Episode 81

480 89 13
                                    

(Hwani Jungkook සමග සින්දුව stream කරමින්)

Jungkook hwani ගේ උරහිසට නිදාවැටෙයි. Hwani උරහිස පොඩ්ඩක්වත් නොසෙල්වන සේ තියාගෙන ඉදී. මේ අතර Hwani හිමින් හිමින් ඇගේ ඔලුව හරවා ඇස් කොනෙක් මෙන් jungkook දෙස බලයි. Jungkook ද එකපාරටම ඇස් දෙක ඇර ඇය දෙස බලයි. මේ අවස්තාවේ ඔවුන් දෙදෙනාම එකිනෙකාගෙ ඇස් දෙස බලාගෙන සිටියි. Jungkook හිමින් හිමින් ඔහුගේ මූණ hwani ගේ මූණට ලං කරන්නේ ඇයගේ දෙතොල් සිපගැනීමට වගේය. Hwani ද තදින් ඇයගේ ඇස් පියා ගනී.
#ට්‍රින්ග්# එකපාරටම ගෙදර සීනුව නාද වේ.  "අ... මම බලන්නම් කවුද කියලා"hwani ලැජ්ජා හිතුන නිසා JK ගේ මුහුණ නොබලා එසේ පවසමින් ගොස් දොරලග ඇති screen ඒකෙන් පැමිණ සිටින්නේ කවුදැයි බලයි.  "අපොයි JK!!!! ඉක්මනට කොහෙහරි හැංගෙන්න..." දොර ඉදියේ සිටගෙන සිටින යුන්මි දුටු මට කියැවුනි. "ඇයි කවුද ඇවිත් ඉන්නේ? Mira නෙවේද? " -"එයා ආවනම් බෙල් ගගහ ඉන්නවද අනේ ඇරගෙන ඇතුලට එනවා මිසක්..." -"අහ්හ් ඒකත් ඇත්ත නේ...  දැන් මං කොහෙද හැඟෙන්නේ... එයාව දොර ලගින් හරවල අරින්න බැරි වෙයිද?" -"පිස්සුද JK එයාව හරවල අරින එක කරන්න ඇමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.. එයා මගේ කාමරේටත් ගිහින් එක එක එව්වා ඇද ඇද බලනවා CID වගේ..." -"අපොයි hwani...  දැන් අපි  මොකද කරන්නේ..." -"අහ්හ්!!! මතක් උනා!!!"  මට මේ මොහොතේ මතක් උනේ Mira යි මායි BTS Merchandise වලින් පුරවල ලස්සනට සාදා ඇති කුඩා කාමරයයි. කුස්සියත් මගේ කාමරයත් අතර වූ ඒ කාමරයට ඇතුළු වීමට ඇත්තේ කුඩා දොරටුවකි. දොරෙන් ඇතුළු වූ විටම පඩි 5ක්‌ පමණ පහලට බැසීමට ඇති අතර ලයිට් දැමු නැතිවිට එය ඉතා අදුරු කාමරයකි.යුන්මි BTS fan කෙනෙක් නෙවේ නිසා මේ කාමරයට යන්නේ නැති බව මගේ ඔලුවට ආවේය. "JK!! එන්නකෝ!" #ට්‍රින්ග් (යුන්මි නැවත බෙල් එක නාද කරයි) මම JK ගේ අතින් අල්ලගෙන එම කාමරය ලගට එක්කන් ගොස් දොර ඇර Jk ගේ උරහිසින් අල්ලා ඔහුව කාමරය දෙසට තල්ලු කලේ "මං ඇවිත් දොර අරිනකන් එලියට එන්න එපා හරිද කථා කරන්නත් එපා හරිද...  බයවෙන්න එපා එයා මේ කාමරේට එන්නේ නැහැ" යැයි පවසමිනි. -"ඒත් hwani.. මේක පට්ට කළුවරයි නේ... " -"හ‍රි හ‍රි ඉන්න මං ලයිට් එක දාන්නම්" ලෙස කියමින් එම කාමරයේ දොර වැසූ මා මගේ කාමරයට ගියේ එම කාමරයේ ලයිට් එකේ සුවිච් එක ඇත්තේ මගේ කාමරයේ නිසාය. (කලුවරේම හිමින් හිමින් පඩි බහිමින් කාමරයට ඇතුළු වන JK එකපාරටම කාමරයේ කවුරුන් හෝ සිටගෙන සිටිනවා මෙන් දකී.) මම මගේ කාමරයට ගොස් ලයිට් එකේ සුවිචය දැමීමට අත තැබුවා පමණි. -"Hwani!!!!!!!!!!!! හොරෙක්!!! හොරෙක්!!!!!" JK කෑගසන හඩ මට ඇසුන නිසා ලයිට් එකේ සුවිචය on කෙරූ මා ක්ෂණිකයෙන් නැවත JK සිටින කාමරයට දුවගෙන ගියේ "JK!! JK!! ඇයි?? කවුද??" යැයි කලබලයෙන් අසමිනි. මා එසේ අසන විට කාමරයේ පඩි ටික බැස සිටගෙන සිටින JK මාදෙස බලා දත් තිස්දෙකම එලියට පේන ලෙස හිනාවක් දමමින් එම කාමරයේ සිටවා තිබෙන JK ගේ රූපය සහිත ඔහුගේ උසටම සාදා ඇති ස්ටෑන්ඩ් එක දෙස බැලුවේය. ඒත් සමගම මට සිදුවුයේ කුමක් දැයි  වැටහුන නිසා හයියෙන් හිනා ගියේය. -"අය්යෝ JK... ඔයා රැවටිලා තියෙන්නේ ඔයාටම නේ... මේ කලබල වෙලාවෙ ඔහොම ආතල් දෙන්නා එපා අනේ..." හිනාවෙමින් ම එසේ පවසා නැවත කාමරයෙ දොර වසා අමාරුවෙන් හිනාව තදකරගත් මා ගොස් යුන්මි ට ඇතුලට ඒමට දොර ඇරියේය.




Our destiny episode පට්ට කොටයි කියලා හිතෙන්නෙ මට විතරද?????😂💔 ඉදිරියට මේ සම්බන්දව මම සලකා බලන්නම්කො...😁💜🙂

😁💜🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Our Destiny Where stories live. Discover now