CHAPTER 69

286 65 32
                                    

චූටිව එලියට දාපු වෙලාවේ ඉදන් ලොකූ ඇරෙන්න අනික් තුන් දෙනාම Jungkook ට කොච්චර කිව්වාත් jungkook නෙවෙයි එයාලා කියපු දේවල් කනකට ගත්තේ......

ආජුම්මා jungkook ගේ කකුල් දෙක ලග දනගහලා ඉල්ලුවත් jungkook එයාලාව ගනන් ගත්තේ නෑ.....


එයාලාගේ බය තවත් වැඩි උනේ වටෙන්ම ගොරවගෙන අකුණු ගහගෙන ඇවිල්ලා වහින්න ගත්තාට පස්සේ......





ආජුම්මාට බැනලා එලවගත්ත jungkook , ටේගේ බලවත් විරෝධය මැද්දෙම ටේව උස්සගෙනම කාමරේට ගියේ වහින නිසා නිදාගන්න.

ටේව කාමරේට අරගෙන ආපු jungkook කාමරේ දොර ඇතුලින් ලොක් කරලා යතුර අරගෙන බාතෲම් එකට ගියේ වොශ් දාලා එන්න.

පැයක් විතර වොශ් කරලා ඉවර වෙලා jungkook බාතෲම් එකෙන් එලියට එද්දිත් ටේ අඩ අඩ හිටියා.



වෙනදා ටේගේ වචනේ දෙපාරක් නොහිතා කරන jungkook , අද ටේ පැය දෙකකටත් වඩා අඩ අඩ කියපු දේ ඇහුවේ නෑ.......


අඩලා අඩලාම හෙම්බත් උන ටේට මහන්සියටම ඇද උඩ නින්ද ගියා.

Jungkook දැනගෙන හිටියා ටේට නින්ද යන බව.

ඉතින් ටේ තද නින්දකට වැටෙනකල් බලාගෙන හිටිය jungkook , මෙච්චර දවස් ටේගේ ඉල්ලීම නිසා නොගත්ත කෝල් එකක් අද ගත්තා......







පැය බාගයක් විතර දුරකතන සංවාදයක යෙදුන jungkook , පෝන් එක ක්‍රියා විරහිත කරලා එහෙම්මම ටේ නිදාගෙන ඉන්න ඇදට ගියා.....

කාමරේ ලයිට් ඕෆ් කරලා ඇදට ආපු jungkook  අඩලා අඩලාම හෙම්බත් වෙලා ඉන්න ටේව තමන්ගේ තුරුලට ගත්තා.

" සමහර විට හෙට ඔයා මා එක්ක තරහා වේවි. මං දන්නවා දැනුත් ඔයා මා එක්ක තරහයි කියලා. හෙට ඊටත් වඩා තරහා යයි ඔයාට මං අද ගත්ත තීරනේ නිසා. ඒත් මං හිතනවා මගේ තීරනේ නිසා එයයි ඔයායි දෙන්නාම ටිකක් හරි සතුටින් ඉදියි... ඒ නිසා මට සමාවෙන්න ලව්. මං මේක කරන්නේ ඔයාලා දෙන්නාගෙම හොදට. මොකද මට බෑ ඔයා තවත් දුක් විදිනවා බලන්න.."

ටේට නෑහෙන වග දැන දැනම ටේගේ කනට මිමිනූ jungkook ටේගේ නලලටයි තොල් වලටයි පුංචි පෙක් දෙකක් දීලා නින්දට වැටුනා.....

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now