CHAPTER 8

698 120 54
                                    

Taehyung pov,

ආහ්හ්හ්හ්හ්........................ ඇයි දෙයියෝ ඔයා මාව මෙහෙම බයිට් කරන්නේ. මේ හාවා නිසා මයේ හාටුව රේස් දුවනවා. තව ටික වෙලාවක් ගියොත් මේක පුපුරයි.

ටේ ඉතින්  බාල්දියක් දාගෙන නේ ඔය නටන්නේ. ඉන්න මන් කියන්න වෙච්චි දේ.

" අර සිද්ධිය වෙලා ඉවර උනාට පස්සේ ලෙක්චර් ඇවිල්ලා ලෙක්චර් එක පටන් ගත්තා. ලෙක්චර් එක අතර තුර නිකමට ටේ Jk දිහා බැලුවා. අන්න එතකොට තමා ටේ Jk ගෙ ලස්සන දැක්කේ. ඒ වෙලේ ටේට හිතුනේ එකම එක දෙයයි. ' මනුස්සයෙක්ට මේ තරම් කඩවසම් වෙන්න පුළුවන්ද?' ටේට නොදැනුවත්වම ටේ කුකී දිහා ගොඩාක් වෙලා බලාගෙන හිටියා.

Jk ට දැඋනා කවුරු හරි එයා දිහා බලන් ඉන්නවා කියලා. ඒ කවුද කියලා බලන්න Jk හැරෙනකොට තමයි දැක්කේ එයාගේ baby boy එයා දිහා දැහැනකට සම වැදිලා වගේ තම්න් දිහා බලාගෙන ඉන්නවා. Jkට නිකන්ම හිනා ගියා.

ටේගෙ සිහිය කොයි තරම්ද කියනවානම්, කොල්ලාට ගානක් උනේ නෑ  Jk එයා දිහා බලාගෙන ඉන්න එක.

Jk කරන්නම් හොද වැඩක් කියලා ටේගෙ මූල ලගටම ලං වෙලා ටේගෙ නහය එයාගේ නහයෙ ගෑව්වා. ඊට පස්සේ තමා ටේ හරි සිහියට ආවේ. එක පාරටම මොකද උනේ කියලා කල්පනා කරනකොට ටේට ඔක්කොම එක පෙළට මතක් උනා. එවෙලේ කොල්ලාට හිතුනේ පොලොව පලාගෙන යන්න. ඒ මදිවට දැනුත් කුකී ටේගෙ නහය එක්ක සෙල්ලම් කරනවා. ( මල කෝලම් බෝල සබන් කිව්වාලු😒💔)

ඇයි බය වෙලා මගේ baby boy? Daddy කොහොමත් handsome තමා. හැබැයි ඉතින් හැම වෙලේම ඔහොම මගෙ දිහා බලාගෙන ඉන්න එපා හරිද. මගෙ දිහා බලාගෙන ඉන්නම ඕන නම් මට කියන්න මන් වෙලාවක් හදලා දෙන්නම්.  දැන් ලෙක්චර් එක අහගෙන ඉන්න. අනික ඔහොම රතු වෙන්න එපා. කවුරු හරි strowberry ගෙඩියක් කියලා හිතිලා කාලා දායි මගේ baby boy ව. ඒ නිසා හොද බබා වගේ ලෙක්චර් එක අහගන්න ඉන්න.

එහෙම කියපු Jk ටේගේ නහයට චූටි කිස් එකක් දීලා ආපහු ලෙක්චර් එකට ඇහුම්කන් දුන්නා."

ඔන්න ඕක නිසා තමා කොල්ලාගේ හාට් එක මැරතන් දුවන්නේ. කොච්චර වේගෙන්ද කියනවා නම් උසේන් බෝල්ට් ට වඩා වේගෙන් දුවනවා ටේගේ හාටුව.




Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now