Episode 58

506 100 2
                                    

Ep(58)
-"අහ්?? ඇයි ඔයා එහෙම කියන්නේ JK?" -"බලන්න hwani එයා කොච්චර වැදගත් කෙනෙක් වෙන්නැද්ද කියලා ඔයාට මෙහෙම යෝජනාවක් ගෙන්න.. අනිවාරෙන් ඔයාට එයත් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන් වෙයි... ඕනෑම කෙල්ලෙක් කැමති ආදරණීය මහත්තයෙක් එක්ක සතුටු කසාද ජීවෙතයක් ගතකරන්නනේ... ඉතින් ඔයත් එහෙම ලස්සන සතුටු ජීවිතයක් ගතකරන්න එපැයි ." -"මන් හිතින් ආදරේ කරන්නේ වෙන කෙනෙක්ට නම් ඒත් පුළුවන් වෙයිද මට එයත් එක්ක සතුටින් ජීවත් වෙන්න..?" -"අහ්??" -"JK!! කාලයක් තිබ්බ මාත් වෙන කෙල්ලෝ වගේ මගේ දුකසැප හොයන මට ආදරෙන් කතාකරන හැමෝටම මේ මගේ Boyfriend කියලා පෙන්නන්න පුළුවන් කොල්ලෙක් ඕන වුණ... එහෙම කෙනෙක් මට නැති එක ගැන දුක් වුණ.. ඒ දුක කොච්චර දරුණුද කියනව නම් මන් මගේ රූපෙට,මගේ හමේ පාටට,මගේ උසට මහතට හැම දේටම වෛර කරන්න තරම් මාව පෙලබුවා. මන් ඔයාලව දැනගත්තට පස්සේ මේ සේරම වෙනස් උනා.. දවසක් කෙනෙක් මට කිව්වා 'මේ ලෝකේ කිසිම කෙනෙක් කැතට උපදින්නේ නැහැ වැරැද්ද අපි විනිශ්චයන් ගෙන් පිරුණු ලෝකෙක උපදින එකයි' කියලා. ඒක අහපුවම මට තේරුම් ගියා මන් කියන්නේ ඉස්සර කොච්චර මෝඩ විදිහට හිතපු කෙනෙක්ද කියලා. ඔයාලගේ සින්දු වල තේරුම් බලද්දී මට තේරුම් යන්න ගත්ත ආදරේ කියන්නේ කොල්ලත් එක්ක අත් අල්ලන් ඇවිදින එකට වඩා එහාගිය දෙයක් කියලා... ඒ වයසේ කෙල්ලෙක් ගේ හදවත හැමතිස්සෙම දෙමවුපියන් ගේ ආදරේට අමතර ආදරයක් ඉල්ලනවා ඒක සාමාන්‍ය දෙයක් ඉතින් මගේ හදවත විතරක් කොහොමද වෙනස් වෙන්නේ... පිස්සුවෙන් ඒ ආදරේ හොයපු මගේ හදවතට අන්තිමට ඒ ආදරේ හම්බවුනා... Jk!! ඔයා මගේ හවතේ තිබ්බ හිස්තැන පොඩි හිඩසක්වත් නැති වෙන්නම වහල දැම්ම... මන් ඔයාව කවදාත් මගේ ඇස් දෙක ඉස්සරහ දකින්නවත් අවස්තාවක් නොලැබෙයි කියලා දැනගෙන ඔයාට ආදරේ කලා... මට අදටත් තේරෙන්නේ නැහැ මේ බැදීම මොකද්ද කියලා.. හැබැයි මන් එක දෙයක් හොදටම දන්නවා ඒ මට කවදාවත් මගේ boyfriend වෙන කෙනෙක්ටවත් husband වෙන කෙනෙක්ට වත් ඔයාට තරම් ආදරේ කරන්න බැහැ කියලා... ඉතින් මන් වෙන කෙනෙක්ට කැමති වෙනවා කියන්නේ මන් එයාව රවට්ටන එක නෙවේද? මගේ ජීවිතේ සතුට මේක... මන් ජීවිත් වෙන්න කැමති විදිහ මේක.." -"hwani!! එතකොට ඔයා මන් නිසා හැමදාම ඔහොම නොබැද ඉන්නද යන්නේ..." -"JK කසාදෙ කියන්නේ මොකද්ද? ඇත්ත ආදරේ ඉස්සරහ මොකද්ද කස්සදේ කියන්නේ...?? මන් කසාදෙ කියන එක දකින්නේ තනිකර දෙන්නෙක්ට තියෙන කාමුක අවශ්‍යතාවන්  ඉෂ්ටකරගන්න නීතියෙන් ගන්න අවසරක් විදිට විතරයි. ඇත්ත ආදරේ කියන්නේ කසාදෙ වත් කාමුකව හැසිරෙන එකවත් නෙවේ ඒක මැරෙන තුරු හදවතින්ම කරන දෙයක්... JK මන් ඔයාට කිසිම වෙලාවක කිව්වේ නැහැ මට ආදරේ කරන්න කියලා... මාව කසාද බදින්න කියලා... ඉතින් ඇයි මේ ඔයා මට මෙහෙම කියන්නේ වෙන කෙනෙක්ව බදින්න කැමති වෙන්නයි කියලා... එක්කෙනෙක්ට හිතින් ආදරේ කරලා වෙන කෙනෙක්ව කසාද බදින්න පුලුවන්ද? JK අනේ plz!! ආයේ මේක ගැන මාත් එක්ක කතා කරන්න එපා!" hwani කදුළු පිහිදමින් පැවසුවේය. (JK hwani ගේ පිටුපසින් උරහිස වටා අත්දෙක දමා ඇයව තදකර වැළඳ ගනී.) -"hwani.... I love You!!"

Our Destiny Where stories live. Discover now