CHAPTER 63

265 59 37
                                    


ඊයේ රෑ එකක් දුන්නා.... ඒක කියවලාම එන්න.
.............................................................

ටේහ්‍යොන් වාහනේ මගින් නවත්තලා තමන්ගේ පෝන් එකෙන් ජිමින්ට ඩයල් කරා......

Tae- ජි ජිමින්.....

Jimin ට කෝල් කරලා පෝන් එක දෙපාර රින්ග් වෙද්දි ජිමින් පෝන් එක ඉස්සුවා......

තමන්ගේ කට හඩ හැඩීමකට වෙනස් කර ගත්ත ටේ ජිමින්ට කතා කරා.....

Jimin- මොකද ටේයා...... උබ අඩනවාද?

Tae- ජ... ජංකුක්.......

Jimin- jungkook මොකද බං.... ඒ බය නොකර කියපන්කෝ ටේ.....

Tae- එ.. එයා නෑනේ....... කුකී නෑ.....

Jimin- මොකද්ද උබ කියන්නේ. ඇයි jungkook නැත්තේ? උනේ මොකද්ද කියලා හරියටම කියපන්කෝ බං.....

Tae- අපි ගෙදර එනගමන් හිටියේ.... මගදී super market එකෙන් නැවැත්තුවාට පස්සේ මං බැහැලා ගියා බඩු ගන්න. කුකී වාහනේ හිටියේ.... ඒත් මං බඩු අරගෙන එද්දි jungkook වාහනේ හිටියේ නෑ.... මං හැම තැනම බැලුවා ...... කුකි නෑ බං..... මට තේරෙන්නේ නෑ බං. මගෙ දරුවාත් නෑ මිනිහාත් නෑ බං.... මට පිස්සු වගේ ජිමිනා....

Taehyung අඩ අඩම ජිමින්ට කිව්වේ ජිමින් ලගම හිටිය අයත් මේ ගැන අහලා පුදුම වෙද්දී...

Jimin- හරි හරි ටේයා. අඩන්න එපා. දැන් මට ඉස්සරලාම කියපන් උබ කොහෙද ඉන්නේ කියලා. මං එන්නම් උබව එක්කන් යන්න.

Tae- ඕන නෑ. මට එන්න පුලුවන්. මං ගෙවල් ලගම ඉන්නේ..

Jimin- එහෙනම් පරිස්සමෙන් වරෙන්.

Tae- හරි ජිමින් . මං තියනවා.

කෝල් එක කට් කරපු ගමන් මෙච්චර වෙලා බොරුවට අඩපු ටේ හයියෙන් හිනා උනා......

" උබලා සේරම හරි මෝඩයි. ගානට මගේ ලනුව ගිලිනවා..."

හැබැයි ටේහ්‍යොන් දන්නේ නෑ එයාගේ රග පෑම තව දවස් පහකින් විතර ඉවර වෙනවා කියලා....



වාහනේ Jeon maison එක ඇතුලටම දානකොට තමන්ගේ ලග තිබ්බ පුංචි කුප්පියකින් තමන්ගේ ඇස් දෙකට යමක් ටේ වක්කරගත්තේ ඒ ඇස් වලින් කදුලු එද්දී......

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now