CHAPTER 16

675 108 19
                                    

Tae- ඒ කියන්නේ දැන් Jungkook hyung කලින්ට වඩා හොදයි කියන එකද?

Mr.Jeon- හ්ම්ම්ම්. ඔව්. අද එයාට තරහා ගියේ එයාගේ ඔම්මා ඔයත් එක්ක කතා කර කර හිටියානේ. එයාව ගනන් නොගෙන. අන්න ඒකයි. මොකද එයා මේ ලෝකේ වැඩිපුරම ආදරේ එයාගේ ඔම්මාට. අනිත් අයට ඊට පස්සේ.

Tae- ඔහ්.. hyung ඔම්මාට ගොඩාක් ආදරෙයි වගේ නේද?

Mrs.Jeon- ඔව් ගොඩාක් ආදරෙයි එයා මට. 

Mrs.Jeon ඒක කිව්වේ ගොඩාක් සතුටින්. ඒක එයාගේ ඇස් වලින් හොදට පෙනුණා. ඒ ඇස් දිලිසුනා.

Mr.Jeon- හැබැයි ඔයාට එයාව තේරුම් ගන්න බෑ වගේ ගායු.  අද ඔයා නිසයි එයා එච්චර තරහා ගත්තේ. ඔයා ඔයිට වඩා කුකී ගැන හිතනවානම් ගොඩාක් හොදයි ගායු. අනික මේක හොදට මතක තියාගන්න, ආපහු  පුතා ඔයා නිසා ලෙඩ උනොත් මං නරකයි කියන්න එපා.

Mrs.Jeon හට ටිකක් උස් හඬින් කතා කරපු Mr.Jeon අවසානෙට කියපු වචන කීපය කීවේ තර්ජනාත්මක ස්වරූපයෙන්.

Mrs.Jeon- මට සමාවෙන්න මහත්තයා. මං ඒවෙලාවේ ඒක ගැන වැඩිය හිතුවේ නෑ.

Mrs.Jeon ගේ කට හඩ ඇසුණේ කැඩි කැඩී. Mrs.Jeon ට ඇඩුනා.

Mr.Jeon- සමාව කියන වචනයට වැරදි හදන්න බෑ ගායු. මීට පස්සෙ වත් ඔයිට වඩා සැලකිලිමත් වෙන්න. මං යනවා මට තව ටිකකින් meeting එකක් තියෙනවා.  ඊට පස්සේ එයා එක්කම dinner ගන්නවා මම. අද රෑට මටත් එක්ක කෑම හදන්න එපා. මං දැන් යනවා. Kook නැගිට්ටාම එයාව බලන්න.

එසේ පැවසූ Mr.Jeon එතනින් පිටව ගියා. 

Mrs. Jeon හිමීට අඩන්න ගත්තා. ඒක දැකපු ටේ ඉක්මනට ගිහිල්ලා Mrs.Jeon ව බදා ගත්තා.

Tae- ඔම්මා......................... ෂ්.... අඩන්න එපා. ඔයා හිතලා නෙවෙයිනේ කුකීට බැන්නේ. ඒ නිසා අඩන්න එපා ඔම්මා. අනික හියුන් නැගිටිනකොට එයාගේ තර්හා සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙයි.

Mrs.Jeon- මම නොහිතා කරපු නිසා තමයි මගේ කුකී ලෙඩ උනේ. මං එයාට එහෙම කතා නොකරයි ඉන්න තිබ්බේ. අනික කුකී කිව්වා මං එයාට දැන් ආදරේ නෑ කියලා. එයාගේ හිත හොදටම රිදෙන්න ඇති.

එසේ පැවසූ Mrs.Jeon නැවතත් හඩා වැටුනා.

Jin- ඔම්මා.... ඒක වෙලා ඉවරයි දැන්. ඒ නිසා නාඩා ඉන්න. අනික කුකී නැගිටිනකොට එයාගේ කේන්තිය නිවිලා තියෙයි. එතකොට ඔම්මා අඩලා ඉන්නවා එයා දැක්කොත් එයාට දුක හිතෙයිනේ. එයා කැමති නෑනේ ඔම්මා අඩනවා බලන්න. ඒ නිසා දැන් අඩන්න එපා. අපි කාමරේට යමු ඔම්මා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now