CHAPTER 58

237 53 27
                                    

Jungkook ලා ඇමරිකා ඇවිල්ලා සතියක් ගත වෙලා තිබුනා..

මේ සතිය ඇතුලත jungkook office එකේ සම්පූර්ණ කරන්න තිබ්බ project සේරම ටේගේ උදව් ඇතුව ඉක්මනින්ම ඉවර කරා..

ටේත් නිතරම jungkook එක්ක office ආව නිසා හැමෝගෙම අවදානය ටේ වෙතට යොමු වෙලා තිබුනා.....

ඒ අය දන්නවා ටේ කියන්නේ jungkook ගේ husband කියලා... ඒත් එයාලට තිබ්බ ලොකුම ප්‍රශ්නේ උනේ මෙච්චර අවුරුදු හයක් හිටපු නැති කෙනෙක් දැන් කොහොමද ඉන්නේ කියන එක......

එයාලට ඒ ගැන දැන ගන්න ලොකූ උවමනාවක් තිබ්බාත්, ඒක ගැන එයාලාට කොහොමත් දැන ගන්න වෙන්නේ නැති වග එයාලා දන්නවා.....

මොකද එයාලා දන්නවා jungkook ගැන.. මේ අවුරුදු හය පුරාවටම එයාලා දැකලා තිබ්බේ jungkook ගේ නපුරු පැතිකඩ නිසා එයාලා ටේහ්‍යොන් ගැන දැන ගන්න අදහස එහෙම්මම අතෑරලා දැම්මේ, අනුන්ගේ ඕප දූප හොයනවාට වඩා තමන්ගේ ජොබ් එක වටින නිසා....













අද තමා එයාලා ඇමරිකා ඉන්න අවසාන දවස. හෙට රෑ තියෙන flight එකෙන් එයාලා ආපහු කොරියා යනවා......

ඒ නිසාම jungkook සහා taehyung අද උදේම ලොකූ ගෙයි චූටිගෙයි school එකට ගියේ ඒ දෙන්නාගේ අස්වීම ගන්න........



ඉතින් මුලු උදේ වරුවම එයාලට ඉස්කෝලේ ඉන්න උනා......

අස්වීම ගත්ත ගමන් jungkook , taehyung දෙන්නා ගියේ තමන්ගේ ළමයි දෙන්නා ඉන්න clz එකට....

උගන්න උගන්න හිටපු ගුරුවරයා පංති කාමරේ දොර ලග principal එක්ක ආවා Jeon කපල් එක දැක්ක ගමන්ම උගන්නන එක මදකට නවත්තලා එයාලා ලගට ආවා.......

ඊට පස්සේ ප්‍රින්සිපල් සම්පූර්ණ විස්තරේ කිව්වාට පස්සේ පංතියේ හිටපු ගුරුතුමී ළමයින්ට ලොකූයි චූටියි අද මේ ඉස්කෝලේ දාලා යන බව කිව්වා.......

ඒක ඇහුවාට පස්සේ පංතියේ හිටපු හැම ළමයෙක්ගෙම මූනූ දුකෙන් පිරුනා........

ඉක්මනින් පොත් ටික බෑග් එකට දාපු චූටි , එයාලාට උගන්න උගන්න හිටපු Maths teacher ට උනුසුම් වැලද ගැනීමකින් සමු දීලා පංතියෙන් එලියේ හිටපු තමන්ගේ පපා ලගට ආවා.....

එතකොට ලොකූ තමන්ගේ යාලුවො වෙච්චි මුලු පංතියේම ළමයින්ට සමු දීලා අවසානෙට Maths තමන්ගේ ගුරුතුමීටත් සමු දීලා පංතියෙන් එලියට ඇවිල්ලා තමන්ගේ අප්පා ලගට ගියා......

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now