Episode 38

537 93 0
                                    

Ep(38)
Mira ගේ කෑගැසීමට නින්ද ගොස් සිටි Jimin උඩ ගිහින් ඇහැරෙයි. -"අහ්.. Mira ඔයා නැගිට්ටද? දැන් කොහොමද?" (Mira එක පාරටම ඇදෙන් නැගිටී) -"දැන් කොහොමද අහන ලස්සන.. ඔයා හිතුවද මන් BTS ලට කැමති නිසා මන්  මොනවා කරත් මෙයා මට මුකුත් කියන එකක් නැහැ කියලා..!!" mira නොනවත්වා කියවමින් Jimin ට බැණ වදීන්නේ ඇස් වල කදුළු පුරෝගනය. -"Mira මන් ඔයාට වෙච්ච දේ පැහැදිලි කරන්නම්.. ඔයා හිතන තරම් දෙයක් මෙතන වුනේ  නැහැ" #චටස් Mira Jimin ට කම්මුල් පහරක් ගසයි. -"හිතන තරම් දෙයක් වුනේ නැහැ.. ඒ කියන්නේ පොඩි හරි දෙයක් වෙලා තියෙනවා කියන එක නේ... OMG!!! ඔයා කොහොමද... oh!!! shit!!!" (Mira phone එකද එල්ලා තිබුණු ඇදුම් ද රැගෙන කාමරයේ දොර ඇරැගෙන එලියට ගොස් ඉතා හය්යෙන් නැවත දොර වසයි) -"Mira!! පොඩ්ඩක් නැවතිලා මන් කියන දේ අහන්නකො" Jimin එසේ පැවසුවද Mira එය ගණන් නොගෙන හඩමින් ම ඔහුගේ ගෙදරින් එලියට පැමිණේ. Mira ට මේ මොහොතේදී දුක පැවසීමට ඇත්තේ එකම එක් අයෙක් පමණි ඒ hwani ය. phone එක off වී ඇති නිසා Mira ට hwani ට call එකක් ගැනීමට ද නොහැක ඒ නිසා Mira කෙලින්ම KBS ආයතනයට යාමට සිතාගනී.(මේ අවස්ථාවේදී apartment එකට taxi එකකින් පැමිණි hwani ඉතා කලබල කාරී ලෙස ඇතුලට ගොස් උඩට යාමට ලිෆ්ට් එකට නගී. එහි දොර වැසේනවත් සමග Mira ඉදිරිපස ඇති ලිෆ්ට් එකෙන් පහලට පැමිණෙයි. නමුත් මේ අවස්ථාවේදී දෙදෙනා එකිනෙකාට නොදකි.) ඉක්මනින් එලියට දුවගෙන පැමිණි Mira taxi එකක KBS ආයතනයට ගිය ද hwani ෂෝර්ට්ලිව් එකක් දමා ගියබව එතනින් පැවසු නිසා hwani සහ ඇය නැවතී සිටින apartment එකට ගියත් Hwani එහි නොසිටි නිසා නැවත එලියට පැමිණ අඩමින් පාරේ ඇවිදිමින් කඩසාප්පු තුල hwani සිටිනවාදැයි බලයි. -"අනේ... hwaniyo!! ඔයා කොහෙද?? මට ඔයත් එක්ක කතාකරන්න ඕනේ... ඔයා කොහෙද ගියේ..." Mira කෑගසා හඩමින් hwani ව සොයමින් ඇවිදි.මේ මොහොතේදී වැස්සක් ඇදහලීමට පටන්ගනි. Mira කඩයක් ඉදිරිපිට අයිනක බිම ඉදගෙන තෙමි තෙමි හැඩීමට පටන්ගනී.(මේ අවස්ථාවේදී පාරේ එහා පැත්තේ ගමන් කරන jinhyuk බිම ඉදගෙන අඩමින් සිටින Mira ව දකී ) වැස්සේ තෙමෙමින් සිටි Mira ට එක පාරටම ඇගේ හිසට වැස්සි පොද වැටීම නතර වූ බව දැනේ. Mira හිමින් හිමින් කදුළු පිහිදමමින් හිස ඔසවා බලයි. කබායක් ඇදගත් cap එකක් දමාගත් මිනිසෙකු කුඩයක් දිගහැර තමා දෙසට දුගුකර ඇති නිසා ඇගට දැන් වැසිපොද වැටීම නතර වී ඇති බව ඇය දකී. අදුරු කර වහින නිසා ඇයට පෙනෙන්නේ ඔහු ගේ චායාව පමණි. -"කවුද? ඔයා" කදුළු පිහිදමමින් එසේ අසමින් Mira නැගිටියි. නැගිට්ට විගස Mira ට ඒ කවුදැයි හදුනා ගැනීමට හැකි විය.

Our Destiny Donde viven las historias. Descúbrelo ahora