CHAPTER 73

345 63 81
                                    

වත්තේ වතුර දදා හිටපු ආච්චි දැක්කේ තමන්ගේ වත්ත ඇතුලට ආව නවීන පන්නයේ කාර් එකක්.

වතුර බටේ එහෙම්මම තනකොල ගොඩ උඩට දාපු ආච්චි චූට්ටක් ඉස්සරහාට ගියේ ආවේ කවුද බලන්න.

එතකොට තමා දැක්කෙ වාහනෙන් බහින කට්ටියව.

එයාලව අදුන ගන්න ආච්චිට අමාරු උනේ නෑ.......






ආච්චි- මේ ඔය මහත්තයාලනේ..... යමු ඇතුලට.

Jungkook- ඔහ් ඔය ඇන්ටි අපිව දන්නවාද?

Jungkook පුදුමෙන් අහද්දී, ආච්චි පුංචි හිනාවක් jungkook දීලා...

ආච්චි- මොකද මහත්තයෝ මම නොදන්නේ? අපේ රටේ ලොකුම බිස්නස්මන් නේ මේ. අනික ඔය මහත්තයා ආදිගේ අප්පානේ?

ආච්චි අහද්දි jungkook ලා පුදුම උනත් , එයාලාට හිතුනා ආදි සමහර විට එයාලා ගැන කියලා ඇති කියලා..... අනික jungkook සතුටු උනා එයාලා ඇවිල්ලා තියෙන්නේ හරිම තැනට නිසා....

ආච්චි- ඔය මහත්තයාලා යමු ඇතුලට......

ආච්චි එහෙම කියද්දී jungkook , taehyung , ලොකූ , චූටි මේ හැමෝම ආච්චිගේ පිටිපස්සෙන්ම ගෙට ඇතුලු උනේ දාගෙන හිටපු සපත්තු දොරකඩ ගලවලා...


ආච්චි- ඔය මහත්තයාලා ඔතන වාඩි වෙලා ඉන්නකෝ..... මං බොන්න මොනා හරි අරගෙන එන්නම්.....

එහෙම කියපු ආච්චි කුස්සියට ගියේ jungkook ලාට බොන්න මොනා හරි හදාගෙන එන්න්.......

ඒ අතර Jungkook , taehyung, ලොකූ වට පිට බල බල හෙව්වේ ආදිව.

ගුක් නම් පාඩුවේ ඉදගෙන ගෙදර ලස්සන බැලුවා....

මොකද එයා දන්නෑනේ කවුද ආදි කියන්නේ කියලා.....




ඊට විනාඩි පහකට විතර පස්සේ ආච්චි ඇපල් ජූස් වීදුරු ටිකයි කප් කේක් ටිකකුයි අරගෙන ඇවිල්ලා සෝෆා එකේ මේසෙ උඩින් ඒවා තිබ්බා....

එතකොටම මෙච්චර වෙලා කටවහගෙන හිටපු ටේ මෙච්චර වෙලා තමන්ගේ හිතට වද දුන්න ප්‍රශ්නය ආච්චි ගෙන් ඇහුවා....

Tae- ආන්ටි කෝ අපේ දුව? මං දැන් ගොඩාක් වෙලා බලාගෙන හිටියා , ඒත් එයා පේන්න නෑනේ , කොහෙ හරි ගිහිල්ලාද?

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now