CHAPTER 75 (Final)

770 81 87
                                    

AFTER SIX YEARS ,

අවුරුදු හයක් ගිහිල්ලා තිබ්බේ ගොඩාක් දේවල් වෙනස් කරමින්.



අවුරුදු විසි පහක තරුනයෙක් තමන් මීට අවුරුදු ගානකට කලින් ගත්ත strowberry වත්තට ආවේ තමන්ගේ සුපුරුදු කාර්‍යට.

සෑම සතියකට වතාවක්ම ඔහු මෙතනට එන්නේ, මීට අවුරුදු ගානකට කලින් තමන්ව දාලා ගිය තමන්ගේ අප්‍රකාශිත ආදරේව බලන්න......

ඔව් ඒ Yeonjun......

එයා චෙහාගේ මාර්ගෙන් දැන ගත්තා ආදි තව දුරටත් ජීවතුන් අතර නෑ කියලා.....

ඒ වගේම එදා චෙහා yeonjun ට පොතක් දුන්නා.....

ඒ පොතේ තනිකරම තිබ්බේ yeonjun ගෙ පිංතූර.......

අතින් ඇදපු පිංතූර.......

එදා ආදිගේ බඩු ගෙදර අරන් ගියාට පස්සේ ඒවා අදිද්දී තමා ලොකූට ඔය පොත හම්බ උනේ..... ඉතින් ඒ පොතේ අයිතිකාරයාව හම්බවෙලා, සම්පූර්ණ විස්තරේ එයාට කිව්වා....

එදා ඉදන් අද වෙනකන් yeonjun තමන්ට ආදිගෙන් හම්බ උන එකම දේ තමන්ගේ පන වගේ බලාගත්තා....

ඉතින් අදත් Yeonjun ආදිට කතා කරන්න ගත්තා.....

" ආදී..... මගේ මැණික හොදින් නේද? මට පාලුයි චූටී.... දන්නවාද? අද මං ආවේ ලොකු දෙයක් කියන්න...... මං අද මගේ උපාදිය ගත්තා..... ලබන සතියේ අප්පාගෙ බිස්නස් මට බාර දෙනවා....... ඒ වගේම අප්පා මට කසාදයකුත් බලලා.... ඒත් ම.. මට බෑ..... මං කොහොමද දෙයියනේ තව කෙනෙකුට ආදරේ කරන්නේ.... කොහොමද අමතක කරන්නේ ඔයාව...... මාව නිකන් හිර වෙලා වගේ..... මං එයාව දැක්කා...... එයාගේ වරදක් පේන්න නෑ...... හරි අහිංසක ළමයෙක්.... මං අමාරුවෙන් තීරනයක් ගත්තා...... හම්ම්ම්ම්.... මං තීරනය කරා අපේ කතාව මෙතනින් නවත්තන්න.... මං තීරනය කරා ඉස්සරහාට යන්න.... එයා එක්ක.... ඔයා ලගට එන්න බැරි නම් මං ඉස්සරහාට යන්නම ඕන...... අනික මට ඕන නෑ මාව විශ්වාස කරලා , මාත් එක්ක ජීවිතේ බෙදාගන්න කෙනාව රවට්ටන්න..... ඉතින් මං අද නවතිනවා..... මගේ පලවෙනි ආදරේ...... අද මෙතනම මං වලදානවා...... මං ඔයා දුන්න පොත විතරක් තියා ගන්නම්...... අදින් පස්සේ මං තියා කවුරුත් මෙතනට නොඒවි ඔයාව බලන්න.... අද ඉදන් මේ වත්තේ ගේට්ටුව සදහටම ලොක් වෙනවා... හරියටම මීට අවුරුදු හයකට කලින් ඔයාගේ ඔම්මලා නැවතුනා වගේ , අද මමත් මෙතනින් නවතිනවා..... සමාවෙන්න මට....... ඒත් මං මේක කරන්නම ඕන. ඉතින් පරිස්සමෙන් ඉන්න . ඉන්න තැනක සතුටින් ඉන්න. පොරොන්දු වෙනවා ආයෙම මුන ගැහුනොත් කවදාම හරි ආයේ අතාරින්නේ නෑ කියලා.... ඉතින් මං යනවා ආයේ නොයෙන්නම......"

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now