CHAPTER 41

582 82 90
                                    

පැය 14 කට ආසන්න ගමනකින් පස්සේ ටේකුක් දෙන්නා පැරිස් වලට ආවා.

Tae- අපි කොහොමද යන්නෙ hyungie ?

Jungkook- ඔහ්... මගේ යාලුවෙක් ඇවිල්ලා ඉන්නෙ මාව ගන්න. ඔයත් දන්නවා එයාව.

Tae- මන් දන්නවා...?

Jungkook- ඕඕ... එන්නකො යන්න........... ආ අර ඉන්නේ යමු.

ටේකුක් දෙන්නාව ගන්න airport එකට ඇවිල්ලා හිටපු කෙනා දැක්කාම ටේ පුදුම උනා.

ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි ජීසූ. Jungkook ගේ යාලුවා..

Jisoo ව දැක්ක Taehyung පුදුම උනා. එයාට ජීසුව හොදට මතකයි. කොහොමද අමතක වෙන්නේ, Jungkook සම්පූර්ණ දවසක්ම ඔය ජීසූ කියන කෙනා එක්ක කාමරයක් අස්සට වෙලා ඉදියානේ.

ජීසුව දැකපු ටේ හිටි තැනම නැවතිලා ජීසුට රවන්න ගත්තාත් Jungkook නම් ඈත තියා එයාලා දිහා බලාගෙන උඩ පැන පැන අත වනන කෙල්ල ලගට හිනා වෙවීම ගියා. ජීසුත් උඩ පැන පැන දුවගෙන ඇවිල්ලා කුක්ව Jungkook උනත් ආපිට එයාව බදාගත්තා. මොකද ඒ කුක්ගේ හොදම යෙහෙලියනේ. එයලාට ඒක සාමාන්‍යයි. ඒත් එයාලා දෙන්නා දිහා බලාගෙන රවන ටේට නම් ඒක සාමාන්‍ය නෑ. ඒකනේ ඔච්චර රවන්නේ.

තවත් ජීසු කුක් දෙන්නා වෙලිලා ඉන්න එක බලාගෙන ඉන්න බැරි උනු ජෙලි ටේ අඩිය ඉක්මන් කරලා එයාලා ලගට ගියා.

ටේ එයාලා ලගට එනවා දැකපු ජීසූ Jungkook ව පැත්තකට තල්ලු කරලා ටේ ලගට ගිහිල්ලා ටේව බදාගත්තා.

ටේ නම් ෆුල් confused , ඇයි දෙයියනේ ටේ ජීසූව දන්නෙ නෑනේ , Tae ඇස් ලොකු කරගෙන ජීසූ දිහා බලාගෙන ඉන්නවා. Jungkook ට නම් ටේ ඉන්න විදිය දැකලා හිනා.

ටේව තමන්ගේ බූවලු ග්‍රහනයෙන් මුදවපු ජීසු කතා කරන්න ගත්තා.

Jisoo- අනේව්, කුක්කෝ ඔහේගේ තේරීම නම් මරු. වාහ්... ඒන්ජල් කෙනෙක් වගේ දෙයියානෙ මෙයා. කොල්ලෝ......... මෙයාව උබේ හතුරොන්ගෙන් විතරක් නෙවෙයි , වෙන කොල්ලොන්ගේන් කෙල්ලොන්ගේනුත් බේරගන්න වෙයි.

ජීසූ එහෙම කිය කිය tae ගේ කම්මුල් දෙක හොදට මිරිකුවා. ටේගේ මූන නිකන් දැන් ජම්බෝලයක් වගේ. ජීසු මිරිකලාම රතු වෙලා.

Jungkook- හා හා..... ඔය ඇති මිරිකුවා. මගේ කොල්ලාව ඇතෑරපිය. තොටත් හුරතල් කොල්ලෙක් පේන්න බෑ. මිරිකන්නමයි බලන්නේ. ඇතෑරපිය මගෙ බේබිව. ඉබ්බි.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Donde viven las historias. Descúbrelo ahora