CHAPTER 5

732 117 11
                                    

මං taekook ලගේ දෙමව්පියන්ට නම් දෙන්නම්. එතකොට ලේසියිනේ මටත් 😌.

Mr.Jeon- Jeon Woobin
Mrs.Jeon- Jeon Gayu
Mr.Kim- Kim Jiwoon
Mrs.Kim- Kim Sooya

නම් ලස්සන්ද🙂. මට හිතුනේ ඔය ටික තමා. මතක තියාගන්න. පැටලෙයි නැත්තං.

                                                                 

At Mr.Kim's house,

Mr.Jeon maison එකට ඇතුල් වෙනකොටම Mr.Kim Mr.Jeon ව පිලිගත්තෙ උණුසුම් වැළඳ ගැනීමකින්.

Mr.Kim- ඉතින් කොහොමද Woobin. කාලෙකට පස්සෙනෙ අපි මුන ගැහුනේ.

Mr.Jeon- ඇත්තටම මං හොදින් Jiwoon. ඔයාට කොහොමද? අනික අපි මේ හම්බෙන්නේ අවුරුදු 15 කට පස්සෙනේ.

Mr.Kim- ඔව් මාත් හොදින්. අනික අවුරුදු 15ක් ගියත් තාම ඔය ඉන්නේ ඉස්සර වගේම. වෙනසකට තියෙන්නේ දැන් ටිකක් වයසයිනේ.

Mr.Jeon- ඒකට නම් දුක හිතුනා ජීවුනා. ඔහොමද තමන්ගේ හොඳම යාලුවාව අවුරුදු ගානකට පස්සේ මුන ගැහුනහාම පිළිගන්නේ. හරි වේදනයි මට.  වූබින් එහෙම කියලා ඔහුගේ  ඇහැ අගින් වැටුන බොරු කදුලු බින්දුවක් පිහදැම්මා. ඒකට හිනා උන වූබින්,

Jiwoon- ඇත්තටම උබ වෙනස් වෙලා නෑ බන් වූබිනා. ඉස්සර වගේමයි උබේ ඔය over acting. හරි හරි දැන් වරෙන් ගේ ඇතුලට. අපිට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවානේ.

එසේ කිවූ Mr.Kim Mr.Jeonව නිවස   ඇතුලට රැගෙන ගියා. Living room එකේ ඉදගත්තු ඔවුන්, ඔවුන්ගේ ආගිය තොරතුරු කතා කරන්න ගත්තා.

Jiwoon- ඉදගන්න වූබින්. ඉතින් මේ දවස් වල මොකද වෙන්නෙ. වයිෆුයි ළමයිනුයි සනීපෙන්ද?. මං හිතුවෙ කට්ටියම අද මෙහෙ එයි කියලා. අඩුම අපේ Gayu වත් එක්කන් එන්න තිබ්බා. අපේ නෝනා බලාගෙන හිටියේ ගායුව මුන ගැහෙන්න.

Woobin- ඇත්තටම ජීවුනා , ලොකු පුතා office ගියා. අද special meetings ගොඩාක් තියෙන නිසා. එයාගෙ husband  නම් අද ගෙදර.  අද අම්මායි බෑනයි ගෙදර ඉදගෙන විකාර කරනවා ඇති. එතකොට පොඩි පුතා නම් college ගියා. ඉතින් එක්කන් එන්න විදියක් තිබ්බේ නෑ.

Jiwoon- කමක් නෑ කොහොමත් ලබන සතියෙ අපි ඔක්කොම හම්බෙනවානේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now