CHAPTER 13

676 120 30
                                    

Taehyung pov,

ජිමිනාව අවුස්සලා මං කෙලින්ම දුවගෙන ආවේ music lecture hall එකට. අදත් කලින් දවසේ වගේම කට්ටිය ගොඩාක් හිටියා. මම අදත් ගිහිල්ලා පිටිපස්සෙම අයිනකටම වෙන්න ඉදගත්තා.

අද උදේ ඉදන්ම අර දුශ්ට හාවා පේන්න හිටියේ නැති නිසා මන් හිතුවේ අද පොර නෑ කියලා. ඒ නිසා මන් මාර සතුටෙන් හිටියේ. හැබැයි ඒ සතුට තිබ්බේ හරිම අඩු කාලයක්. අඩුම විනාඩි දෙකක් වත් තිබ්බේ නෑ.

ගෑනු ළමයි හයියෙන් කෑගන සද්දෙන් මං අදුන  ගත්තා ඒ එන්නේ Jk කියලා. මං ඒක conform කර ගන්න ඒ පැත්ත බැලුවා. එතකොටයි මට හිතුනේ අපරාදේ බැලුවේ කියලා. මොකද ඒ වෙනකොටත් Jungkook මං දිහා කන්න වගේ බලාගෙන මං ඉන්න පැත්තටම එනවා. මට හිතුනේ එක දෙයයි , " අද මං ඉවරයි." ඔච්චරයි මට හිතුනේ. මං ඉන්න තැනට ඇවිල්ලා මට එහා පැත්තෙන් ඉදගෙන මං දිහාවට දවා අලුවෙන බැල්මක්  දාලා අර ගිරිය කඩාගෙන බෙරිහන් දෙන ගෑනු ටික පැත්තට හැරිලා , " මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඔය කරච්චලේ නවත්තගන්නවලා. ගිහිල්ලා තමුන්ලාගේ වැඩක් කරගන්නවා මට පාඩුවේ ඉන්න දීලා."  ඒකට නම් ඒ ගෑනු ටික විතරක් නෙවෙයි මාත් බය උනා. බය උන පාරට කට්ටියම කටවල් වහගෙන එතනින් යන්න ගියා. Jk මගේ දිහා ආපහු ඇහැක් ඇරලා බැලුවේ නෑ. හැබැයි ඒකට නම් සුට්ටක් දුක නොහිතුනාම නෙවෙයි. කමක් නෑ මට පාඩුවේ ඉන්න පුළුවන් නේ කියලා හිත හදාගෙන මං හිටියා. මං හිතන්නේ කොල්ලාට ඊයේ Mr.Jeon බැනලාද කොහෙද. හොද වැඩේ පොලොස් කොට්ටෝරුවාට.

ඊට විනාඩි කීපයකට පස්සේ අපේ music professor හෝල් එකට ආවා. හැමෝම නැගිටලා professor ට ආචාර කරා.

Professor-  Taehyung අද ආවද? ආවානම් නැගිටින්න.

" මගෙ නම සර් කතා කරහාම මාව ටිකක් ගැස්සුනා. ඇයි යකෝ මගෙ නම කියලා කතා කරන්නේ. මං මොකක් හරි වැරැද්දක් කරාවත්ද? නෑ නෑ මං මොකුත් කරේ නෑ. ඒ නිසා බය වෙන්න එපා කොල්ලෝ. පුරුස සත්තිය අරගනින්" මං මටම එහෙම කියාගෙන පුටුවෙන් නැගිට්ටා.

Professor- ඔහ් පුතා අද ඇවිල්ලා. මං හිතුවේ ඊයේ වෙච්චි දේ නිසා පුතා අද එන්නේ  නැතිවෙයි කියලා. Jeon Junkook ඔහෙත් නැගිටිනවා.

Jungkook ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා.

Professor- තමුන් මේක හොදට අහගන්නවා, ඊයේ වගේ දෙයක් තමුන් ආපහු මේ දරුවාට කරලා තිබ්බොත් මං බලාගන්නම්. අනික Jeon තමුන්ට ඔක්කොම කියන්න ඇතිනේ. තමුන් අර මනුස්සයාගෙ නම්බුව කනවා. තමුන්ගෙ අයියා දිහාවත් බබලා හැදෙනවා. පොඩි කාලේ ඉදන් හුරතල් කරව්වාට මට ගහන්න ඕන. තමුන් අද මේ ළමයාට ඊයේ කරපු පාඩම කියලා දෙන්න ඕන. ඒ වගේම project එකත් තමුන් Taehyung එක්ක එකතු වෙලා කරන්න ඕන. තේරුනාද? නැත්තං මං ඒකත් බලාගන්නම්. මාව නරක මිනිහා කරගන්න එපා Jungkook.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now