CHAPTER 10

676 117 50
                                    

Next day morning.

Jeon maison,

Jeon පවුලේ හැමෝම කෑම මේසේ වාඩි වෙලා උදේ  කෑම කන ගමන් ඉන්නේ. කෑම මේසේ නිශ්ෂබ්දතාවය බිදලමින් ඉස්සරලාම කතා කරන්න ගත්තේ Jeon මහතා.

Mr.Jeon- ම්ම්ම්.. අපි හැමෝම මේ සෙනසුරාදා  Mr.Kim ලාගේ ගෙදර යන්න ඕන. අද බදාදානේ, සෙනසුරාදා වැඩ දාගෙන ඉන්න අය ඒවා කලින් කරන්න. නැත්තං කැන්සල් කරන්න. ඒමත් බැරිනම් පස්සේ කරගන්න. මොකද එදාට අපි හැමෝම එහෙ අනිවාර්යයෙන් යන්න ඕන.  ඒ නිසා කට්ටියම ලෑස්ති වෙලා ඉන්න. ඔය ශොපින් යන අය එහෙම කලින්ම ගිහිල්ලා ඒවා කර ගන්න. එදාට පරක්කු වෙන්න බෑ.

Mrs.Jeon- අනේ මේ මහත්තයා, ඔයා අපිව එක්කන් නොගියත් අපි කොහොමත් එනවා. එදත් අපිව දාලා ගියා.

Mr.Jeon- හරි ඉතින් එදා මං හදිස්සෙයෙන්නේ ගියේ. ඒකයි එක්කන් යන්න බැරි උනේ. නැත්තං මං එක්කන් යනවානේ.

Namjoon- ඔය දෙන්නා ඔය ප්‍රශ්නේ අපි ගියාම විසදගන්න.

Kook- ඔව් අපිට කන එකවත් නිදහසේ කන්න ඕන. නැත්තං කන එකවත් ඇගට අල්ලන්නෙ නෑ.

Jin- මටත් අද කලින් hospital එකට යන්න ඕන. රන්ඩු බේරන්න මට වෙලාවක් නෑ.

එහෙම කියපු Namjin දෙන්නයි Jk යි කෑම මේසෙන් නැගිටලා , අපි යනෝ කියාගෙන ගෙදරින් එළියට ගියා.

Mr.Jeon- යකෝ මුන් තුන් දෙනාගේ ලොකු කම බලාපල්ලාකෝ.

Mr.Jeon- ඒක තමයි මාත් බැලුවේ. හැබැයි ඔයා හින්දා තමා එයාලා ගියේ. ඔයානේ පටන් ගත්තේ.

Mr.Jeon කෑම මේසෙන් නැගිටලා අමුතු හිනාවක් දාගෙන Mrs.Jeon ලගට ගියා. Mr.Jeon ලගට එනවා දැක්ක Mrs.Jeon ඉක්මනට නැගිටලා එතනින් යන්න හැදුවත් අඩිය ඉක්මන් කරපු Mr.Jeon Mrs.Jeonට යන්න නොදී අල්ලගත්තා.

Mr.Jeon- කොහෙද දුවන්න හැදුවේ love.. ම්ම්?

Mrs.Jeon-  බිනී මාව අතාරින්න අනේ. කවුරු හරි දකියි.

( මන් මෙතන ඉදන් ඒ දෙන්නාගෙ නම් පාවිච්චි කරන්නම්)

Woobin- කවුරු දකින්න්ද හනී. අනික කවුරු දැක්කාම මොකද, ඔයා මගේ wifey නේ.

Gayu- maids ලා ඉන්නවා බින්. මාව අතාරින්නකො. ලැජ්ජා නැද්ද?

Woobin- අනේ විකාර. මට මගේ වියිෆ් එක්ක ඉන්න බැයිනම් , එහා ගෙදර මැටිල්ඩා එක්කද ඉන්න කියන්නේ. හැබැයි මැටිල්ඩාත් නරකම නෑ.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now