CHAPTER 14

663 114 8
                                    

මුලු maison එක වටේම ඇස් කරක කරක බලන ටේව දැක්කහම Jungkookට ඉබේම හිනා ගියා.

ඇස් දෙක ජිල් බෝල වගේ ලොකු කරගෙන කටත් මාලු පැටියෙක්ගේ වගේ උල් කරගෙන බෑග් එකත් තුරුල් කරගෙන වටේම කැරකලි කැරකි බෙල්ල හරව හරව අමුතුම ලෝකෙකට ආවා වගේ ඉන්න කොල්ලාව දැක්කහම Jungkook ට විතරක් නෙවෙයි කාට උනත් හිනා යනවා.

Jk- අහ්ම්ම්... අහ්ම්ම්ම්...
සිරි නරබලා ඉවර නම් දැන් වත් ඇතුලට යමුද? නැත්තං අද එලියෙම තමා ඉන්න වෙන්නෙ. එන්න  ඇතුලට යන්න. පස්සේ ඇවිල්ලා වටේ සිරි නරබන්න.

ටේට ඒකට නම් ලැජ්ජා හිතුනා. පවු කොල්ලා.

ටේ Jk ගෙ පස්සෙන්ම Jeon maison එක ඇතුලට ගියා. ඇතුලට යන්න maid කෙනෙක් දොර ඇරලා දුන්නා. ගේ ඇතුලට ආවහමත් ටේ ආපහු වට පිට බලන්න ගත්තා..

කොහොමත් අලුත් ගෙදරකට ගියාම පොඩ්ඩක් වටේ පිටේ තියෙන්නේ මොනාද කියලා බලන්න එපැයි.

ඕක දැකපු Jk ට ආපහු හිනා යන්න ආවත් ඒක පාලනේ කරගෙන ටිකක් නපුරු මූනක් ආරූඪ කරගෙන ටේ දිහා බලලා කතා කරා.

Jk- Baby boy, මේ අහන්න ඔයාට අපේ maison එකත් පස්සේ බලන්න පුළුවන්. ඔය තියෙන දේවල් ඒ විදිය්ටම තියෙනවා. ඔව්වා කොහෙවත් යන්නෙ නෑ. දැන්  මෙන්න මෙහෙ එනවා යන්න.

ටේගේ අතින් ඇදගෙන Jk living room එකට ගියා.  දෙන්නා යනකොට කට්ටියම සාලෙට වෙලා ඉදගෙන ලොකු කතාවක්. ඒ කතාව නැවතුනේ ටේකුක් දෙන්නාව දැක්ක පාර.

Mrs.Jeon- ඔහ් පුතා ඇවිල්ලා. එතකොට කවුද මේ අනිත් කෙනා කුකී?

Jungkook අද අමුත්තෙක් වත් එක්කන් ඇවිල්ලා නිසා කට්ටිය බලාගෙන හිටියේ කවුද මේ අනිත් කෙනා කියලා.

Jin- කවුද කුකී මේ හුරතල් කොල්ලා.

එහෙම කියපු ජින් ඇවිල්ලා ටේගේ කම්මුල් දෙක ඇදලා බැලුවා.

Jin- ඔමෝ කවුද දෙයියනේ මේ පැටියා. හරිම cute අනේ.

ටේ full confused වෙලා බලාගෙන ඉන්නේ මේ මොකද මේ වගේ ලුක් එකකින්.

මේ විකාර නිසා ටේ බය වෙලා කියලා දැනගත්ත Jungkook ඉක්මනට ටේව ලගට ඇදලා ගත්තා.

Jk- යාහ්හ්හ්හ්හ්........................
ඔම්මා හියුන්ග්, ඔය දෙන්නා කට වහගෙන ඉන්න. ඒ ළමයා බය වෙලා ඉන්නේ. ඔහොමද ගෙදරට ඉස්සරලාම එන අයව පිළිගන්නේ.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Unde poveștirile trăiesc. Descoperă acum