Episode 56

506 93 0
                                    

Ep(56)
#ට්‍රින්ග් Mira සහ jimin එකෙනෙකා ඇස් දෙස බලාගෙන සිටියදී ඔවුන්ගේ අවදානය බිද දමින් jimin ගේ phone එක නාද විය. jimin ඉකමනින් mira ගේ ඇගෙන් ඉවත් විය. -"sorry" ලැජ්ජා ශීලී ලෙස mira දෙස බලා එසේ පැවසු jimin phone එක answer කර මින් ඔහුගේ කාමරයට යන්නේ ඔහුට පැමිණ ඇත්තේ රාජකාරි ඇමතුමක් නිසයි. නැවත අතු ගාන්න පටන් ගත් mira මද වෙලාවකින් ගේම අතුගා අවසන් කළේය. ඉන්පසු පුටු මේස වල ඇති දුවිලි සියල්ල පිහිදමන්නේ පොඩ්ඩක් නැවතී දාඩිය ද පිහිදමමින්ය. රාජකාරි ඇමතුම නිසා busy වී සිටි jimin සැරින් සැරේ කාමරයේ සිට ඔලුව දමින් mira වැඩකරන දෙස බලයි. බලන සෑම අවස්ථාවකම මහන්සියෙන් වැඩ කරමින් සිටි mira ව දැක දුක සිතුනු jimin -"මේ අපි මේක පස්සේ කතාකරමු අනේ" යැයි පවසා call එක cut කර සාලෙට පැමිණ ඔහු මේසය පිහිදමමින් සිටි mira ගේ අතින් අල්ලා jimin ඇයව නතර කරයි. -"ඔය ඇති ඔයා අද ගොඩක් මහන්සි වුණා.. යන්න ගිහින් අර පුටුවෙන් ඉදගෙන ඉන්න මන් ඔයාට බොන්න මොනාහරි ගේන්නම්" -"අහ්... අනේ ලොකු දෙයක් sir මන් හරිම තිබහෙන් හිටියේ" එසේ කියමින් mira ගොස් sofa ඉදගත් mira ට jimin බීම එකක් රැගෙන එන විට පුටුව උඩ නින්දගොස් තිබුණි. ඇය සීතල නිසා අතපය හකුලුවාගෙන එහි නිදා සිටියි. බීම එක පැත්තකින් තැබූ jimin පොරෝනයක් රැගෙන විත් ඇයට පොරවයි. -"sorry Mira...!! ඔයාව මහන්සි කෙරෙව්වට... මන් දන්නෙත් නැහැ ඇයි මන් මෙහෙම දේවල් කරන්නේ කියලා... ඒත් මගේ හිත හැමතිස්සිසේම ඔයාවම දකින්න ඕනේ කියනවා... අනේ.. මන්දා මන් හිතන්නේ... මගේ දඩබ්බර driver තුමිය මාව පිස්සෙක් කරලා..." රෙද්ද පෙරවූ ඔහු නිදා සිටි ඇය දෙස බලා නොඇසෙන හඬකින් පවසයි. #ට්‍රින්ග් #ට්‍ර්න්ග් සුළු මොහොතකින් mira ට පැමිණි ඇමතුමක් නිසා ඇයව අවදි වේ. අවදි වූ mira නිදිමතෙන් ම පොරවා තිබු රෙද්ද අයින් කර ඇමතුම answer කරයි. -"ah.. hello hwani කියන්න" -" mira ඔයා වැඩක්ද?" -"නැහැ කියන්න" -"පොඩි ප්‍රශ්නයක්..." -"මොකද්ද?? hwani කියන්න?" -"නැහැ මේ... අද මට අම්මයි තාත්තයි කතා කලානේ wish කරන්න එයාල මට මාර කතාවක් කිව්වනේ.." -"ehh ඒ මොකද්ද?" -"කතාවක් කිව්වට ලොකු ප්‍රශ්නයක් බන් මේක.." -"ඒ මොකද්ද ඉතින් කියන්නකෝ" -"මේ ලගදි දවසක අපේ ගෙදරට ඒ පැත්තේ ඉන්න ලොකු businessman කෙනෙක් ගේ පුතෙක් මට proposal එකක් අරන් ඇවිල්ල..." -"ඈ... marriage proposal එකක්??" mira ඇමතුමෙන් එසේ පවසන එක ඇසී කාමරයෙන් එලියට පැමිණි jimin -"මොකක්?? marriage proposal එකක්?? කාටද?? ඔයාට?? පිස්සුද!!!" කලබලයෙන් ඇසුවේය. -"ඔව් ඔව් මට තමයි.." mira jimin ට පැවසුවේය. -"ehh mira මන් ඔයාට ගෙදර ආපුවම වැඩි විස්තර කියන්නම් මන් වැඩක් දැන් bye!" එසේ පවසා hwani දුරකථනය තිබ්බද mira තවම ඇමතුමේ සිටින ලෙස රගපායි. -"ඒකනේවේ hwani ඉතින් ඉතින් එයා පට්ට handsome ඇති නේ... සල්ලිත් තියනවලුනේ... මට ඉවසිල්ලක් නැහැ එයාව දකිනකන්" mira එසේ පවසන්නේ jimin ට ඇසෙන ලෙසය. එය ඇසී තරහ ගිය jimin එකපාරටම ඇවිත් mira ගේ අතින් දුරකථනය උදුරාගනී. -"මොකද්ද ඔයාට ඔච්චර බදින්න තියෙන හදිස්සිය අහ්??" phone එක උදුරාගත් jimin තරහින් මෙන් mira ගෙන් අසයි.

Our Destiny Where stories live. Discover now