Episode 52

510 95 8
                                    

Ep(52)
-"පුස්තකාලෙට පොත දෙන්න ආවයි කිව්වට මන් කිව්වේ නැනේ මන් ආවේ මේ පුස්තකාලෙට කියලා... මන් ගියේ වෙන එකකට" jimin මද වෙලාවක් කල්පනා කරසිට පැවසුවේ එය බොරුවක් කියා වැටහෙන ලෙසය. -"හා හරි එහෙනම් මන් ඒක එහෙමයි කියලා හිතාගන්නම්කො (Mira හිනාවෙමින් jimin ට පැවසුවේය) Miss මෙයාට ගන්නවා නම් අදම මේකේ membership එක ගන්න බැරි වෙයිද?" -"අපෝ පුළුවන් මට ID එක දෙන්න sir" පුස්ථකාලාදිපතිට ID එක දී සුලු මොහොතකට පසු Jiminට membership card එක සාදා දුනි. ඉන්පසු jimin සහ mira පුස්තකාලය ඇතුලට ගොස් අවශ්‍ය පොත් කිහිපයකුත් රැගෙන වාඩිවිය.jimin ඉතා ආදරණීය ලෙස mira ට පාඩම් වල අමාරු කොටස් කියා දෙයි. දෙදෙනාම රහස් හඩින් කතා කරමින් සිටින්නේ පුස්තකාලයේ සිටින නිසාය. සුළු වෙලාවකට පසු Mira ගේ දුරකථනය නාද වීමට පටන් ගත්තේය.ඔවුන් වැඩ කරමින් සිටි මේසය උඩ උඩුඅතට තිබු දුරකතනයේ ඇයට පැමිණි ඇමතුමේ නම සදහන් වී තිබුනේ 'Jungkook' ලෙසය. mira එම ඇමතුම පැමිණි විගස answer නොකර මද වෙලාවක් තියෙන්නට හැරියේ ඇයට ඇමතුම පැමිණෙන්නේ JK ගෙන් බව jimin ට පෙන්වීමට අවශ්‍ය නිසාය. -"excuse me!" mira phone එක answer කරමින් පුස්තකාලයෙන් එලියට යන්නේ පුස්තකාලය තුල දුරකථන බාවිතය තහනම් නිසාය. 'අහ්... JK මොකටද මෙයාට call කරන්නේ.. අනික JK ලග කොහෙන්ද මෙයාගේ number එක... මෙයා කරන්නේ බොරුවක් වෙන්න ඕනි...' ජනේලයෙන් එළියේ එහෙමෙහෙ වෙමින් මුකුළු දමමින් call එකේ සිටින mira දෙස බලමින් Jimin සිතයි. (hwani එදින රාත්‍රි වන තුරු KBS එකේ වැඩ කරමින් සිටියි) අම්මෝ අදනම් හරිම මහන්සියි. අප්පා වෙලාව 11.30ත් වෙලානේ... මන් ගියානම් හරි ඉතුරු වැඩ ටික හෙට කරනවා.. එසේ සිතමින් මන් වැඩ අවසන් කර යනවිට අත්සන් කරන පොතෙහි අත්සන දැමුවද දිනය අමතක වී තිබුණු නිසා phone එක ගෙන අද දිනය බලා එහි '2024/08/03' ලෙස දිනය සදහන් කර මා ගෙදර ඒමට පිටත් විය.'අනේ... mira ගෙදර ආවද දන්නේ නැහැ... අද උදේ ඉදන් ගත්ත එක call එකක් වත් answer කලෙත් නැහැ.. දැන් රෑ 12ටත් කිට්ටුයි... mira ට මෙච්චර තරහ ගියේ ඇයි කියලා මට හිතාගන්න බැහැ තාම... මන් දන්න mira නම් මන් JK marry කරත් ඒකට ඉහලින්ම sup එක දෙන type එකේ කෙනෙක් නේ... ඇයි එයා ඒත් අද මෙහෙම මාත් එක්ක තරහ උනේ...' එසේ සිතමින් මා නැවත mira ට call කරද ඇය answer කලේ නැත. 'අද නම් මහා දුක්කිත දවසක් අනේ... Jk ත් වැඩ ඉවර උනාම කථාකරන්නම් කිව්වට තව වෙනතුරු කතාකලේ නැහැ... එයාටත් තවම වැඩ ඇති ඉතින්... අප්පා රෑ12ත් පහුවෙලා දැන්නම් Mira නිදි ඇති හිමින් දොර ඇරන් යන්න ඕනි.' එසේ සිතු මා හිමින් හිමින් දොරෙහි password එක type කළේ සියල්ල එපාවී මැලවී ගිය මුහුනකින්ය. ගෙදර දොර ඇරෙනවාත් සමග -"Happy birthday Hwaniyo!!!" මා කිසිවිටෙක බලාපොරොත්තු නොවූ ලෙස දොර ඉදිරිපිටම cake එකක් අතට ගෙන සිටි JK එසේ පවසමින් කෑගැසුවේය. -"JK ඔයා??" මම විශ්මයෙන් යුතුව ගේ ඇතුලට පය තබන විටම -"happy birthday my sis!!!" දොරට මුවා වී සිටි Mira snow ස්ප්‍රේ එකකින් මාව නැව්වේය. -"oh my god!!!" මට මහා හය්යෙන් කෑගැසුනේ සිදුවූ කිසිම දෙයක් මට සිතාගත නොහැකිවූ නිසාය.

Our Destiny Unde poveștirile trăiesc. Descoperă acum