CHAPTER 25

629 99 25
                                    

At tae's room,

Jungkook තමන් නිසා මිනිස්සු මැරුවා කියලා දැනගත්තාම ටේට ලොකු තරහක් වගේම දුකකුත් ආවා. තමන්ගේ කාමරේට ඇවිල්ලා,   ඇදේ හාන්සි වෙලා  අද වෙච්චි දේවල් එකින් එක මතක් කරන කොට ටේට නොදැනුවත්වම ඇඩුනා. තමන්ට හංගපු දේවල් එක පාරටම දැන ගත්තහම ටෙට ලොකු ශොක් එකක් දැනුණා.

Jungkook ට බැනපු විදිය මතක් වෙනකොට , ජන්කුක් කලකිරීමෙන් වගේ ටේ දිහා බලලා කතා කරපුවා මතක් වෙනකොට ටේට නොදැනුවත්වම ඇඩුනේ ඒ වෙනකොටත් ටේ ජන්කුක්ට ආදරේ කරන්න අරන් තිබුන නිසා. දවස් පහකින් ජන්කුක් තමන්ව ඔහුට ආදරේ කරන්න පොලබ ගත්තා. පුංචි පුංචි හාදු, ටේට දාපු නික් නේම්ස් වගේ ගොඩාක් දේවල් වලට ටේ දැන හෝ නොදැන ආදරේ කරා.

Tae pov,

ඇයි ජංකූ........... ඇයි මාව අසරණ කරන්නේ. මට ඒ වෙලේ තරහා ගියා. මට සමාවෙන්න කුකී. මං වෙනුවෙන් මෙච්චර දේවල් කරා කියලා දන්නවා නම් , ඇත්තමයි මං ඔහොම කතා කරන්නේ නෑ හියුන්ග්.

ජන්කුක්ට බැන්න එක ගැන ටේ ගොඩාක් දුක් උනා. තමන් වෙනුවෙන් ජන්කුක් ගොඩාක් දේවල් කරලා තියෙන බව ටේට අමුතුවෙන් කියන්න ඕන නෑ. ටේ ගොඩාක් ඇඩුවා.

ඔව් දැන් ටේ පිළිගන්නවා එයා Jungkook ආදරෙයි කියලා. ටේට දැන් ඕන Jungkook එක්ක කතා කරලා සමාවගන්න.

Jungkook කියන්නේ ඊලග මාෆියා කින්ග් කියන එක දැන් ටේට අදාල නෑ. මොකද එයා දන්නවා Jungkook තමන්ට ඇත්තටම ආදරෙයි කියලා.  ඒ ටික ටේට හොදටම ඇති.






































වාහනේ drive කරන් ආව jungkook පාරේ අයිනට කරලා වාහනේ නැවැත්තුවා. Jungkook ගේ පස්සෙන් ආපු ජිමිනුත් වාහනේ jungkook ඉන්න තැනින්  නැවැත්තුවා.

Jimin- ඇයි නැවැත්තුවේ කුකී?

Jk- එදා උබ දැක්ක නිසා හොදයි අර voice recoder එක. නැත්තං මොනා වෙයිද? එහෙනම් අර ලී කාරයා ටේ ගැන ඔක්කොම දැන් ගන්නවා.

Flash back ,

එදා තමා Jungkook ලා 1st year student ලා රැග් කරපු දවස. එදා ටේ  එනකොට කාගේ හරි ඇගේ හැප්පුනා. අන්න ඒ වෙලාවේ තමා අර වොයිස් රෙකෝඩර් එක ටේට හයි කරන්නේ.  ඕක ජිමින් දකිනවා. දැකලා එදා තමා Jungkook ටේව කිස් කරනකොට ඒ ඇඳුමේ අලවලා තිබ්බ වොයිස් රෙකෝඩර් එක ගලවන්නේ. ඊට පස්සේ කාටවත් සැක නොහිතෙන්න තමයි ළමයින්ට කියලා ටේව ජූස් වලින් නාවන්නේ. මොකද Jungkook ගැන ඔත්තු බලන්න මිනිස්සුන්ව Mr.Lee දාලා හිටියේ.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now