CHAPTER 71

314 64 46
                                    

After four years.

අවුරුදු හතරක් ගෙවිලා ගියා.

දැන් ගොඩාක් දේවල් වෙනස් වෙලා..

චුටි කියන්නේ දැන් අවුරුදු දාසයක ලස්සන හුරතල් ගෑනු ළමයෙක්.

විශේශම දේ උනේ දැන් චූටී ඉන්නේ hostal එකේ නොවුන එක.

දැන් එයා ඉන්නේ ඉස්කෝලෙට යාබදව තියෙන පුංචි ගම්මානෙක කුලී නිවසක.

නගරයෙන් ඇතුලට වෙන්න ඒ ගම පිහිටලා තිබ්බා.....

මිනිස්සු ගොඩාක් නැති ගමේ හිටියේ පවුල් පහලොවක් වගේ....

පුංචි ගමන් උනත් තාක්ෂණය අතින් ඒ ගම දියුනුයි. ඒ වගේම ඒ ගමේ තිබ්බේ හරි ලස්සන පරිසරයක් නිසා චූටී ගේ හිත මේ ගම ඉක්මනින් හොරකම් කරගන්න සමත් උනා.

මානසික නිදහස ගැන ලොකුවටම බලාපොරොත්තු උන චූටිට මේ ගම හරියටම ගැලපුනා......

චූටී ගමට ඇවිල්ලා වැඩි කාලයක් නෑ.

මීට සති තුනකට උඩදී තමා චූටී මේ ගමට එන්නේ.

නගරයේ තිබ්බ book shop එක ඉදිරිපිට අලවලා තිබ්බ දැන්වීමකින් තමා චූටි මේ තැන හොයාගත්තේ........

තමන්ගේ අතේ තියෙන මුදලට සෑහෙන තරමට තමන්ට ඉන්න කාමරයක් චූටි හොයව්වා.....

ඉතින් තමන් බලාපොරොත්තු උන හැම දේම තියෙන බව චූටී ඒ තැන බලන්න ආපු පලවෙනි වතාවෙම දැක්ක නිසා , දෙපාරක් නොහිතා ඒ කමරය චූටී මිලට ගත්තා....

වයසක අත්තම්මා කෙනෙක් තමා ඒ ගෙදර අයිති කාරිය.

ඇය ජීවත් උනේ තනියම නිසා වගේම , ගෙදර නිකන් තියෙන කාමරයක් ඇය කුලියට දීමට තීරනය කරේ තමන්ගේ පාලුව මකාගන්න වගේම තමන්ට කීයක් හරි හම්බකරගන්න.

ඇය කරේ strowberry වගාවක්. ඉතින් ඒකෙන් එන ආදායම ඇය ජීවත් වෙන්න ඕනවට වඩා වැඩි උනත්, ගෙදර නිකන් තියෙන කාමරයක් ඇය කුලියට දුන්නේ ඒ කාමර නිකන් නාස්ති වෙන නිසා.

කාරුනික කාන්තාවක් උන ඇයද චූටිගේ හිත ඉක්මනින් තමන් කරා ඇදගත්තා.....




අවුරුදු පහලොවේ ඉදන් part time ජොබ් කීපයක් චුටි කරේ හොස්ටල් ජීවිතයට ඇය අකමැති නිසා. ඉතින් මාස හත අටක් තැන තැන් වල වැඩ කරපු චූටි යම් මුදලක් එකතු උන ගමන්ම තමන්ට ඉන්න තැනක් බැලුවා....

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now