CHAPTER 57

253 56 35
                                    

ටේහ්‍යොන් තමන්ගේ කතාව ඉවර කරද්දී අනික් අය සේරම පුදුමෙන් බලාගෙන හිටියා........

එතකොට Jungkook , ඒ මූන බලන්න බැරි තරම් තරහෙන් පිරිලා.

නමුත් මේ කතාව කියපු ටේහ්‍යොන් ගේ මූනේ නම් කිසිම හැගීමක් තිබ්බේ නෑ..... කතාව අතරතුරේදිවත් ඒ මූනේ හැගීමක් තිබ්බේ නෑ.......



Jungkook- Baby........

Tae- හ්ම්ම්?

Jungkook- ඌ දැන් ඉන්න තැන දන්නවාද?

Tae- මං හිතන්නේ නෑ ඌ තාම Australia වල ඇති කියලා. මොකද උන් මාව හැමතැනම හොයනවා ඇති දැන්...

Jungkook- මං ඕකාව ඉතුරු කරන්නේ නෑ ඕකාව මට අහුවුනොත්........

Jungkook තමන්ගේ එහා පැත්තේ හිටපු ටේහ්‍යොන්ව තමන්ගේ තුරුලට ගන්න ගමන් කීව්වා....... ඒ ඇස් වෛරයෙන් වගේම තරහෙන් පිරිලා......... දකින ඕනිම කෙනෙක්ව ඒ ඇස් දෙකෙන් විතරක් බය කරන්න පුලුවන්.

Jungkook දිහා බලාගෙන හිටපු අය එහෙන්මම බිම බලාගත්තේ jungkook දිහා කෙලින් බලන්න තරම් ශක්තියක් ඒ අයට නොතිබුන නිසා......

Tae- කූ.......... ම.. මට සමාවෙන්න .....

Jungkook- හහ්... ඒ මොකටද බේබි? ඔයා වැරැද්දක් කරේ නෑනේ.......

Tae- මං දැන් පිරිසිදු නෑ හ්‍යොං.... මං.... මං මිනිස්සු සිය ගානකට යට උනා.......

ටේහ්‍යොන් එහෙම කියද්දී jungkook ටේ වටේ තිබුන තමන්ගේ අත් තවත් තද කරලා ටේව බදාගත්තා......

Jungkook- ශ්....... නෑ ලව්. ඔයා අපිරිසිදු නෑ...... මං දැකපු පිරිසිදුම කෙනා ඔයා....... අනික ඔයා ඒ මිනිස්සුන්ට යට උනේ කැමැත්තකින් නෙවෙයි නේ.... ඒ නිසා මගේ ටේ තමා පිරිසිදුම... අනික මං දන්නවා මගෙ බේබී ආදරේ මට විතරයි කියලා..... ඉතින් කොහොමද මගේ මැනික අපිරිසිදු වෙන්නේ ම්ම්ම්? මට සමාවෙන්න ලව්. මායි වැරදි මෙතන....... මට බැරි උනා ඔයාව බේර ගන්න...... අනික අවුරුදු හයක් ගිහිල්ලා වත් මට පුලුවන් උනේ නෑ ඔයාව හොයාගන්න..... මට සමාවෙන්න ලව්.......

Jungkook තමන් දිහා කදුලු පුරවගෙන බලාගෙන ඉන්න ටේට එහෙම කියලා ඒ මූනේ හැම අගලක්ම හරි පරිස්සමෙන් සිප ගත්තා......

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now