CHAPTER 54

254 54 42
                                    

Evening ,

School ගිහිල්ලා ආපු ලොකුයි චූටියි කෑම කාලා හවස නිදා ගත්තා.

එයාලා රෑ නැගිටිද්දී ආජුම්මා කෑම හදලා තිබ්බා වගේම jungkook ගෙදර ඇවිල්ලා හිටියා.

ඒ නිසා ආජුම්මා චූටිව කාමරේම තියලා තිබ්බා.

එතකොට ලොකූ,

ලොකූ අප්පා එක්ක කෑම මේසේ වාඩි වෙලා කෑම කනවා.

ඒ කියන්නේ jungkook තමා ලොකූට කවන්නේ......

ඉතින් අප්පා කවන කෑම කන ගමන් ලොකූ අද උගන්නපු සේරම දේවල් එකක් නෑර කිව්වා.

Jungkook ත් ඉතින් ඒ හුරතලේට හිනා වෙවී කෑම ටික කැව්වා.

ලොකූගේ හැම හැසිරීමක් වගේම රූපෙද ටේ හා සමාන නිසා jungkook හරි ආසාවෙන් තමා ලොකූ එක්ක ඉන්නෙ.

ඉතින් jungkook ට ලොකු ගැන තියෙන ආදරේ එන්න එන්න වැඩි උනා මිස අඩු උනේ නෑ.











එතකොට චූටී ........,

චූටී තමන්ගේ කාමරේ බැල්කනි එකට ගිහිල්ලා එතන මුල්ලක බිම ඉදගත්තා........

තමන්ගේ අතේ තිබ්බ පපාගේ පොටෝ එක ගත්ත චූටි ඒ දිහා සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා......

" පපා දන්නෝද අද මං ආයෙත් ඉස්කෝලේ ගියානේ..... අද අපේ ටීචර් අපිට උගන්නව්වේ පපාගෙයි අප්පාගෙයි ආදරේ ගැන. ඕ පපා දන්නෝද ටීචර් කිව්වා අප්පාලා පපාලා අපිට ගොඩාක් ආදරෙයි කියලා. එතෝට ටීචර් කිව්වා ඔයාලා අපිට පනිශ් කරන්නේ අපිට තීන ආදරේට කියලා.. අපි නෝටි වැඩක් කරාම කිව්වා ඔයාලා අපිට පනිශ් කරන්නේ. මොකද ඔයාලාට ඕන අපි හොද අය වෙන්න නිසා, අපි නෝටි වැඩක් කරාම ඒවා නවත්තන්න ආදරේටලු ඔයාලා අපිට පනිශ් කරන්නේ. මට ගුඩාක් සතුටුයි පපා. මොකද මං හිතන් හිටියේ අප්පා මට ආදරේ නෑ කියලානේ. ඒම නෑ.... අප්පා මට ආදරේටනේ පනිශ් කරලා තියෙන්නේ. මොකද මං නෝටි වැඩක් කරානේ, මං උන්නිගේ සෙල්ලම් බඩුව කැඩුවානේ. අනික උන්නිගේ ඔලුවත් මං නිසා බිත්තියේ වැදුනා. ඉතින් උන්නිට ගොඩාරියන් සිදෙන්න ඇති නේද? මං නෝටි වැඩක් නේ කරලා තීන්නේ. උන්නි පවු..... හූම්ම්ම් .. ඒත් අප්පා මට පනිශ් කරලා තියෙන්නේ මගේ නෝටි වැඩේට කියලා මට අදනේ තේරුනේ.... මට එදා ගොඩාක් සිදුනා තමා පපා. ඒත් මට සතුටුයි දැන්. මං දැන් දන්නවා නේ අප්පා උන්නිට වගේම මටත් ආදරෙයි කියලා. ටීචර් කිව්ව විදියට නම් පනිශ් කරනවා කියන්නෙත් අපිට ආදරේ පෙන්නන විදියක්ලු. ඒ කියන්නේ අප්පා මට ආදරේ පෙන්නන්නේ පනිශ් කරලා. හූම්ම්ම් ඒක ටික රිදෙනවා තමා. ඒත් මං දැන් ඒකට ආසයි. ඉතින් පපා දන්නෝද මං මොකද්ද හිතුවේ කියලා ? මං අද ඉදන් ගුඩාක් නෝටි වැඩ කරනවා. එතකොට අප්පා මට ගොඩාක් පනිශ් කරයි. නෑ නෑ ..... අප්පා මට ගුඩාක් ආදරෙ කරයි. ඒතෝට මට පාලු නැති වෙයි නේ. මට සිදුනාට කමක් නෑ..... අප්පා ඒ විදියට හරි ආදරේ කරනවා නම් මට සතුටුයි ගුඩාක්. හ්ම්ම්ම්....... පපා ඔයා ඉක්මනින් එනෝද? මිශ් යූ පපා.. ඉක්මනින් එන්න. මං ආදරෙයි පපාට ගුඩාක්......."

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now