CHAPTER 39

415 84 10
                                    


Next day morning ,

7.30 A.M.

කට්ටියම අද වෙඩින් එකට ඇදුම් ගන්න යන්න ඕන නිසා උදේම කෑම මේසෙට ආවේ පරක්කු නොවෙන්න ඕන නිසා,

Mr.Jeon- කුක් ?

Jungkook- කියන්න අප්පා......

Mr.Jeon- ඔයායි ටේයි ඉස්සරලාම rings බලන්න යන්න. ඊට පස්සේ dresses බලන්න යන්න.

Jungkook- හරි අප්පා. කොහොමත් මන් rings දෙක හදන්න දීලා තිබ්බ නිසා මං කියලා තිබ්බෙ අද මට rings දෙක ඕන කියලා. එයාලා මට පොටෝස් දාලා තිබ්බා. ඒ නිසා උදේම ගිහිල්ලා ඒ දෙක බලලා අරගෙන ඇදුම් බලන්න යනවා. කොහොමත් ඔතනට ගියාම කීයට එන්න වෙයිද දන්නෙ නෑනේ.

Mr.Jeon- කොයි වෙලේද rings හදන්න දුන්නේ ?

Jungkook- මාසෙකට විතර කලින්. අපි practice පටන් ගන්න කලින් මන් size දුන්නේ අප්පා.

Tae- ඔයා කොහොමද එහෙම කරේ? මාව වත් එක්කන් ගියේ නැතුව කොහොමද select කරේ?

Jungkook- ඔයාගෙ අතේ තියෙන මුද්දේ size එක අරගෙන ගිහිල්ලා දුන්නෙ මම. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයිනේ. අනික තමුන්ගෙන් අහා අහා හැම දේම කරන්න ඕන නෑනේ. තමුනුත් අරූ එක්ක නැටුවෙ මගෙන් අහලා නෙවෙයිනේ නේද? ඒ නිසා බොරුවට කියවන්නේ නැතුව ඉන්නවා.

ටේ දිහා නපුරු විදියට බලලා jungkook කියනකොට ටේ මොකුත් නොකියා කෑම පිගාන දිහා බලාගත්තා. මොකද ටේ දන්නවා Jungkook තමන් එක්ක තාම තරහෙන් ඉන්නෙ කියලා. අනික වැරැද්ද තමන්ගේ අතේ කියන්නත් ටේ දන්නවා. ඒ නිසා ආපහු මොකුත් නොකියා ටේ කට පියාගෙන කෑම කෑවා. අනික් අයත් ආපහු මොකුත් කියන්න ගියෙ නෑ.

විනාඩි පහලොවකට විතර පස්සේ හැමෝම කෑම කාලා ඉවර උනා.

Yoongi- Jungkook , එහෙනම් උබ ටේ එක්ක පලයන්, අපි කෙලින්ම shopping mole එකට යන්නම්.

Jungkook- හරි බන් එහෙම කරමු. එතකොට පරක්කු වෙන්නෙත් නෑනේ.

Mrs.Jeon- එහෙනම් පරිස්සමින් දෙන්නා ගිහිල්ලා එන්න.

Jungkook- හරි ඔම්මා. ඔයාලාත් පරිස්සමින්. ටේ ගිහිල්ලා වාහනේට නගින්න.

ටේ ඒකට ඔලුව වනලා ඉක්මනින් ගිහිල්ලා වාහනේට නැග්ගේ Jungkook ව තරහා ගස්සන්න ඕන නැති නිසයි.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now