Episode 100 (final episode)

1K 90 13
                                    

🔺ගොඩක් අය මේ කතාවෙ episode එකක් සෑහෙන කොටයි කියලා මට ගොඩක් දොස් කියලා තිබ්බා... ඒක නිසා මම හිතුවා final episode එකට වත් ඔයාලට දිග Episode එකක් දෙන්න ඕනෙ කියලා 😂😂🤪💔


(final episode)

Jimin's mom: මොකද්ද උනේ? දැන් මොකද්ද ඔයාගෙ තීරණේ?
Jimin ගෙ අම්මා එසේ ඇසූ විට jimin ඉතා දුක්බර මූණකින් අම්මා දෙස බලා පැමිණ ඇයගේ එහාපැත්තෙන් වාඩි වෙයි. 
මේ අවස්තාවේ mira, hwani, jungkook ගේ සහ jimin ගේ phone වලට එක සැරේ notification එකක් එයි. Miraටයි hwaniටයි නම් ඒක එච්චර මීටර් උනෙත් නෑ... Jimin ඔහුගේ phone එක අතට ගෙන එම notification එක open කර තම මවට පෙන්නයි. Mira සහ hwani ද තම phone අතට ගෙන එය බලයි.

🔖
❗️ bighit entertainment Special Announcement ❗️

We report that BTS Park Jimin is going to get engaged soon...
He has to make this decision because of his mother's wish. his mother is not in good health so she decided to get her son's engagement done as soon as possible. and we hope fans understands him and wishes him well in this situation.

Thank you
🔖

Mira: මොකක්???
Hwani: Woahhhhhh!!!! Congratulations!!!!!!

Hwani එසේ කෑගසන්නේ අත්පුඩිත් ගසමිනි. Mira තාම කිසිම දෙයක් හිතාගන්න බැරුව වගේ බලාගෙන ඉදියි. "Yahh!!! ඔයා බදින්න යන්නෙ..." hwani ගිහින් mira ගේ කරට අත දමමින් පවසයි.
Mira: පොඩ්ඩක් ඉන්න... මේ හීනයක් නෙවේ නේද???
Mira's mom: මොකද්ද මේ වෙන්නෙ?
Hwani: Mira ව ඉක්මනට engage කරන්න කැමති වෙලා...
Mira's mom: congratulations දුව... අපි මේක ඉක්මනට කරමු.
Mira: omg මේ ඇත්තක්ද මට හිතාගන්න බෑ...

<<Time skip>>
Jimin ගෙ අම්මගෙ ඉල්ලීම නිසා jimin ගේ engagement එක ඉක්මනට ගැනීමට සිදුවිය. ආයෙම දවස් කීපයකින් jimin ගේ vacation එක ඉවර වී නැවත world tour එක පටන් ගැනීමට තිබූ නිසා ඔහු නැවත යාමට කලින් engagement එක ලංකාවෙදීම පොඩි උත්සවයක් තියා ගැනීමට සියල්ල ලෑස්ති කලේය. BTS ලගෙ අනිත් members ලද මෙම උත්සවයට සහබාගී වීමට media වලට නොදන්වා ලංකාවට පැමිණෙයි. Jimin ගේ engagement එකද Media වලට දීමට jimin ගේවත් mira ගේවත් දෙමාපියන් වත් කැමති නොවේ. Jimin සහ Mira engagement එක සදහා සූදානම් වී ඇත.

(Jimin'sEngagementDay)

Jimin සුදුවට හුරු full suit එකක් ඇදගෙන උත්සවය ඇති hall එකේ පොඩි stage එකක් වගේ සාදා ඇති ස්තානයේ හිටගෙන සිටියි. උත්සවයට පැමිණි jimin ගේ අම්මා තාත්තා ද mira ගේ පවුලේ අයද BTS ලද යහලුවන්ද ඇතුලු පිරිස විවිද කතා බහ වල යෙදෙමින් බලා සිටින්නේ Mira ඇයගේ තාත්තා සහ අම්මා සමග පැමිනෙණ තුරුයි. උත්සවය ඇති ශාලාවේ දොර ඇරෙයි. සුදුවට හුරු දිලිසෙන ලස්සන සාරියකින් සැරසී සිටි Mira තාත්තා සහ අම්මා සමග ඇතුලට පැමිණ jimin සිටින වේදිකාවට නගී. එම වේදිකාව උඩ තිබූ මේසයේ Registrar ඉදිරිපිට වාඩිවෙයි. Mira ගේ සහ jimin ගේ registration එකට සාක්ෂිකරුවන් විදිහට sign කිරීමට පොරොන්දු වී සිටියේ hwani සහ jungkook නිසා jungkook ද වේදිකාවට නගී. ඒත් hwani තාම එතනට පැමින නැත. Mira, jimin සහ jungkook තුන්දෙනාම වටපිට බලමින් hwani ව සොයයි. "Wow" jungkook ට එසේ කියවුනේ hall එකේ ඔහුට ඉස්සරහින් තිබ්බ දොරෙන් දම්පාට lehenga එකක් ඇදගෙන ඇතුලට ආපු hwani දුටු නිසයි. ඇය ඒ ඇදුමත් light makeup එකත් එක්ක ඇත්තටම ඇය ඉතා ලස්සනට බැබලී පෙනෙයියි. Mira සහ jimin ද ඇය එන පැත්ත බලයි. Hwani ඉක්මනින් වේදිකාව උඩට එයි. "Sorry මම පරක්කු නෑ නේද? Washroom ගියා... හී..." hwani Mira,jimin සහ jungkook ට විතරක් ඇසෙන පරිදි එසේ පවසා දත්තිස්දෙක එලියට දමා හිනා වී ඇය රැගෙන පැමිනි mira ගේ සහ jimin ගේ rings තියෙන පෙට්ටි දෙකද එතන මේසයෙන් තබයි. "වෙලාව හරි අපි එහෙනම් පටන් ගමු" registrar පැවසූ පසු හැමෝම ඒ දෙසට අවදානය දෙයි නමුත් jungkook තවම hwani දෙස ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදියි. තමා දෙස කවුරුන්හෝ බලා සිටිනවා දැනුන hwani jungkook දෙස බලයි. (jungkook සුදු shirt එකකට රතු coat එකක් ඇදගෙන ඇත. Hwani ට නම් ඔහු එවැනි ඇදුමක් ඇදගෙන සිටිනවා දැකීම එතරම් අලුත් දෙයක් නොවේ.) hwani ඔහු දෙස බලපුවම එකපාරටම පියවිසියට ආපු jungkook ද registrar දෙසට අවදානය දෙයි. Registration එක අවසන් වෙයි.  Hwani සහ jungkook stage එකෙන් බසී. Jimin සහ Mira පුටු වලින් නැගිටින්නේ ඊලගට ඇත්තේ rings හුවමාරු කරගැනීම නිසයි. Jungkook සහ hwani මේ අවස්තාවේ සිටින්නේ stage එකෙන් දෙපැත්තට වී හිටගෙනයි. Jungkook ට hwani සිටින පැත්තට ‍යන්න ඕන උනත් සෙනග නිසා යන්න අමාරු වෙයි. Jungkook Hwani දෙස බලා සිටින අතර hwani ගේ එහාපැත්තෙන් හිටගත් Taehyung hwani ගේ කනට ලංවී කින්ඩි හිනාවක් දමමින් යමක් අසන්නේ stage එකේ සිටිනි jimin mira දෙස බලමිනි. Hwani ද හිනාව තදකරගෙන ඔව් ලෙස පිලිතුරු දෙයි. 'මේ දෙන්න මොනාටද මේ හිනා වෙන්නෙ...' jungkook එහෙම සිතමින් ඔහු ද stage එක දෙස බලයි. Mira සහ jimin තම rings ඇති box දෙක අතට ගෙන එය අරිනවත් සමගම "Yahhhh" jimin කෑගසමින් ඒ box එක විසික් කරන්නේ එහි මුද්දක් වෙනුවට කැරපොත්තෙක් සිටි නිසාය. මුලු උත්සව ශාලාවටම හිනා යයි. Jungkook ද හිනා වෙමින් hwani දෙස බලන විට taehyung ඇයත් සමග පහක් දානවා දැක්කම උනේ මොක්ද කියලා jungkookට පැහැදිලිවම තේරෙයි. "කෝ මුද්ද?" jimin එසේ ඇසුවේ jungkook දෙස බලමිනි. "මේකද හොයන්නෙ?" taehyung අනිත් පැත්තෙ සිට මුද්ද පෙනවමින් අසයි. "ඔයාටත් taehyung කොච්චර වැදගත් අවස්තාවක් උනත් මට ආතල් එකක් දෙන්නෙ නැතුව නින්ද යන්නෙ නෑ නේද??? මෙන්න මෙහෙ දෙන්න ඕක..." jimin එසේ පවසා taehyung ගෙන් මුද්ද ඉල්ලා ගනී. හැමෝම හිනාවෙමින් මෙය බලා සිටියි. "හරි දැන් මේක ඉක්මනට දාමු නේද???" එතන හිටගෙන ඉදලා ඇති වෙලා ඉන්න mira පවසයි. "හරි එහෙනම්" jimin එසේ කියා mira ගේ අතට මුද්ද දමයි. Mira ද jimin ගේ අතට මුද්ද දමයි. මේ අවස්තාවේ Mira ට jimin ව හම්බුනේ ඒ අතීතය මතක් වෙයි.
'එදා mask දාගෙන හිටපු නුසා මූණෙ හොරි නැත්තන් ISIS කාරයෙක් ද කොහෙද කියලා මම හිතපු ඒ බොසා... ඇත්තටම මම ඒ හිටියෙ jimin කියලා නොදැන කොච්චර ගොබ්බ විදිහට ද හැසිරුනේ... ඒ jimin කියලා මම දැනගත්ත වෙලාවෙ මම හිතුව මම කරලා තිබ්බ දේවල් වල හැටියට එයා මාව අස්කරයි කියලා... ඒත් ඒක එහෙම උනේ නෑ... අන්තිමට එයා නිසා මට bighit එකේ employee කෙනෙක් වෙන්නත් පුලුවන් උනා... ඇත්තටම මම අදටත් දන්නෙ නෑ එයාට මම ගැන feelings ආවෙ කවද ඉදන්ද කියලවත් මට එයා ගැන feelings ආවෙ කවදා ඉදන්ද කියලවත්... ඔව් මම පොඩි කාලෙ ඉදන් BTS ලගෙ හැම member කෙනෙක්ටම කැමැත්තෙන් හිටියා තමා ඒ කියන්නෙ මම jimin ටත් කොහොමත් කැමැත්තෙන් හිටියා... ඒත් ඒ කැමැත්ත ආදරයකට හරවගත්තෙ jimin මයි. ආදරේ කියන්නෙ ඇත්තටම හිතාගන්නවත් බැරි දෙයක්...' එසේ සිතන mira ගේ ඇස් වලට ඇයට නොදැනිම කදුලු එයි. Mira කියන්නෙ එහෙම ලේසියන් අඩන කෙනෙක් නෙවේ... ඒත් ඇය ඇත්තටම මේ අවස්තාවේ ගොඩක් emotional වී සිටී. ඇයගේ ඇස් වල කදුලු දුටු jimin ඇයව තදින් වැලද ගනී. "මම දන්නවා ඔයාගෙ ඇස් වල තියෙන්නෙ සතුටු කදුලු කියලා... ඒත් අඩන්න එපා plz... මටත් තාම හිතාගන්න බෑ මම ඔයාව engage  කලා කියලා... ඒත් අපි පුදුම වෙන්න ඕනෙ නෑ Mira මොකද මම හිතන්නෙ මේක තමයි අපේ destiny එක" jimin Miraව වැලද ගෙනම ඇයගේ කනට කර එසේ පවසයි.

Our Destiny Where stories live. Discover now