CHAPTER 52

249 61 35
                                    

තවත් සති දෙකක් ගෙවිලා ගියේ හැම දේම තවත් නරක අතට හරවලා.......

ඒ වගේම අද Jungkook New York යනවා....
තනියම නෙවෙයි.......
ආදි, චෙහා, ආජුම්මා , ආජුස්සි මේ කට්ටියම යනවා.

මොකද එයාලා යන්නේ ආයේ නොයෙන්නම නිසා.....

ඔව් නොයෙන්නම.............

මොකද මුලු මාසයක් පුරාවටම Jungkook පුලුවන් හැම තැනන ටේව හෙව්වා...... මුලු කොරියාවම පීරලා ටේව හෙව්වාත් ටේගේ කෙස් ගහක් වත් jungkook ට හොයාගන්න බැරි උනා........

ඒ වගේම Lee ගෙත් කිසිම තොරතුරක් හොයාගන්න jungkook ට පුලුවන් උනෙ නෑ......

ඉතින් එයා තේරුම් ගත්තා ටේවත් ලීවත් කොරියාවේ නෑ කියලා.


එතකොට Bogum , Charlie , Lisa.....

එයාලා මීට දවස් තුනකට කලින් මේ ලෝකෙන් යන්න ගියා..... යන්න ගියා කිව්වාට ඇත්තටම උනේ යැව්ව එක.....

ඒ වගේම jungkook දැන ගත්තා තවත් වැදගත් දෙයක්......

ඇත්තටම Lee ටේ හිටපු තැන මුල ඉදන්ම දැන ගෙන ඉදලා තිබ්බා... ටේ ඇමරිකා ඉන්න කාලේ ඉදන්ම ලී දැනගෙන හිටියා ටේ ගැන. ඒ නිසාම තමා චාලිව ලී jungkook ගාවට එවලා තියෙන්නේ...... jungkook ගේ විශ්වාසය මුල ඉදන්ම චාලි දිනා ගත්ත නිසා ලීගේ වැඩේ තවත් ලේසි උනා.... මොකද jungkook , ටේගේ ආරක්ශාවට චාලිව දැම්මා..... ඉතින් චාලි ඒ කාලෙදි ලීට ටේව මරන්න උදව් කරාත් ඒ හැම පාරම ටේ වෙනුවෙන් දාලා හිටපු අනික බොඩි ගාඩ්ලා නිසා ඒ වැඩේ කවදාවත් එයාලාට කරන්න බැරි උනා....... ඒත් එයාලා තමන්ගේ උත්සහාය කවදාවත් ඇතෑරියේ නෑ........ එයාලා ඉවසීමෙන් බලාගෙන හිටියා තමන්ගේ අවස්තාව එනකල්..... ඉතින් අවසානෙ එයාලා සාර්තක උනා...... මොකද දැන් එයාලා ලගයි ටේ ඉන්නේ.......

හැබැයි ටේ ජීවත් වෙනවාද නැද්ද කියලා තාම jungkook දන්නේ නෑ. හැබැයි හිත කොනේ තාමත් ටේ ජීවත් වෙනවා කියන පුංචි බලාපොරොත්තුවක් jungkook ලග තිබ්බා...........

Charlie , Bogum දෙන්නා මැරෙන්න කලින් ඒ දෙන්නාම jungkook ගෙන් දෙයක් ඉල්ලුවා..... " බොස්..... චූටි බේබිටයි ලොකු බේබිටයි කියන්න අපිට සමාවෙන්න කියලා...... ඒ වගේම එයාලා දෙන්නාට අපි ගොඩාක් ආදරෙයි කියන්න බොස්... " ඔය තමා ඒ දෙන්නා අවසන් හුස්ම හෙලන්න කලින් කිව්ව අවසාන වචනට ටික.......

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now