Episode 53

515 97 1
                                    

Ep(53)
-"happy birthday my dear!!!" mira මාව තදකර වැලද ගනිමින් පැවසුවේය. -"omg!! මන් දන්නේ නැහැ මන් මොනාද කියන්න ඕනේ.. අහන්න one කියලා" සිදුවූ දේ හීනයක් සේ දැනෙන මා පැවසුවේය. -"ඇයි ඔයා හිතුවද මන් ඔයත් එක්ක ඇත්තට තරහ උනා කියලා අහ් නංගි!!! අර වගේ පොඩි දේකට? ඔයා දන්නවද ඔයා මට නොකියා JK ව බැන්දත් මන් මුළු හදවතින්ම ඔයාට සුබපතනවයි කියලා..." -"මන් දන්නවා ඒක!! ඒකතමා මට ඔයා තරහ උනාම හිතාගන්න බැරිවුනේ..." -"මෙහෙමයි උනේ සිද්දිය... මන් ඊයේ උදේ 5ට විතර ඇහැරිලා සාලෙට එද්දී ඔයා sofa එක උඩ හොදටම නිදි headset එකත් ගහගෙන.. ඉතින් මන් ඇවිල්ල headset එක ගලවන්න ගියාම මන් දැක්කා phone එකේ ongoing video call කියලා වැටිලා තියෙනවා වගේ ඒක නිසා මන් phone එක අරන් බැලුව... බැලිත්නම් call එකේ හිටියේ JK මට අදහගන්නත් බැරිවුණා.. මන් ටක්ගාල headset එක phone එකෙන් ගලවල phone එක අතට අරන් බැලුව ඒක ඇත්ත call එකක් ද කියලා.. ඔයාට call එකේ ඉද්දි නින්ද ගියාට JK call එක cut නොකර බලාගෙන ඉදල... ඊට පස්සේ JK මාත් එක්ක කතා කලා... එයා මට ඔය දෙන්න හම්බවුන හැටි ඉදන් සේරම කිව්වා මට නිකන් දැනුනේ ඒක කෙනෙක් බලපු kdrama එකක scene එකක් මට කියනවා වගේ... මට ඔයාගේ birthday එකට මොකක් හරි විශේෂ දෙයක් කරන්න ඕන වෙලා තිබ්බට ඒ වෙනකන් කිසිම idea එකක් තිබ්බේ නැහැ.. ඒත් JK එක්ක කතා කරාට පස්සේ මට හිතුන එයත් එක්ක එකතු වෙලා මොකක් හරි කලානම් හරි කියලා... ඉතින් අපි දෙන්න ඒ විනාඩි ගානට ලස්සන ප්ලැන්නක් ගැහුවා වගේම හිතුව වගේම හොදට ඒක වැඩ කලා... ඔන්න ඕක තමා ඉතින් උනේ.." Mira රසබරව සිදුවූ සියල්ල පවසා අවසන් වන විට මාගේ ඇස් දෙක සතුටු කදුළු වලින් පිරී ගොස් තිබුණි. -"hwani ඔයා දැක්කනම් මන් මගෙයි ඔයාගෙයි කතාව mira ට කියද්දී එයාගේ reactions...!!! මන් කවදාවත් දැකල නැහැ මෙහෙම තමන්ගේ bias නුයි වෙන කෙල්ලෙකුයි අතර වෙච්ච දේවල් අහල මෙච්චර සතුටු වුනු  කෙනෙක්ව... hwani ඔයාට හම්බවෙලා ඉන්නේ ලෝකේ ඉන්න හොදම cousin අහ්!!" JK එසේ පවසන විට මායි Mira යි මුනට මුණ බලාගත්තේ අපි අතර අද මෙහෙම බැදීමක් තියෙන්නෙත් එයා නිසා බව අපි දෙදෙනාම හදවතට එකගව දන්න නිසාය. -"JK! මට මේලෝකේ හොදම cousin ව හම්බවුනේ නැහැ... ඔයාලා තමා මට එයාව හොයල දුන්නේ... thank you so much JK!!! මේ හැමදේටම!! Mira!! මන් දන්නේ නැහැ මන් කොහොමද මෙව්වට thanks කරන්න ඕනි කියලා... මේ තමයි මන් හිතන්නේ මගේ හොදම birthday එක!!!" -"අහම්ම්!!! Guys!!! මන් පරක්කුද.... නැනේ?" ඒමොහොතේ එතනට පැමිණි jimin අපි තුන්දෙනාගෙම අවදානය ඔහු දෙසට ගනිමින් එසේ ඇසුවේය. -"අනේ නැහැ ඔයා හරියටම වෙලාවට ආවේ..." Mira කින්ඩියට මෙන් jimin ට පැවසුවේ දැන් පාන්දර 1ටත් කිට්ටු නිසාය.-"අහ්.. එකනේ.. මන් මෙහෙම වෙලාවට වැඩකරන්න පුරුදු වුනේ Mira ඔයාගෙන් නේ ඉතින්..." Jimin ද mira ට පහර වදින ලෙස එසේ පැවසුවේ අපි සියලු දෙනාවම හිනස්සමින්ය.

Our Destiny Where stories live. Discover now