CHAPTER 34

405 77 19
                                    

හැමෝම Jeon maison එකට යද්දි ජංග්කුක් විතරක් තනියම ගියේ ටිකක් නිදහසේ ඉන්න.

ජංග්කුක් කියන්නේ වගකීම් ගොඩකට මැදිඋන කෙනෙක්. ඒ වගේම ටේහියුන්ග් කියන්නේ ජංග්කුක් ගේ ලොකුම වගකීම. ඉතින් මේ ටේහියුන්ග් ගේ වෙනස් වීම ජංග්කුක්ට ගෙනාවේ ලොකු දුකක්. තමන් මෙච්චර මහන්සි වෙන්නෙ ටේහියුන්ග්ව ආරක්ශා කරන්න. ඒත් ටේහියුන්ග් මේ වෙනස් වීම ජංග්කුක්ට ගෙනාවේ කලකිරීමක්. ටේහියුන්ග් ගෙවුණු සති තුනේම ගොඩාක් බෝගම්ට ලංඋනා. ඒක ජංග්කුක්ට ඕනවට වඩා රිදුනා. ජංග්කුක් ටේහියුන්ග් ලගට පොඩ්ඩක් ලංවෙන්න හදද්දි ටේහියුන්ග් ජංග්කුක්ව මග ඇරලා යන විදිය , ජංග්කුක් ඉද්දි බෝගම් එක්ක හුරතල් වෙන විදිය. මේ හැම දේම ජංග්කුක්ව ගොඩාක් රිදෙව්වා.

පුහුණු වීම් කරපු තැන ඉදන් කිලෝමීටර් පහලොවක් විතර ඈතින් තිබුන පාක් එකකට ජංග්කුක් ආවා. පාක් එක ඇතුලට ගිහිල්ලා පාක් එක කෙළවරේ තිබුන බංකුවෙන් ඉද ගත්ත ජංග්කුක් ගෙවුණු මාසේ උන දේවල් එකින් එක කල්පනා කරා.



























































නොදැනීම දවල් වෙද්දි ජංග්කුක් එතනින් නැගිට්ටේ දෙයක් කරනවා  කරනවායි කියලා අදිශ්ටානයෙන්.

පාක් එකේ අයිනට වෙන්න තිබුන අයිස් ක්‍රිම් ට්‍රක් එකෙන් තමන්ට කන්න අයිස් ක්‍රිම් එකක් ගත්ත ජංග්කුක් දැක්කා පාක් එකේ කෙළවරට වෙන්න ඉන්න ළමයි කීප දෙනෙක්. බැලූ බැල්මට එයාලා අනාථ දරුවෝ වගේ පෙනුන නිසා ජංග්කුක් තව අයිස් ක්‍රිම් කීපයක් අරගෙන අර ලමයි ඉන්න තැනට ගියා.

Jungkook- හෙලෝ............

ජංග්කුක් ඒ ළමයින්ට කතා කරපු නිසා, ඒ ළමයි ජංග්කුක් දිහාවට හැරුනා.

Jungkook- ඔහ්හ්.... කොහොමද ඔයාලාට?

ඒත් ඒ ළමයි ජංග්කුක්ට නෙවෙයි අවදානේ දුන්නේ. ජංග්කුක් ගේ අතේ තියෙන අයිස් ක්‍රිම් වලට. ඒක දැකපු ජංග්කුක්ට හිනා ගියා.

Jungkook- ආ......... මේවා ගන්න. මේවා ඔයාලට තමා ගෙනාවේ.

ඒක කිව්වාම ඒ ළමයි ඇස් බෝල කරගෙන හුරතල් විදියට ජංග්කුක් දිහා බැලුවා. ඇත්තටම ඒ ළමයි ගොඩාක් හුරතල්. ඒ හුරතලේට ජංග්කුක් දිය වෙන්න වගේ ආවා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now