Episode 31

546 102 0
                                    

Ep(31)
-"Mira ඔයාට මොනවා හරි ගන්න තියෙනවද?" -"ඔව් sir මට ඇදුම් දෙක තුනක් ගන්න ඕනි.. sir ගිහින් ඕන බඩු එව්වා මෙව්වා ටික අරන් එන්න මන් ටාස් ගාල ඇදුම් දෙක තුනක් ගත්ත car එක ලගට ගියා.." -"මාත් නම් ආවේ ඇදුම් දෙක තුනක් ගන්න තමා.. යන් එහෙනම් මාත් එක්කම.. අර shop එකට යමු ඒකේ Gucci වගේ හොද brands තියෙනවා" -"අහ්!! නැහැ නැහැ sir ඕනේ නැහැ මන්.. මේ.. වෙන තැනකින් ගන්නම්" මා එසේ පැවසුවේ එහෙම branded ඇදුම් ගන්න තරම් වත්කමක් මට නැති නිසයි -"ඇයි අනේ... හරි එහෙනම් මුලින්ම යමු මාත් එක්ක ඒ shop එකට.. ඊට පස්සේ අපි යමු ඔයාට ඇදුම් ගන්න ඕන shop එකට" -"අහ්!! අනේ එහෙම දෙයක් නිසා නෙවේ ඇත්තටම sir මන් එච්චර ලොකු සල්ලියක් ගෙනාවේ නැහැ ඒකයි" -"අය්යෝ ඒකද ප්‍රශ්නෙ.. මෙන්න මෙහෙ එන්න මාත් එක්ක යන්න" බොස් මගේ උරහිස් වලින් තල්ලු කරමින් මාව shop එක ඇතුලට ඇදගෙන ගියේය. -"අන්න අරපැත්තේ girls items තියෙන්නේ.. ඔයා ගිහින් බලන්නකෝ ඔයාට ආස හිතෙයි.. මන් ගිහිල්ල මට ඕන කරන items අරන් එන්නම්" ඔහු එසේ පවසා boys items තියෙන පැත්තට ගියේය. මන් හිමින් හිමින් girls item තියෙන පැත්තේ ඇවිදිමින් සිටියේ මොකක් අතට ගන්නද කියා සිතා ගැනීමට වත් නොහැකිවයි. wow!! මෙතන තියෙන ඇදුම් වල ලස්සන.. අනේ මන් අද ඇදුමක් ගන්නවාමයි මෙතනින් සල්ලි මදි උනොත් බොස් ට පඩියෙන් කපාගන්න කියනවා... මා එසේ සිතමින් ලස්සන ඇදුමක් අතට ගෙන එහි tag එක දෙස බැලුවේ ඒක කීයක් විතරද කියලා දැනගැනීමට ය. Omg!!! $3115 ක්... මේක ගත්තොත් එහෙම මාසෙම නොකා නොබී මේක ඇදගෙන තමා ඉන්න වෙන්නේ... අනේ ඇදුම් ඕනේ නැහැ ඔන්න ඔහේ sir ඕන කරන එව්වා ගත්තට පස්සේ ගෙදර යනවා.. මා එසේ සිතමින් shop ඒකේ පිටත් වෙන දොර අසලට වී එහාට මෙහාට සක්මන් කරමින් සිටියාය. -"අහ්.. Mira ඔයා ඇවිල්ලත් ඉවරද මන් හිතුව තාම ඇදුම් බලනවා ඇති කියලා.. කෝ මොනාද ගත්තේ" -"මුකුත් ගත්තේ නැහැ sir එතන තියෙන එව්වා මට හරි යන්නේ නැහැ වගේ" -"මොකක්!! ඔයාට හරියන්නේ නැහැ.. මෙන්න මෙහෙ එන්න මන් ඔයාට හරියන එකක් හොයල දෙන්න" බොස් මාව girls items තියන පැත්තට ගොස් ඔහුගේ පිටුපසින් පැමිණි මා අතට ඇදුම් රැක් වල ඇති ලස්සන මගේ size එකට හරියන ඇදුම් බලෙන්ම වගේ දුන්නේය. -"අහ්.. දැන් ගිහින් මට එකින් එක fit on කරලා පෙන්නන්න" -"ඒත් sir.." -"මට පරක්කු වෙනවා කෝ යන්න ගිහින් එක එක ඇදගෙන එන්න" මන් හිමින් හිමින් fit on room එකට ගොස් එතනින් මට ආස හිතුන ගවුම මුලින්ම ඇදන් එලියට ආවේය. -"sir! මේ බලන්නකෝ ඔයාගේ miss ගේ ලස්සන" එතන සහයට ඉන්න කාන්තාවක් phone එකට අවදානය යොමුකර සිටි බොස් ට කතා කළේය. -"wow!!" මා දෙස බැලූ බොස්ට එකපාරටම එසේ කියවුණි. "Mira! ඕක perfect!! ඔයාට මාරටම ගැලපෙනවා..." -"thank you sir!" මා එසේ පවසා ඇතුලට ගොස් අනිත් ඇදුම් නුත් එකිනෙක දමා එලියට ආවේය.(ඔක්කොම ඇදුම් fit on කර අවසන් විය) -"sir දැන් මොකද්ද ගන්නේ? මේක හොදයි නෙ?" මන් එතන පොඩ්ඩක් ලාබෙට තිබුණු ඇදුම අතට ගෙන පැවසුවේය. -"ඕක නෙවේ මේ ඔක්කොම හොදයි අපි ඔක්කොම ගමු" -"පිස්සුද sir මෙතන item 10ක්... අම්මෝ මෙව්වා ගෙවන්න ඊට පස්සේ මට 365/24hrs drive කරත් බැරි වෙයි" -"දැන් කවුද කිව්වේ ඔයාට මෙව්වට ගෙවන්නයි කියලා අහ්... කෝ මෙන්න මෙහෙ දෙන්න" බොස් මා fit on කර බැලු ඇදුම් ඔක්කොම අරන් ගොස් counter එකෙන් තබා bill එක pay කර මගේ ඇදුම් දමා ඇති bags ටික මා දෙසට දිගු කරේය. මා ඔහු දෙස ඇස් ලොකු කරගෙන බලා සිටියේ ඒ වුනේ මොකද්ද කියලා මට හිතාගන්න බැරි නිසයි.

Our Destiny Where stories live. Discover now