Episode 45

571 103 1
                                    

Ep(45)
(Mira Jimin ව studio එකට ඇරලවා ඔහු එන තුරු වහනයට වී බලාසිටියි) දැන් පැය කීයක් ද අප්පා මෙයා මොනාද මෙච්චර වෙලා ඇතුලට වෙලා කරන්නේ.. එක්කෝ මට වැඩේ ඉවර වෙලා කතා කරනකන් යන්න කියන්න ඕනේ.. අද degree එක කරන තැනින් හවස් වෙලා එන්න කිව්වත් එක්ක.. මෙයා තව පරක්කු උනොත් මට වෙලාවට යන්නත් බැරි වෙනවා.. ඇතුලට ගිහින් බලනවද... (Mira car එකෙන් එලියට බසී) -"එයි!! මේ ඔයා Mira නේ? hwani ගේ cousin?" -"අහ්.. ඔව් ඔව් ඔයා අර එයාගේ campus එකේ යාළුවා නේ.. මට මතකයි.. යුන්මි? මන් හරි නේ?" -"ඔව් ඔව් ඉතින් කොහොමද? hwani එහෙම හොදින් නේ.. මට ගොඩක් කාලෙකින් කතාකරන්නත් බැරි උනා" -"ඔව් එයා හොදින්" -"මේ ඔයාවත් කියන්න හලෝ එයාට ආයේ අරවගේ වැඩ කරන්න එපා කියල.." -"අහ්??" -"නැහැ අර අච්චර උදවු කරපු කොල්ලා එදා මෙයාව හම්බවෙන්න ආපුවම මෙකි එයාව මග ඇරියනේ.. පව් එවලේ ඒ කොල්ලගේ මුණ දැක්කනම් ඔයාටත් දුක හිතෙනවා හලෝ.." -"මොකක් කොල්ලෙක්? අපේ hwani ට ලයින් වගේද? අහ්?" -"ඔව් ඇයි ඔයාට සිද්දිය කිව්වේ නැද්ද hwani.. ඒ මේ නිකන් කොල්ලෙක් නෙවේ.." -"awww!! හලෝ මන් පස්සේ hwani ගෙන් සිද්දිය අහගන්නම් කෝ එහෙනම් මට දැන් පරක්කු වෙනවා හලෝ ඇතුලට යන්න ඕනේ බොස් ව හොයාගෙන එන්න.." -"අහ් හරි" mira යුන්මි සමග සිදුකර කතාව අවසන් කර studio එක ඇතුලට ගියේ security ගෙන් කිසිම බාදාවක් නොමැති වයි. mira දිගින් දිගටම jimin ගේ number එකට අමත මින් ඉදිරියට යයි. අය්යෝ මෙයා call එක answer කරන්නේ නැනේ.. සමහර විට එයා ලොකු වැඩක වෙන්න ඇති.. ඒත් මෙහෙම හිටියොත් මට පරක්කු වෙනවනේ.. කොහොම හරි හොයාගත්තනම් එයාට කියලා යන්න තිබ්බා. Mira පළමු දවසේ ලෙසම එක් එක් කාමර වලට එබෙමින් ඉදිරියට යයි. මේ අවස්ථාවේදී Mira දකින්නේ මදක් ඈතට වෙන්නට ඇති canteen එකේ ඉදිරිපස පුටුවක ඉදගෙන phone එකේ යමක් බලමින් හිනා වෙවී snack එකක් කකා Jimin සිටින බවයි. දෙය්යනේ.. මේ jiminah නේද?? මන් අතනට වෙලා වේලි වේලි පැය ගානක් මගේ වැඩත් පාඩු කරන් මෙයා එනකන් බලන් ඉන්නවා.. ඒකට මෙයා මෙතන හොදට කකා බිබී ආතල් එකේ ඉන්නවා... ඉන්නකෝ මන් අද නම් jimin ද කව්ද බලන්නේ නැහැ හොදවයින් දෙකක් කතා කරනවා මෙයාට.. -"ඒයි!! Jimin sir!!! මේකද ඔයාට තියෙනවයි කිව්ව හදිස්සි වැඩේ අහ්??" (jimin එකපාරටම ගැස්සි ගොස් බයවුණු මුනකින් යුතුව Mira දෙස බලයි) -" මන් අරහේ එලියට වෙලා ඔයා එනකන් මගේ වැඩත් පාඩු කරන්න බලන් ඉන්නවා.. ඔයා මෙතන හොදට snack එකකුත් කකා videos බල බල ආතල් එකේ ඉන්නවා... ඒ මදිවට call එකක් answer කරන්නෙත් නැහැ... එක්කෝ මට යන්න කියන්න කියන්න ඕනේ.." (studio එක ඇතුලේ තිබු නිශ්ශබ්ද තාවය Mira ගේ කට හඩින් දෙදෙරා යයි. ඉදිරි පස කාමරයේ මේ මොහොතේ යම්කිසි වැඩක් කරමින් සිටි Suga මේ සද්දය ඇසී එලියට දුවගෙන එයි) -"ඒයි තමුන් කවුරු කියලා හිතන්ද මේ අපේ Jimin ගේ studio එකට ඇවිල්ල Jimin ට මෙහෙම කෑගහන්නේ අහ්?? කව්ද ඔයාට ඇතුලට එන්න අවසර දුන්නේ... security!!!!!!! මේ කෙල්ලව ඇදගෙන ගිහින් එලියට දාන්න"

Our Destiny Where stories live. Discover now