CHAPTER 3

739 128 31
                                    

ජිමින් ටේවත් එක්කගෙන  nursing room එකට ගියා. යනකොට කවුරුත් හිටියේ නැති නිසා ජිමින් ටේට pain killer දෙකක් දුන්නා.

Tae- චිමී , මට තාත්තාට කෝල් කරන්න ඕනි. එයා කිව්වානේ වෙන විස්තර ඔක්කොම එයාට කියන්න කියලා.

Jimin- හ්ම්ම්. අපි එළියට ගිහිල්ලා කෝල් එකක් දෙමු.

ජිමිනුයි ටේයි දෙන්නාම garden එකට ඇවිල්ලා කෙලවරේම තිබ්බ බංකුවකින් ඉදගත්තා.

Jimin- කවුරුත් නැති එකේ දැන්මම uncle ට කෝල් කරන්න ටේ.

Tae- හරි චිමී.

ටේ එයාගෙ අප්පාට කෝල් කරා.

Mr.Kim- හෙලෝ පුතා. කොහොමද?

Tae- මං හොදින් නෙවෙයි අප්පා.

Mr.Kim- ඇයි පුතා මොකද උනේ. යුනි එක හොද නැද්ද? නැත්තං කවුරු හරි කරදර කරාද?

Tae- යුනි එකේ නරකක් නෑ අප්පා, ඒත් යුනි එකේ ළමයි නරකයි.

Mr.Kim- මොකද්ද පුතා උනේ? මට උනු හැමදේම කියන්න.

Tae- අද උදේ අපි lecture hall හෝල් එකේ ඉද්දි සීනියර් බැජ් එකේ හියුන්ලා වගයක් හෝල් එකට ආවා.................................

ටේ අද වෙච්චඔක්කොම අප්පාට කිව්වා.

Mr.Kim- ඔයා ඔය කියන්නෙ Mr.Jeon ගේ පොඩි පුතා ගැනද ටේ?

Tae- ඔව් අප්පා. අප්පා mr.Jeon ව දන්නවාද?

Mr.kim- නැතුව පුතා, මගේ බිස්නස් partner ව මං දන්නැද්ද පුතා.

Tae- අනේ අප්පා එහෙනම් අප්පා Mr.Jeon ට කියන්නකො එයාගෙ පුතාට මට ඉන්න දෙන්න කියලා.

Mr.Kim- ඒක කරන්න බෑ පුතා. ඔයා දන්නවා ඒකට හේතුව. අනික ඔයාව අවුරුදු පහේ ඉදන් ඇමරිකා යැව්වේත් ඒ නිසාමයි.

Tae- එහෙනම් අප්පා මාව ඇයි ගෙන්න ගත්තේ? මට එහෙම ඉන්න දෙන්න තිබ්බානේ. ටේ කිව්වේ ටිකක් ආවේගෙන්.

Mr.Kim- තේරුම් ගන්න පුතා. ඔයාගෙම හොදටනේ මං මේක කරන්නේ. ඔයා පුලුවන් තරම් අර ළමයි ටිකව මග ඇරලා ඉන්න. එතකොට හරිනේ.

Tae-  දවසක් දෙකක් නැත්තං උපරිම සතියක් මග අරින්න පුළුවන් වෙයි අප්පා. ඒත් හැමදාටම බෑ. ඒක මට වඩා හොදට අප්පාට තේරෙනවානෙ. අනික ඒ කොල්ලො හෙන වසයි.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Tahanan ng mga kuwento. Tumuklas ngayon