Episode 42

530 99 0
                                    

Ep(42)
"ඇයි ඔයාට මතක නැද්ද hyung අපි හත්දෙනා අර phone එකට දාගත්ත අලුත් app එක.. එකෙන් පෙන්නනවනේ අනිත් 6 දෙනාම කොහෙද ඉන්නේ කියලා... " Jk එසේ පැවසුවේ මා දෙස බලාගෙනමය. මට පොඩි සැනසුමක් දැනුනි. -"ahh ඒ app එක නිසා එහෙනම් මෙයා මේ වැඩ්ඩා වගේ ඇවිත් තියෙන්නේ..." -"හරි හරි ඒවා වැඩක් නැහැ කොහොම හරි JK අපේ ගෙදරට ඇවිත්!! නේද hwaniයෝ!! එන්න එන්න ඇතුලට ඇවිත් ඉදගන්න අපි කතාකරමු" Mira JK ගේ අතින් අල්ලාගෙන ගේ ඇතුලට ඇදගෙන ගියේය. Mira JK ව ඇදගෙන යන දෙස Jimin ඇස්  දෙක ලොකු කරගෙන බලාගෙන සිටියි. "එන්න Jimin ඔයත් Jk තේකක් එහෙම බිව්වට පස්සේ යන්න බැරියැ" Mira පැවසුවේය. -"Mira මෙයාලට වැඩ ඇති කරදර කරන්න එපා යන්න දෙන්න" මා එසේ පැවසුවේ JK සිටියදී මම අපහසු තාවයට පත් වෙන නිසාය. -"ahh ඔව් නේ ඔයාලට මේ වෙලාවේ මොකක් හරි වැදගත් වැඩක් එහෙම තියෙනවාද" -"නැහැ" -"ඔව්" Jk සහ jimin එකවර දෙන්නේ උත්තර දෙකකි. Jimin ට JK ව මෙතනින් ඉක්මනට එක්කගෙන යාමේ අවශ්‍ය තාවය ඇති නිසා ඔහු ඔව් ලෙස පවසයි. -"jimin hyung ඔයාට මොකද්ද තියෙන වැඩේ?" JK jimin ගෙන් ඇසු විට "හ‍රි හරි එහෙනම් පොඩ්ඩක් ඉදල යමුකෝ" කියමින් ඔහුද ගොස් ඉදගනී. -"Hey!! JK මන් Mira ඔයා දන්නවද අපි දෙන්නම ARMY ලා අපි දෙන්නගේම bias ඔයා.. hwani! මොකෝ තාම ඔතනට වෙලා හිටගෙන ඉන්නේ එන්න ඇවිත් JK ට ඔයාව අදුන්වල දෙන්න" Mira එසේ පැවසුවද මා නොහෙල්ලි එතනම සිටි නිසා Mira ඇවිත් මගේ අතින් ඇදගෙන JK ගේ ඉදිරිපිටට එක්කන් යයි. "JK මෙයාගේ නම hwani" Mira JK ත් සමග මට අතට අත දීමට මගේ දකුණු අත බලෙන්ම ඉදිරියට දිගු කෙරෙව්වේය. JK මගේ මුණ දෙස බලාගෙන මගේ අතින් අල්ලා "Nice to meet you" ලෙස පැවසුවේය. මා කිසිවක් නොපවසා බිමබලාගෙන ම නැවත අත ගත්තේය. -"අය්යෝ මේ hwani ලැජ්ජාවේ අනේ මේ.. එයා ඔයාට ගොඩක් ආදරෙයි ඔහොම හිටියට" Mira JK ට එසේ පවසන විට දුක් සහිත බැල්මකින් මා දෙස බැලුවේ මගේ හිතේ ප්‍රශ්න කෝටියක් නගමින්ය. (jimin ට හදිස්සි ඇමතුමක් පැමිනෙයි) -"මේ JK මට යන්න වෙනවා studio එකට පොඩි හදිස්සියක්.. Mira ඔයාට දැන් එච්චර අමාරුවක් නැහැ නේ මාව studio එකට ගිහින් දාන්නකෝ" -"මොකක් මේ දැන් ඒත් මට මේ JK ත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හම්බුන chance එකක්නේ " -"අපෝ මෙයත් එක්ක කතාකරගන්න බැරියැ පස්සේ මෙන්න මෙහෙ එන්න යමු යමු JK ඔයත් එහෙනම් පරිස්සමින් යන්න" යයි පවසමින් Jimin Mira ගේ අතින් ඇදගෙන ඇයව එක්කන් යයි. දෙවියනේ මොකද්ද මේ වුනේ.. දැන් මෙතන JK යි මායි විතරයි නේ.. මෙයාව මෙතනින් කොහොම හරි යවන්න ඕනි.. -"මේ මට අමතක වුනානේ මටත් වැඩ වගයක් තියෙනවා.. මන් දැන් එලියට යන්න ඕනි" මා බිම බලාගෙන JK ට එසේ පැවසු විට  ඔහු නැගිට -"හරි එහෙනම් මාත් යන්නම්.. bye" කියමින් ගෙදරින් පිටත් විය. මගේ හිත නැවත පෑරී ඇත. මා තනියම සිටි නිසා හිතේ දුක අඩුවෙනතෙක් හැඩූවෙමි.මද වෙලාවකට පසු මා ගෙදරින් එලියට ගියේ පාරෙන් එහාපැත්තෙ ඇති super market එකට යාමටය. මාගේ සිත නොසන්සුන් ව ඇත. බිම බලාගෙන වෙන සිහියකින් පාර පනිමින් සිටි මට එකපාරටම හයියෙන් වදින හොන් හඩක් ඇසී මා ඒ පැත්ත බලන විට වේගයෙන් වාහනයක් මා අසලටම පැමිණ ඇත. මට කිසිවක් කරගැනීමට නොහැකි විය. -"hwani!!! එහාට වෙන්න ඔතනින්!!" එක පාරටම කෙනෙකු මගේ අතින් අල්ලා එම වාහනය එන දෙසින් ඉවතට ඇද්දේය . ඔහු මාව ඇදගත් වේගයට ඔහුව බිම වැටුනේ මාවද ඔහුගේ ඇග උඩට ඇද වැටෙමින්ය.

Our Destiny Where stories live. Discover now