CHAPTER 53

237 53 43
                                    

Super market එකට ගියපු ආජුම්මායි ආජුස්සියි ලියාගෙන ආපු ලිස්ට් එක තිබ්බ බඩු ටික සේරම ගත්තා.

ඒ ගත්ත බඩු වලට jungkook දුන්න සල්ලි වලින් ගෙවපු ආජුම්මා සුපිර් මාකට් එකෙන් එලියට ආවා.

Ajumma- පීටර් අපි අර සෙල්ලම් බඩු කඩේට යමුද? පුංචි බේබිට සෙල්ලම් බඩුවක් ගන්න ඕන. ඊයේ ලොකු මහත්තයා මට පඩි සල්ලි ගෙව්වානේ. ඒ නිසා පුංචි එකීට මොනා හරි අරගෙන යමු. ලොකු බේබිගේ සෙල්ලම් බඩු දිහා පුංචි බේබී හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා මං කීප වතාවක්ම දැකලා තියේ.ඒ හැම වතාවෙම මගෙ පපුව හෝස් ගාලා යනවා පීටර්.  ඒ නිසා අරගෙන යමු. මං දන්නෑ ලොකු මහත්තයා කොහොම ඒ අහිංසක මූන දිහා බලාගෙන අච්චර නපුරු කම් කරනවාද කියලා.

Ajussi- හ්ම්ම්ම්..... මෙච්චර කල් ඉතින් අපිමනේ පුංචි බේබිව බලාගත්තේ. අපිට බෑ තමා ලොකු මහත්තයා ලොකු බේබිට දෙන ඒවා දෙන්න, ඒ තරම් වටින ඒවා ගන්න අපිට මහා සල්ලියක් නෑනේ. ඒත් අපි පුලුවන් විදියට පුංචි බේබිට දේවල් දෙමු. ඔයා සෙල්ලම් බඩු ගන්නකෝ එහෙනම් එතනින්, මං අර එහා පැත්තේ කඩෙන් මොනා හරි අරගෙන එන්නම්.

Ajumma- මතක් කරලා පැනි රස නැතුව ගන්න. පුංචි බේබි පැනි රසට කැමති නෑනේ.

Ajussi- හරි මං බලලා අරගෙන එන්නම්. ඔයාත් ඉක්මනින් ගන්න දේවල් ගන්න. පරක්කු වෙන්න බෑ. පුංචි බේබිව අපි ලොකු මහත්තයා එක්ක තනියම දාලා ආවේ. මට ලොකු මහත්තයාව සතේකට විශ්වාස නෑ. ඒ නිසා ඉක්මනින්.

විනාඩි පහලොවක් යද්දි ආජුම්මායි ආජුස්සියි දෙන්නා ආපහු එන්න පිටත් උනේ පුංචි එකීට සෙල්ලම් බඩු වගේම කෑම බීම කීපයක්ම අරගෙන. හැබැයි කොච්චර දේවල් ලොකූට හම්බෙන වග දන්න නමුත් ලොකූටත් සෙල්ලම් බඩුවක් වගේම පැනි රස කෑමක් ගන්න එයාලා අමතක කරේ නෑ.

( ආජුම්මාගෙයි ආජුස්සිගෙයි නම් මට මතක නෑනේ. ආපහු කතාව කියවන්න කම්මැලියි. ඒ නිසා ඔයාලට මතක නම් මට එයාලාගෙ නම් කියන්නකෝ ☺️)

මේ ගෙවුන මාස ගානටම චූටි ගැන බැලුවේ ආජුම්මායි ආජුස්සියි තමා. Jungkook , ලොකූ කැමති දේවල් හැම දේම ඉල්ලන පමාවට ගෙනල්ලා දුන්නත් චූටිට ඒ දේවල් ගෙනල්ලා දෙන්න jungkook ට කිසිම උවමනාවක් තිබ්බේ නෑ. ඉතින් පුංචි එකීට පුලු පුලුවන් විදියට සෙල්ලම් බඩු, කෑම බීම, ඇදුම් සපත්තු වගේ දේවල් ආජුම්මායි ආජුස්සියි ගෙනල්ලා දුන්නා. එයාලාට හම්බෙන පඩියෙන් එයාලාට කරන්න මහා දෙයක් නොතිබ්බේ එයාලා තනිවම ජීවත් වෙන අය උනු නිසා. ඉතින් එයාලා ලෝබ නැතිව තමන්ට පුලු පුලුවන් විදියට චූටිට දේවල් දුන්නා. හැබැයි jungkook ගේ සතයක් වත් ඒ වෙනුවෙන් එයාලා වියදම් නොකරෙ jungkook චූටිට අකැමති බව දන්න නිසා. ඉතින් එයාලා හැමදාම ප්‍රාර්ථනා කරේ ටේහ්‍යොන් කොහේ හරි ජීවත් වෙනවා නම් ඉක්මනින්ම ආපහු එයාලා ලගට එන්න කියලා. මොකද ටේහ්‍යොන්ට විතරයි පුලුවන් මේ ප්‍රශ්න විසදන්න.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Unde poveștirile trăiesc. Descoperă acum