CHAPTER 12

644 112 16
                                    

At Taehyung and Jimin's apartment,

ටේට කලන්තේ දාලා වැටුණ වෙලේම ජිමින් ටේ ලගට ගියා.

Flash back,

Jimin- දෙයියනේ ටේ...
            ටෙටේ නැගිටින්න... ටෙටේ
            අනේ නැගිටින්නකෝ.

අනේ කවුරු හරි වතුර ටිකක් ගේන්නකෝ.

ඊට පස්සේ ළමයෙක් වතුර බෝතලයක් ගෙනල්ලා දුන්නා.
ජිමින් වතුර ටිකක් මූට ඉස්සත් ටේ නැගිට්ටේ නෑ.

" ඉන්න මං කාට හරි කතා කරන්නම්." එක ළමයෙක් එහෙම කියලා ගිහිල්ලා විනාඩි දෙකක් විතර යනකොට professor කෙනෙක්ව එක්කගෙන ආවා.

Professor- ඇයි මේ ළමයා මෙච්චර තෙමිලා ඉන්නේ? ඇගත් ඇලෙනවා.  මොනාද තමුන්ලා මේ දරුවාට කරේ  කියනවා.

හැමෝම කට වහගෙන හිටියා මිසක් මොකුත් කිව්වේ නෑ. මොකද එයාලා Jk ට බයයි. ඒ නිසා මොනදේ උනත් Jk ට විරුද්ධ වෙලා නිකන් නිකරුණේ කරදරේ වැටෙන්න එයාලට ඕන උනේ නෑ.

Jimin-  ඉන්න මං කියන්නම් මැඩම්,
කියලා ජිමින් උන දේ මුල ඉදන් අගට අකුරක් නෑර කිව්වා.

Professor- ඔය ළමයාව හදන්න බෑ. 
මං කතා කරලා මේක Mr.Jeon ටම කියන්නම්. නැතුව මේක හරියන්නෙ නෑ. දැන් ඔයා මෙ ලමයාව අරගෙන ගෙදර යන්න. මෙයා ඉන්නේ කොහෙද කියන්න ඔයා දන්නවාද?

Jimin- ඔව් මැඩම්. අපි දෙන්නාම එකට ඉන්නේ.

Professor- එහෙනම් පරිස්සමෙන් එක්කන් යන්න. මෙයාව nursing room එකට එක්කන් යන්න. තව ටිකකින් මේයාට සිහිය එයි. එතකල් ඉදලා එක්කන් යන්න.

Jimin- හරි මැඩම්. ගොඩාක් ස්තූතියි.

Professor- හරි එහෙනම් පරිස්සමෙන් යන්න.

Tae ට සිහිය ආපු ගමන්ම ටේව taxi එකක් අරගෙන apartment එකට එක්කන් ගියා.

Flash back end,

සිහිය ඇවිල්ලා apartment  එක්කන් එනකල්ම ටේ එක වචනයක් වත් කතා කරේ නෑ. Apartment එකට ආව ගමන්ම ටේ කාමරේට ගියා. ඒ පස්සෙන්ම ජිමිනුත් ගියා.  කාමරේට ආපු ගමන් ටවල් එකකුත් අරගෙන bathroom එකට ගියා ගියාමයි පැයක් ගිහිල්ලාවත් තාම ටේ නෙවෙයි එළියට ආවේ. ජිමින් කීප වතාවක් කතාකරත් ටේගේ ඉකි ගැසීම් හඩයි ශවර් එකෙන් වතුර වැටෙන සද්දෙයි ඇරෙන්න වෙන කිසි දෙයක් ජිමින්ට ඇහුනේ  නම් නෑ.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now