Episode 90

494 78 7
                                    

Ep 90 (OD)
"ඇයි දැන් ඔයා ඕවා මට කිය කිය පස්සෙන් එන්නෙ?"
"Yahhhh මම තමුසෙට ආදරෙයි මෝඩියේ!" jimin කෑගසයි. Jimin එසේ කෑගැසූ විට සියලුදෙනා පුදුම වී ඒ පැත්ත බලාගෙන ඉදී.
'Aishh මේ යකා love u වගේ දෙයක් කියන හැටිවත් දන්නෙ නැති හැටි... මොනා උනත් මගෙ hear beat එක නම් 100ට 200ට වැඩි වෙන්න ගත්තා...' එහෙම හිතපු mira " yahhh!!! මෝඩි කිව්වෙ මටද???" කියා කෑගසයි. "ආදරේට කිව්වෙ ඉතින්" jimin ලැජ්ජාවෙන් මෙන් පවසයි. "ආදරේට මෝඩි කියනවද? ඊයා ඔයා හරිම බොලදයි..." Mira එසේ පවසා ආපසු හැරී යෑමට අඩි දෙක තුනක් ගිය විට jimin කෑගසා " Mirahhhhh ඇයි දැන් ඔයා මට කැමති නැත්තෙ?" කියා අසයි. ඔලුව හරවා jimin දෙස බලන Mira " මම දැන් ඔයාට කැමති නෑ කිව්වෙ නෑනෙ..." කියා ඇහැක්ද ගසා පවසයි. Jimin එකපාරටම දුවලා ගොස් Mira ව පිටුපසින් බදාගනී.
"Omg.!!!"
"ohhhhhhhhh"
"jiminahhh"
ඈතට වී මේ සම්පුර්ණ සිද්දිය බලා සිටි BTS ලා සහ hwani කෑගමින් අත්පුඩිගසා cheer කිරීමට පටන් ගනී.
"අයින්ට වෙන්න jimin ලැජ්ජයි නෙ..." mira එසේ පවසමින් ඔහුගේ අත ඉවත් කර "මේ අපි හෙට කතා කරමු මම යනවා..." කියමින් mira එතනින් දුවගෙන යයි.
"ohhhoooo!!!!"
Jungkook සහ අනිත් bts ලගෙ කට්ටිය ඇවිත් සම්ච්චලේට මෙන් jimin ගේ පිටට තට්ටු කරයි.
"මේ jungkook මාත් එයත් එක්කම යන්නම්... අපි පස්සෙ කතා කරමුකො..." hwani එසේ පවසමින් mira පස්සෙන් දුවගෙන යන්න හදනවිට jungkook අතින් අල්ලා නවත්වයි. "මොකද්ද හදිස්සිය? මම ගිහින් දාන්නම්... පොඩ්ඩක් ඉදලා යන්න..." jungkook කියයි. "අනේ අන්න අරයා තනියම bus එකකද කොහෙද යන්න යනවා... මාත් යන්නම්" hwani එසේ කියා ආයෙම යන්න හදන විටම jimin "අහ්හ් මම එයාව ගිහින් දාන්නම්... ඒ mira!!! ඔහොම ඉන්න..." කියමින් mira ගෙ පස්සෙන් දුවගෙන යයි.
"දැන් හරිනෙ... ඔයා එන්න මාත් එක්ක යන්න..." jungkook කියමින් hwani ව අතින් අල්ලන් එක්කන් යයි. " දැන් කොහෙද මේ යන්නෙ?" "කොහෙට හරි වෙලා පොඩ්ඩක් කතා කර කර ඉමු ඉතින්..." "jungkook, ඔයාට මේ උන ප්‍රශ්නෙ මදි වගේද?" "ඒකත් ඇත්ත නේ... ඇයි අනේ මෙහෙම... එහෙනම් යමු මම ඔයාව ගිහින් දාන්නම් අපි car එකේ යනගමන් කතා කරමු..." "අහ්හ් හරි යමු..." jungkook සහ hwani එසේ කතා වී ගිහින් jungkook ගේ car එකට නගී. Jungkook car එක start කර යෑමට පිටත් වෙයි. "hwani දැන් අපි මොකද කරන්නෙ?" "මොනා කරන්නද?" hwani හිනා වෙමින් අසයි. "ඔයා හිතනවද ඔයාට දැන් මේ උන ප්‍රශ්නෙ එක්ක නිදහසේ පාරෙ බැහැලා යන්න පුලුවන් වෙයි කියලා?"  " අනේ මන්දා jungkook... ඒ කෙල්ලට පුදුම අමාරුවක් නෙ තිබිලා තියෙන්නෙ..." "ඔයාට ඊරිසියයි නේද?" "ඊරිසයයි? මම මොකට ඊරිසියා කරන්නද?" "නෑ ඉතින් මට ඔය වගේ පිස්සුවෙන් කැමති කෙල්ලො කොච්චර කියලා ඉන්නවද?" "අනේ දැන් මට වැඩේමනෙ ඕකට ඊරිසියා කරන්න..." " නැතුව ඇයි දැන් ඔයාට ඉදලා තියේද එහෙම ඔයාට කැමති කොල්ලො?" "අපෝ ඕන තරම් ඉදලා තියෙනවා... නෑ කියලා වෙන්නැති හිතන් ඉන්නෙ..." "අහ්හ් ඇත්තද කියන්න බලන්න දෙතුන් දෙනෙක්ගෙ නම් ටිකක්"
'ඇත්තටම එහෙම අය ඉදලා නෑ කියලා මතක් උනාම... කාගෙ හරි නම් ටිකක් කියන්න ඕනෙ නෝන්ඩි වෙන්න බෑනෙ...' එහෙම හිතූ hwani "ඔයාට නම්ද ඕනෙ? කියන්නම්කො... රොශාන් රණවන, හේමල් රණසිංහ, රවීන් කණිෂ්ක-" "අහ්හ් ඇති ඇති... කටට එන නම් ටිකක්ද කොහෙදෝ කියවනවා..." "ehh?? ඇයි මම බොරු කියනවා කියලද හිතන්නෙ... මට වැඩේමනෙ ඔයාට බොරු කියන්න..."
'මෙයා දන්නෙ නෑනෙ ඒ ලංකාවෙ නලුවො කියලා...' hwani එසේ සිතමින් තනිව හිනා වෙයි.  "ඉන්නකො මම වෙලාවක mira ගෙන් අහලා දැනගන්න..." " අප්පටසිරි මෙයා බලහල්ලකො... මට කිව්වට මෙයාටනෙ ඊරිසියාව..." "මම ඔයාට ඊරිසියා කරන්න? අනේ මට වෙන වැඩ නෑනෙ..." "අහ් හරි දැන් මේක ඇති අනේ... අපි වෙන දෙයක් කතා කරමු..." " අහ් හාකො... ඉතින් ඉතින් දැන් කොහොමද පාරෙ බැහැලා යන්න එහෙම හිතන් ඉන්නෙ?" "මට දැන් idol කෙනෙක්ට වගේ mask දාන් cap එකක් දාන් hoodie එකක් වගේ එකක් ඇදගෙන තමයි යන්න වෙන්න..." hwani පැවසුවේ හිනා වෙමිනි. "හිනා නෙවේ hwani ඇත්තටම ඔයාට දැන් ඒ වගේ දෙයක් තමයි කරන්න වෙන්නෙ..." "කමක් නෑ ඉතින් මොකක්හරි කරලා බේරිලා ඉන්න බලන්න එපැයි..." "sorry hwani" "එහ්? ඔයා ඇයි sorry කියන්නෙ?" "නෑ ඉතින් මම හින්දනෙ ඔයාටත් මේ ප්‍රශ්න..." "ඔයාට පිස්සුද jungkook... එහෙම හිතන්න එපා... මම ඔයත් එක්ක යාලු උනේ මේ වගේ ප්‍රශ්න වලට මට මූණ දෙන්න වෙනවා කියලා දැනගෙන... මට දුක නෑ මොකද ඔයත් මාත් එක්ක ඉන්නවනෙ..." "නැතුව මම කොහොමද ඔයාව තනි කරන්නෙ මේ වගේ ප්‍රශ්නයක් ආවයි කියලා?" jungkook එසේ පවසා hwani දෙස බලන විට hwani ද jungkook දෙස බලාගෙන ඉදී. Jungkook වාහනය එලවන ගමන් එක අතකින් hwani ගේ අත අල්ලයි නමුත් hwani එකපාරටම අත අහකට ගන්නේ "yahh ඔයාට ඕනෙ ඔයාගෙ බෙන්ස් එක ආපහු හප්පගෙන පත්තරේ විස්තරේ දාගන්නද?" කියමිනි. " අහ් ඒකද ප්‍රශ්නෙ?" jungkook එසේ පවසමින් එකපාරටම වාහනේ පාර අයිනේ නතර කරයි.

(Jimin සහ Mira car එකේ)
Mira යි jimin නුයි දෙන්නම ලැජ්ජාවට මෙන් එකිනෙකා සමග කතා නොකරමින් යයි. Mira Jimin සිටින පැත්ත බලන්නෙ නැතුව sutter එකෙන් පාර පැත්තම බලාගෙන යයි.
'දැන් ඒ කියන්නෙ jimin මගෙ boyfriend කියන එකද??? අපි යාලු උනා නෙ??? මම දන්නෙ නෑ මම දැන් මොනාද මෙයාට කියන්න ඕනෙ කියලා...' Mira සිතයි. වාහනය පදවමින් සිටින jimin 'ඇයි mira මුකුත් කියන්නෙ නැත්තෙ? වෙනදට නම් කියවනවා මොනා හරි... මමද දැන් මොනා හරි කියන්න ඕනෙ???' සිතමින් සිටියි. මොනා හරි කියා නිශ්ශබ්දතාවය බිදින්න ඕනෙ කියල හිතපු jimin " හරි රෂ්නෙයි නේ" කියා පවසයි. "රෂ්නෙයි නම් AC එක වැඩිකරගන්න බැරියෑ..." mira shutter එකෙන් එලිය බලාගෙනම හිමින් මුමුනයි. "මොකද්ද කිව්වෙ?" "නෑ මේ මට සීතලයි කියලා කිව්වෙ..." "අහ් ඇත්තට? ඒක නෙවේ ඉතින් මේ අද උන දේ ගැන-" " jimin! පාර බලන් එලවන්න! කතා කර කර වාහන drive කරන එක dangerous නේ..." mira jimin අද උන දේ ගැන කතා කිරීමට පටන් ගන්නත් කලින්ම එසේ කතාව නවත්වයි. "එහෙනම් අපි නැවතිලා කතා කරමු" jimin එසේ පවසමින් වාහනය පාර අයිනේ නවත්වයි.

Our Destiny Where stories live. Discover now