CHAPTER 55

252 61 51
                                    

එදා ජිමින් ලා ඇවිල්ලා ගිය දවසේ ඉදන් Jungkook ආදිට වද දෙන එක නවත්තලා දැම්මා..

ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි , තව සති තුනකින් වගේ ආපහු කොරියාවට යද්දි ආදිවත් එක්කන් යන්න ඕන නිසා.

මොකද චූටිට වද දීලා තුවාලා කරවලා කෙල්ලව මිනිස්සු ඉස්සරහාට අරගෙන යන්න jungkook ට බෑ.

Jungkook ට චූටිව ගෙදර දාලා යන්න කොච්චර උවමනා උනත් ජිමින්ගේ වගේම අනික් අයගේ බලවත් ඉල්ලීම නිසා jungkook චූටිව විතරක් නෙවෙයි ආජුම්මාවයි ආජුස්සිවයිත් අනිවාර්යයෙන්ම එක්කන් යන්න ඕන.

ඒ නිසා තමන්ට චූටිට කොච්චර වද දෙන්න උවමනා උනත් jungkook ඒ ආසාව මැඩ පවත්වා ගත්තා........

කොහොම උනත් jungkook චූටිට ගහද්දී කවමදාවත් ඒ තුවාලා පැල්ලම් ශරීරයෙන් පිටට පේන විදියට jungkook චූටිට තුවාල කරෙ නෑ.

Jungkook  ආදිට කොච්චර වද දුන්නාත්, තුවාල කරත් ඒ තුවාල එලියට නොපෙනෙන විදියට කරන්න jungkook හැමදාම පරිස්සම් උනා..

ආන්න ඒ නිසා තමයි චූටිට වෙන කරදර ගැන කවුරුත් නොදැන උන්නේ.....

ඒත් කවුරුම හරි චූටිගේ ඇදුම් වලින් වැහිලා තියෙන ඇග දැක්කා නම්, චූටි එකී මේ අවුරුදු ගානටම විදපු දුක ගැන ඒ අයට හිතා ගන්න පුලුවන්.

කාලයක් යද්දී චූටිගේ ඇගේ පැල්ලම් මැකුනේ පුංචි එකී වයසින් වගේම ශරීරයෙනුත් වැඩුන නිසා. ඒත් jungkook ට පින් සිද්ද වෙන්න ඒ ඇගේ මැකෙන මැකෙන පැල්ලම් වලට හරියන්න තව තුවාල කැලලි ඕන තරම් ඇතු උනා......

මුලදි මුලදී පුංචි එකී jungkook ගෙන් ගුටි කෑවේ ඒ jungkook ආදරේ පෙන්නන විදිය කියලා හිතුන නිසා උනත් කාලයක් යද්දි , චූටි එකී ටිකෙන් ටික ලොකු වෙද්දී එයාට තේරුනා , තමන්ගේ අප්පා තමන්ට වද දෙන්නේ ආදරේට නෙවෙයි කියලා.

තමන්ගේ පපා නැති උනේ තමන් නිසා බව jungkook තමන්ට පහර දෙන හැම වෙලාවෙම jungkook ගේ කටින් පිට උන නිසා කාලයක් යද්දි පුංචි එකීට තේරුනා තමන් එක්ක තියෙන තරහට තමා jungkook ඒ විදියට තමන්ට වද දෙන්නේ කියලා.

ඉතින් ඒ නිසාම තමා චූටි එකී jungkook ට ඕන දෙයක් කරගන්න දීලා බලාගෙන හිටියේ.....

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now