ද යයි.

Our Destiny Where stories live. Discover now