Episode 13

682 128 0
                                    



"ආ!!!! අනේ Sir!! ඔයාගේ අත... ඔතනින් ගන්නකෝ රිදෙනවා..!!!"

වැටෙන්නට ගිය මගේ ඉනට අත තබා මාව අල්ලාගත් බොස් ගේ අතට මගේ ඇදුමේ බෙල්ට් එකේ buckle එක මගේ ඇගට තදවීම මට වඩා වේදනා කාරී වුයේ මගේ ඉනට ආසන්නයේ පෙර සිදු වූ තුවාලයක් තිබුන නිසාය.

(බොස් Mira ගේ ඉනට තබා තිබු අත ඉවත් කරගනී)

#දඩස්!!

"ආවූ!! අම්මෝ මගේ කොන්ද..."

(Mira බිමට ඇඳ වැටෙයි)

-"ඇයි දැන් මට අත අහකට ගන්නයි කිව්වේ.. ඉතින් මන් අතඇරිය.."

-"මන් කිව්වේ අත එතනින් ගන්නයි කියලා මිසක් මාව අත අරින්න කියලා නෙවේ අනේ .."

-"අහ්.. කමක් නැහැ කොහොමත් වැටෙන්න තිබ්බ එකනේ.. කෝ නැගිටින්න දැන්.. මට යන්න පරක්කු වෙනවා"

යැයි කියමින් බොස් මා දෙසට අත දිගුකළේය..

-"අහ්.. නැහැ නැහැ ඕනේ නැහැ මන්ම නැගිටින්නම්"

යැයි පවසමින් මම බොස් ගේ අත ප්‍රතික්ෂේප කර තනිවම නැගිට්ටේය... බිම වැටී තිබුන යතුර ඇහිදගෙන වාහනයට නැග්ගේය.

"sir,අපි කොහෙටද දැන් යන්න ඕනි" car එකෙ පිටුපස ආසනයෙන් බොස් වාඩි වෙමින් -"අපි seoul වල shinsegae department store එක ලගට යමු" කිවේය.

-"හරි sir" shinsegae dipartment එක ලගට ඒක ලගමයි නේ අපේ jimin අලුතෙන් දාපු studio එකත් තියෙන්නේ.. මට එක පාරටම සිහිවිය...

( Car එක පදවමින් සිටි mira ගේ අවදානය වාහනයේ ක්‍රියාත්මකව තිබු FM එක දෙසට යොමු විය)

~ I wanna big house, big cars & big rings
But sasireun I dun have any big dreams~

BTS!! No More Dream!!!

අම්මෝ!! කොච්චර කාලෙකින්ද මේ ඇහෙන්නේ.. පුදුමයිද FM channel එකකට දාන්න හිතුනා ලස්සන පරණ සින්දුවක්... අනෙහ්හ් මට තවටිකක් සද්දේ වැඩිකරන්න පුලුවන්නම්..

"sir, මන් පොඩ්ඩක් මේ FM එකේ සද්දේ වැඩි කරන්නද?"

-"හා ඒකට කමක් නැහැ"

-"thank you sir"

යැයි කියමින් මා සද්දය වැඩි කළේය.. කොතරම් කාලෙකින් ඇහුවත්... සින්දුව මාගේ කටින් තෙපලුනෙමි... මට මාර සතුටක් දැනුනි.. මට BTS ලගේ පලවෙනි සින්දුව අහමින් මගේ පලවෙනි දවසේ වැඩකරන්න පුළුවන් වෙච්ච එක ඊට හේතුවයි.

-"ඔයා BTS ලගේ සින්දුවලට ආසද?"
සින්දුවට mira සවන්දෙන ආකාරය දෙස බලාසිටි බොස් ප්‍රශ්න කළේය...

-"අපෝ ඔව්!! ගොඩක් ආසයි!! මන් BTS fangirl කෙනෙක්!!!"

-"woah seriously!! කවුද ඔයාගේ bias?"

-"Jeon jungKook!!!"

-"අපොයි!! හා.. හා.. හා.."

බොස් ගේ ඒ දාපු කින්ඩි හිනාවනම් මට ඇල්ලුවේ නැත -"ඇයි sir හිනාවුනේ"

-"නැහැ ඔයාගේ bias JK කියලා කිව්ව නිසා හිනාගියේ... වෙනකෙනෙක් හිටියෙම නැද්ද bias කරගන්න.."

-"මෙහෙමි sir, මගේ BTS ලට joke කරන එයාලව joke එකට ගන්න කෙනෙක් ලග මන් වැඩ කරන්නවත් කැමති නැහැ sir!! sirට BTS ලව joke එකක් වගේ පේනවා නම් කියන්න මන් වෙනතැනක් හොයාගන්නම් වැඩ කරන්න"

Mira එය පැවසුවේ මද තරහකින් යුතුවයි.. එයට කටකොනකින් හිනා වූ බොස් වචනයකින් ප්‍රතිචාර නොදැක්වුයේය.. බොසාගේ Mic drop උනාද කොහේදෝ.. ඇත්තටම මාව අස් කරත් කමක් නැහැ... යැයි සිතමින් Mira බොස් ගෙන් කිසියම්ආකාරයක පිළිතුරක් බලා බෝරෝත්තුවෙන් සිටිද ඔහු එය මග ඇරියේය

-"අහ් මේ ඔය හරියෙන් වාහනේ නවත්තන්න"

(Mira වහනය නතර කරයි)

-"ඇයි sir dipartment එකේ park එකට දාන්න එපාද?

-"නැහැ මට dipartment එකට නෙවේ යන්න ඕනි... මෙතන නතර කරන් ඉන්න මන් ඉක්මනට එන්නම්"

-"හරි sir!!"

බොස් car එකෙන් බැස ඔහු යන දෙස මට බලාසිටියෙමි.. ehh පොඩ්ඩක් ඉන්න.. මේ මන් car එක නවත්තල තියෙන්නේ jimin ගේ අලුත් studio එක තියෙන බිල්ඩින් එක ඉස්සරහ නේ.. අනේ දෙවියනේ ඇයි මේක මට කලින් මීටර් උනේ නැත්තේ... එතකොට ඇයි බොස් මේ studio එක ඇතුලට ගියේ.. omg!! එයා වැරදිලාවත් jimin ගේ යාලුවෙක් වත්ද... මේක නම් බොස් ට හදිස්සි පණිවිඩයක් කියන්න යනවිදිහට වත් ගිහින් බලන්න ඕනේ... security ට බොරුවක් කියා එයට ඇතුල් වීම හිතුව තරම් අපහසු නොවීය.. මා එම සුපොකබෝගී ගොඩනැගිල්ල ඇතුලට හිමින් හිමින් පුස් අඩි තබමින් ඇදුනෙමි.

Our Destiny Where stories live. Discover now