CHAPTER 44

416 63 134
                                    

Doctor- මෙන්න පුතා report ටික. ඒවා සේරම මං බැලුවා. සේරම හොදින් . බය වෙන්න දෙයක් නෑ. මුල් මාස තුන පොඩ්ඩක් පරිස්සම් වෙන්න බබා stable වෙනකල්.

Jungkook- හරි doctor. Thank you soo much doctor..

Tae- Thank you doctor.

Doctor- හරි ඔයාලා දැන් පරිස්සමින් යන්න දරුවනේ.

Taekook දෙන්නා doctor ට සමු දීලා ගෙදර යන්න පිටත් උනේ ගොඩක් සතුටින්.

පැය බාගයක් යනකොට Taekook දෙන්නා ගෙදරට ආවා. එයාලා අද ගොඩක් සතුටින්.

තිබුන සතුටටම Jungkook ගෙට ආවේ ටේව හරහට වඩාගෙන. ටේත් jungkook ගේ බෙල්ල වටේ අත් යවලා jungkook ව බදාගත්තා.

ආජුම්මායි ආජුස්සියි දෙන්නා  taekook දෙන්නා  එනකල් මග බලන් හිටියේ ටේගේ තත්වේ දැන ගන්න. මොකද ටේ අද hospital ගියේ ඒකටනේ. ඒත් වාහනෙන් බැහැලා එන taekook දෙන්නාගේ සතුට දැක්කාම නම් ආජුම්මායි ආජුස්සියි දැනගත්තා ටේට ප්‍රශ්නයක් නෑ කියලා. ඒත් මොකද උනේ කියලා දැනගන්න ඕන නිසා ඒ දෙන්නා දුවගෙම taekook දෙන්නා ලගට ගියා.

Ajumma- ලොකු මහත්තයා..... පුංචි මහත්තයාට කොහොමද ?

Jungkook- ඇතුලට යමුකෝ ආජුම්මා. මං විස්තරේ කියන්න. බය වෙන්න දෙයක් නෑ.

Jungkook හිනා වෙවීම ආජුම්මාටයි ආජුස්සිටයි ඒහෙම කිව්වේ , ඒ දෙන්නා තමන් එනකල් මග බලාගෙන හිටිය බව තේරුන නිසා.

ඉතින් කට්ටියම සාලෙට ගිහිල්ලා ඉදගත්තා. ටේ නම් තාමත් jungkook ගේ ඔඩොක්කුවේ. ආජුම්මායි ආජුස්සියි හිටගෙන එයාලා දිහා බලන් ඉන්න නිසා jungkook එයාලා දෙන්නාට කතා කරා.

Jungkook- ඉස්සරලාම දෙන්නා වාඩි වෙන්නකෝ. මං ලග සුබ ආරංචියක් තියෙනවා කියන්න.

Jungkook ට අවනත උන ආජුස්සියි ආජුම්මායි දෙන්නා jungkook ඉදන් ඉන්න සෝෆා එකට ඉස්සරහින් තියෙන සෝෆා එකෙන් ඉදගත්තා.

Ajussi- මොකද්ද ලොකු මහත්තයා පුංචි මහත්තයාට දොස්තර මහත්තයා කිව්වේ?

Jungkook- මේක ඔයාලා විශ්වාස කරයිද මන්දා.......

Ajumma- අනේ ලොකු මහත්තයා අගේ නොකර කියන්නකෝ.....

Jungkook- Baby pregnant ආජුම්මා.......

එතනින් එහාට විනාඩියක් යනකල් කිසිම සද්දයක් ඇහුනේ නෑ. ආජුම්මායි ආජුස්සියි jungkook දිහායි ටේ දිහායි මාරුවෙන් මාරුවට බලාගෙන ඉන්නේ මේක විශ්වාස කරන්න බැරිව.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now