Episode 41

537 93 0
                                    

Ep(41)
(present) මම සිදු වූ සියලු දේ Mira ට පවසා අවසන් කෙරුවේය. "anehh jimin oppa so sorry!! මන් කොහොමද ඔයගැන මෙහෙම වැරදියට හිතුවේ.. මන් ඔයාට කරදරමයි කරන්නේ.. sorry" -"ahh it's okay Mira.. ඔයා දැන් ගිහින් රෙස්ට් කරන්න.. ඔයා අන්තිමට ඇත්ත දැනගත්ත එක ලොකු දෙයක්.. අනික මටත් sorry මෙච්චර කල් මන් කවුද කියලා ඔයාගෙන් හැංගුවට" -"එහ්.. පිස්සුද ඒකට sorry කියන්න ඕන ඈ.." Mira එසේ පවසන විට ඇය වැඩට ගිය පළමු දිනයේ සිට ගෙදර පැමිණ මාත් සමග බොස් ට බැනපු ආකාරය මතක් වී මට හිනායන්නට විය. (මේ අවස්ථාවේදී jimin ට call එකක් පැමිණ ඔහු answer කිරීම සදහා නැගිට මදක් එහාට යයි) -"hwani ඇයි හිනා වෙන්නේ?" -"නැහැ බන් අර ISIS කාරයා, මැර බොසා නෙහ් ඔය ඉතින්?" -" මතක් කරන්න එපා ඔයි ඔව්වා මේ වෙලාවේ.. ඔන්න බලන්න jimin අද යන්න කලින් කියනවා හෙට ඉදන් වැඩට නාවට කමක් නැහැ කියලා" -"ඇයි එහෙම කියන්නේ?" -"මන් කරපු දේවල් වල හැටියට මනුස්සයෙක් තවදුරටත් වැඩට එන්න කිව්වොත් තමා පුදුමේ.. හලෝ මන් බැනල විතරක් නෙවේ ගහලත් තියෙනවා මෙයාට" -"මොකක් ගහලත් තියෙනවා?" -"hmm ඔව්" (mira ට ඔහුට කල සියලු දේවල් මතක් වේයි. මේ අවස්ථාවේදී jimin call එක අවසන් කර පැමිණ ආපසු යාමට අවශ්‍ය යැයි පැවසුවත් Hwani සහ Mira ඔහුට තේ කක් බී යාමට සිටින ලෙසට ඉල්ලු නිසා ඔහු රැදී සිටී. Mira wash එකක් දාගැනීමට යයි. ) තේ සාදමින් සිටි මට සාලයේ එහාට මෙහාට ඇවිද ඇවිද සිටින Jimin ව පෙනෙයි. Jimin මගේ සහ Mira ගේ පින්තුර ගසා ඇති බිත්තිය අසලට ගොස් හොදින් එහි ඇති පින්තුර දෙස බලමින් සිටියි. තේක හදා අවසන් වූ මා එය රැගෙන ඔහු සිටින දෙසට යනවිට මාදුටුවේ Jimin එම බිත්තියේ එල්ලා තිබුනේ Mira ගේ කුඩාකල පින්තුරයක චායාරුපයක් ඔහුගේ phone එකෙන් ගැනීමට යන බවයි. ඔහුට එම පින්තුරය ගැනීමට ඉඩදිය යුතු නිසා මා තේක රැගෙන පැමිණි වේගය අඩුකරමින් හිමින් හිමින් ඒ දෙසට ගමන් කළේය. -"Jimin! මේ තේක බීල ඉන්න" Mira කාමරයේ සිට එසේ කෑගසමින් පැමිණියේ Jimin ට photo එක ගැනීමට බාදා කරමින්ය. -"මන් ඔයාට කිව්වා මේ චාටර් පින්තුර මෙතන එල්ලන්න එපා කියලා.. බලහන් දැන් මොන නෝන්ඩියක් ද කියලා" Mira මගේ කනට ලංවී එසේ පැවසුවේය. (jimin පැමිණ තේක අරගෙන බී යාමට සුදානම් විය) -"එහෙනම් මන් ගිහින් එන්නම් mira ඔයා රෙස්ට් එකේ ඉන්නකෝ... ටිකක්.." -"හරි thankyou.. jimin.. ahh.. නැහැ sir aishh නැහැ නැහැ jimin sir අනේ.. මන්ද කොහොම කතාකරන්නද කියලා.." "ඔයා කැමති විදිහකට කතාකරන්න අනේ..." Jimin හිනාවී පැවසුවේය. Jimin යෑමට දොරලගට යයි. මාත් Mira ත් ඔහුට 'පරිස්සමින් යන්න' කීම සදහා ඔහුගේ පස්සෙන් ම දොරලගට ගියේය. Jimin දොර අරිනවාත් සමග ගෙදර සීනුවද නාද විය. දොර ඉදිරිපිට cap එකක් දාගෙන කෙනෙකු ඔලුව පහත් කරගෙන සිට හිමීට හිස එසේව්වේය. -"oh my god!!!! JK!!!!!!" Mira මරලතෝනි දී කෑගසන්නට විය. මම ක්ෂණිකයෙන් බිම බලාගත්තේ ඔහු මාව හදුනාගැනීම සිදු නොවිය යුතු නිසාය.Mira ට JK ලස්සන හිනාවකින් ප්‍රතිචාර දැක්වූයේය. මේ දෙස ඉරිසියා සහගත බැල්මකින් Jimin බලාසිට -"JK! ඔයා ඇයි මෙහෙ ආවේ?" යැයි ඇසුවේය. -"hyung ව එක්කන් යන්න නේ" -"එත් ඔයා කොහොමද දන්නේ මන් මෙහෙ කියලා" -"ඇයි hyung කිව්වේ අර coffee ගෙන්න ගිය Mira ගේ cousin ගේ ගෙදරට ආවයි කියලා" -"ඔව් මන් එහෙම කිව්වා තමා ඒත් ඔයා කොහොමද දැනගත්තේ එයාගේ ගේ හරියටම මෙතන තියෙනවයි කියලා?" Jimin එසේ ඇසූ විට Jk කිසම පිළිතුරක් නොදී  මාදෙස බැලුවේය. 'මොකක් ඒ කියන්නේ මෙයා මාව අදුරගෙනද?' මගේ හිත එසේ ප්‍රශ්න නගනවාත් සමග හිස බිමට පහත් කරගෙන සිටි මා හොරැහින් JK දෙස බැලුවේය. ඔහුද මා දෙස බලාසිටියි.

Our Destiny Where stories live. Discover now